Ads 468x60px

.

වව්නියාවේ මව දියණියන් තුන් දෙනා ළිඳට දැමූ හේතුව.(Video)

වව්නියාව තාන්ඩිකුලම් ප‍්‍රදේශයේ මවක් විසින් තම දියණියන් තුන් දෙනා ළිඳකට දමා තමන්ද සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය පිළිබඳ මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

මෙම මව විසින් මුලින්ම දැරියන් තුන් දෙනා ළිඳට දමා තිබිණ.  ඔවුන් තිදෙනාගේම ජීවිත එහිදී අහිමි වූ අතර, ඒ නොදරුවන් වයස අවුරුදු පහමාරක, දෙකහමාරක සහ වයස අවුරුදු එකහමාරක දැරියන් තුන් දෙනෙකි.

දැරියන් ළිඳට දැමීමෙන් පසු මවද සියදිවි නසා ගැනීම සඳහා ළිඳට පැන ඇතත්, ප‍්‍රදේශවාසීන් ඇය බේරාගෙන තිබෙනවා.මෙම සිද්ධිය සිදුවී ඇත්තේ 17 දා උදෑසන 8.30 ට පමණය.

මියගිය දියණියන් තුන්දෙනා ලදුර්ෂිකා (අවු.6), සුදර්ශිකා (අවු. 2 1/2), සම්ෂිකා (අවු. 1 1/2) වශයෙන් හඳුනාගෙන තිබේ. දැරියන් තුන්දෙනා ළිඳට තල්ලු කළ කාන්තාව අවුරුදු 34 ක අයකු බව පොලිසිය ප්‍රකාශ කරයි. මේ වන විට ඇය ප්‍රතිකාර සඳහා වවුනියාව මහරෝහලට ඇතුළත් කොට තිබේ.

තාණ්‌ඩිකුලම් ගම්මානයේ වැසියන් ප්‍රකාශ කරන අන්දමට මෙම කාන්තාව නිතර නිතර උමතුවෙන් දොඩවන කාන්තාවකි. ඇයගේ ස්‌වාමිපුරුෂයා වෙන්ව ජීවත්වන අතර ඔහු ඉඳහිට මෙම නිවසට පැමිණෙන බව ද ප්‍රදේශවාසීහු පවසති.

දැරියන් තුන්දෙනා ළිඳට තල්ලු කිරීමට හේතුව මෙතෙක්‌ අනාවරණය වී නැත. ඇයට දරුවන් පස් දෙනෙකු සිටින අතර වැඩිමහල් පිරිමි දරුවා සිද්ධිය වන අවස්ථාවේ පාසල් ගොස් සිටි අතර  තවත් දරුවෙකු තම සීයාගේ රැකවරණයේ සිටි  බව වාර්තා
වෙනවා.

මෙම කාන්තාවගේ සැමියා ඇය අතහැර ගොස් ඇති අතර, ආර්ථික දුෂ්කරතා නිසා මෙලෙස දියණියන් සමග සියදිවි නසා ගැනීමට ඇය උත්සාහ කරන්නට ඇති බව  ප‍්‍රදේශවාසියෙකු කියා සිටියේය.



 
Related Posts with Thumbnails