Ads 468x60px

.

ඉඟිනියාගල පොලීසියේ ඕ.අයි.සී. අසිතගේ ගුද මාර්ගය තුලට බියර් බෝතලයක් ඇතුලු කරලා..

එතරම් පහත් විනෝදයක් ලැබීමට තරම් ඉගිනියාගල ඕඅයිසී මානසික රෝගියෙක්

එපා කියද්දී හත්දවසේ දානයට ලෑස්ති වෙයන් කියා, සොහොයුරිය පන්නාගෙන...

මේ වන විට, අම්පාර මහා රෝහලේ, බන්ධනාගාර නිලධාරීන් බාරයේ ප්‍රතිකාර ලබන තිස්තුන් හැවිරිදි ලංකාමුනි ආරච්චිලාගේ අසිත ශ්‍රී දේවානන්ද අවිවාහකයෙකි.

2002 වසරේ සිට මානසික රෝගී තත්වයෙන් පසුවන මොහුව, 2013/04/28 ඉරිදා, උදේ 9.30 පමණ ඉඟිනියාගල පොලීසියේ පොලු මුගුරු රැගත් දහ පහලොස් දෙනෙකු විසින් වටකර අල්ලා - අමානුෂික ලෙස පහර දී තිබේ. එසේ පහර දීමෙන් පසුව ඉඟිනියාගල පොලීසියට
ගෙනවිත් පොලු මුගුරු වලින් යලිත් පහර දී, රථවාහන බැටරියකින් කකුලට ගසා, කකුල කඩා දමා තිබේ.

ඉන්පසු ඔහුගේ ගුද මාර්ගය තුලට බියර් බෝතලයක් ඇතුලු කර පහත් විනෝදයක් ලැබීමට තරම් ඉගිනියාගල ඕ අයි සී මානසික රෝගියෙක් බවට පත් වී තිබේ.


බරපතල තුවාල ලැබ සිහිසුන් තත්වයට පත්වීමෙන් පසුව ඉඟිනියාගල රෝහලට ගෙන ගොස් තිබේ. ඉඟිනියාගල රෝහල මොහුගේ තත්වය බරපතල බැවින් අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇත.


තවමත් ඔහු අම්පාර මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මානසික රෝගයට ද ප්‍රතිකාර ලබා දීම සිදු කරයි. මෙම විස්තර ප්‍රකාශ කරන්නේ ඔහුගේ මව වන, හැට හතර හැවිරිදි විජේමුනි ආරච්චිලාගේ මිසි නෝනාය.


පස් දරු මවක් වන ඇය - මානසික රෝගී තත්වයෙන් පෙලෙන තම පුතාට පහර දුන් පොලිස් නිලධාරීන් අතර, ඉඟිනියාගල පොලිස් ස්ථානාධිපති ඩයස්, සැරයන් රත්නවීර හා තිලකරත්න යන අය සිටි බව ප්‍රකාශ කළේය.


මේ ආකාරයටම 2009 මැයි 02 වන දින තම පුතාට ඉඟිනියාගල, පොලීසිය පාර දිගේ ඇදගෙන යමින් පහර දුන් බව ඇය වැඩිදුරටත් කියා සිටියේය.


ඒ පිළිබඳව ජනාධිපතිට පවා පැමිණිලි කළ බවත් එයින් කිසිදු ප්‍රතිඵලයක් නොලැබුන බවත් ප්‍රකාශ කරන ඇය - 2013
අප්‍රේල් 28 ඉරිදා, තම පුතාව වටකර පහර දීම සම්බන්ධයෙන් අම්පාර සහකාර පොලිස් අධිකාරීවරයා හමු වී සිදුවන්නට යන අපරාධය වලක්වාලන ලෙසට ඔහුගේ සොහොයුරියක් ඉල්ලා සිටියදී -  ඔහු, හත්දවසේ දානයට ලෑස්ති වෙයන් කියා, ඇයව පන්නාගෙන ඇති බව කියා සිටියේය.

මෙම සිද්ධිය මේ වන විට ඔවුන්,
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයාට හා මානව හිමිකම් කොමිෂමෙ අම්පාර කාර්යාලයට පැමිණිලි කර ඇත.
2013/05/04 වන දින
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයා පැමිණෙන බවත්, නිවැසියන්ට නිවසින් පිට නොගොස්  රැඳී සිටින්නට උපදෙස් ලැබුන බවත්, එහෙත් කිසිවෙකුත් පැමිණියේ නැති බවත් ඇය වැඩිදුරටත් කියා සිටියේය.

ඉඟිනියාගල පොලීසියේ ස්ථානාධිපති ඩයස්,  ජනාධිපති රාජපක්ෂගේ පූර්ණ ආවරණය හා අනුග්‍රහය යටතේ සිටින්නෙකු බව ප්‍රකාශ වේ. ඔහු මීට පෙර පොලීසියේ සැරයන්
වරයෙකුට අමානුෂික ලෙසට පහර දී ඇත. ඒ පිලිබඳව මේ වන විටද කිසිදු නීතිමය පියවරක් ගෙන නැ.

කකුල් දෙකම කඩා දැමු අසිතගේ හොස්පිටල් එකේදී හොරෙන් ගත්තු වීඩියෝ එක මෙන්න 

 
Related Posts with Thumbnails