Ads 468x60px

.

පාසලේ සීනුව නාද කිරීමේ යකඩ කූර සිසුවෙකුගේ හිස තුළට කිඳා බැහැලා...(පින්තුර)

ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට..

සීගිරිය දිගම් පතහ කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ඉශාර මධුසංක ශිෂ්‍යාගේ හිසෙහි ඇනී තිබූ යකඩ කූරත් සමග රෝහල් ගතකර තිබෙනවා.

පාසලේ අවසාන කාල පරිචේදය අවසන් වීමට අවශ්‍ය නාදය නිකුත් කිරීම සඳහා සිසුවෙකු යකඩ කූරකින් තවත් යකඩයකට තට්ටු කර ඇත. සීනුවක් හෝ වෙනත් දියුනු ක්‍රමයක් භාවිතා නොකරන එම පාසලේ කාල පරිච්චේද දැන්වීම සඳහා නාද නිකුත් කරන්නේ එම ආකාරයටය.

කෙසේ නමුත් සිසුවා අතේ තිබූ යකඩ කූර ගිලිහී ගොස් වෙනත් සිසුවෙකුගේ හිසෙහි වැදී ඇත. එය අගල් දෙකක් පමණ හිස තුළට කිඳා බැස
තිබෙනවා.

පසුව පාසල් සිසුන් හා ගුරුවරුන් එකව එම සිසුවා යකඩ කූරද හිසෙහි තිබියදීම දඹුල්ල රෝහලට රැගෙන විත්
තිබෙනවා.

රෝහලේදී සිදුකළ සැත්කමකින් යකඩ කූර ඉවත් කර වෙනත් පරීක්ෂණ කටයතු සඳහා සහ ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරුකර යවා
තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ යකඩ කූර තිබියදීම දරුවා රෝහලට ගෙන ඒමෙන් ඔහුගේ ජීවිතය බෙරාගැනීමට තිබූ අවදානමෙන් 50%කටත් වඩා අඩුවූ බවයි.


 
Related Posts with Thumbnails