Ads 468x60px

.

පාට පාට වවුලෙක්‌...

මෙම වවුලා රතු දත්ත පොතේ...

දුර්ලභ ගණයට අයත් මෙම වවුලා අනුරාධපුර විජයපුර රෝහණ මහතාගේ නිවස තුළ සිටියදී හමුවී ඇත. තැඹිලි සහ කළු පැහැයෙන් යුත් දිගින් අඩි 10 ක්‌ පමණ වන මෙම වවුලා 4 වැනිදා රාත්‍රි 10.00 ට පමණ රෝහණ මහතාගේ නිවසට පියාඹා පැමිණ ඇත. මෙම සත්ත්වයා අල්ලා ගැනීමෙන් පසු පලතුරු හා ජලය ආහාරයට ගත් අතර 6 වැනිදා අලුයම වන විට මියගොස්‌ ඇත.

පේන්ටඩ් බැට්‌ (PAINTED BAT) (KERI VOULA PICTA) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන වවුල් විශේෂයද අනුරාධපුරින් හමුවූ වවුලාට බොහෝ සෙයින් සමානකමක්‌ දක්‌වයි.


මෙම (PAINTED BAT) වවුල් විශේෂය ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, චිනය සහ ඉන්දුනීසියාව යන රටවල ජීවත් වේ.

දිවා කාලයේදී කෙසෙල් පත්‍ර අතර සැඟවී කාලය ගත කරන මෙම වවුලා රාත්‍රි කාලයේදී ආහාර සොයා සැරි සරයි. ක්‍ෂීරපායී ගණයට අයත් වන මෙම සත්ත්වයා තර්ජනයන්ට ලක්‌වී ඇති සත්ත්වයන් පිළිබඳව පළවී ඇති රතු දත්ත පොතේ (Red Data Book) අවම තර්ජනයන්ට ලක්‌ව ඇති සත්ව කාණ්‌ඩයට අයත් වේ.
 
Related Posts with Thumbnails