Ads 468x60px

.

අධිකරණ වෛද්‍ය නිලධාරීන් පගාවට යට වීම...

අධිකරණ වෛද්‍ය වෘත්තිය අතීතයේ ගරුත්වක් සහිතව ක්‍රියාත්මක වුවද මේ වන විට අධිකරණ වෛද්‍ය නිලධාරීන් දේශපාලකයන්ගේ   එහෙයියන් වීමද අත යට වාසි වෙනුවෙන් ඇත්ත නැත්ත කිරීමටද පෙළඹී සිටින බව බොහෝ විට පෙනී යයි. 

පසුගිය කාලයේ මෛත්‍රීපාල සිරිසේන ගේ පුත්‍රයා වූ දහම් සිරිසේන සහ මිතුරන් බීමතින් හෙළුව පෙන්වා නැගෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ පුතකුට පහරදීම සම්බන්ද සිදුවීමේදී අධිකරණ වෛද්‍ය නිලධාරීයා විසින් දහම් සිරිසේන අදාල සිදුවිම වූ අවස්ථාවේදී  මත්පැන් නොබී සිටි බවට වියාජ වාර්තාවක් දෙන ලදී. 

අලුත්ම සිදුවීම වාර්තා වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්දයෙනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් පුද්ගල ඝාතනයයේ 11 වැනි සැකකරු වන දුමින්ද සිල්වා
මොළයට සිදුවී ඇති බරපතල තුවාලවල අසාධ්‍ය තත්වයකින් සිටින බවට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාගේ වාර්තා මගින්   නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් උසාවියට දැනුම් දෙන ලදී. 

මේ අනුව දුමින්දට ඇප ලැබුණි. උසාවියෙන් ඇප ලබාගත විගස   දෙපයින් සිටගත් දුමින්ද සිල්වා කොළඹ ලුම්පන් කොටස් වල ජය ගෝෂා මධ්‍යයේ සිනාසෙමින් ආශීර්වාද ලබා ගැනීම පිණිස ජනධිපතිවරයා හමු වීමට ගියේය. දුමින්ද සිල්වා හාස්කමකින් සුව වූ බව ඔහුගේ පවුලේ උදවිය කියති. 

දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට ඇප ලබාදීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා විසින් අසත්‍ය අධිකරණ වාර්තාවක් ඉදිරිපත් කළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය  චෝදනා  කරන්නීය. 

අධිකරණ වෛද්‍ය වෘත්තියේ ගරුත්වය හා විශ්වාසය නැති වන මෙවැනි සිදුවීම් අනාගතයේද සිදුවනු ඒ කාන්තය. අධිකරණ වෛද්‍ය නිලධාරීන් පගාවට යට වන රටක අපට ඇසීමට ඇත්තේ කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් කියා පමණක් නොව  කුමට එරට අධිකරණ  වෛද්‍යවරුන් ද වශයෙනි.   

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails