Ads 468x60px

.

Yahoo ඩො:බිලියන 1.1කට Tumbelr මිලට ගනී

මිනිසුන්ට බ්ලොග්ස් සහ පිංතූර පල කිරීමට සහය...

Yahoo අධ්‍යක්ෂක මණ්ඩලය ඩොලර් බිලියන 1.1කට Tumblr මිලදී ගැනීමේ ගනුදෙනුව අනුමත කර ඇත. නමුත් Tumblr පාලකයින් මෙයට එකගද නැතිද යන්න තවම හෙලිවී නැත.

ගනුදෙනුව සිදු වූවද Tumblr නිදහස් ව්‍යාපාරයක් ලෙස දිගටම කි‍්‍රයා කරනු ඇත. wall streat Journal වාර්තා කල ඇති පරිදි මෙයට අදාල රැස්වීම පවත්වා ඇත්තේ පසුගිය සිකුරාදා දුරකථන මාර්ගයෙනි.

2007 දී ආරම්භ කළ Tumblr ඉතා කෙටි කලකින් සාර්ථකත්වයට ලගා වූයේ මිනිසුන්ට බ්ලොග්ස් සහ පිංතූර පල කිරීමට සහය සපයමිනි. අනික  මිනිසුන් Tumblr හරහා ලූහුබැද යාමටත්, යාවත්කාලීන තොරතුරු ලබාදීමත් පහසු කරවන වෙබ් අඩවියකි.


සපයන සේවාවේ ගුණාත්මක හා ආකර්ෂණිය බව පසුගිය මාර්තු මාසයේ මිලියන 117ක පාරිභෝගිකයන් සංඛ්‍යාවක් සිටීමෙන් පෙනියනු ඇත. comScore වාර්තා වන් හී පසුගිය වසරේ එම සංඛ්‍යාව වූයේ මිලියන 58කි. මෙම ගනුදෙනුවෙන් Yahoo විශාල ග‍්‍රාහකයින් පිරිසක් සහිත සමාජ ජාලයක් හිමිකර ගැනීමට බලාපොරොත්තු වේ.

එනමුත් මෙම සමාජ ජාලය විශාල ලාභ උපදවන්නක් නම් නොවනු ඇති බව පැවසේ. එහි පළකල වෙළෙද දැන්වීම් මගින් මිලියන 13ක ආදායමක් පසුගිය වසරේ ලැබි ඇත. මෙමගින් බ්ලොගින් වෙබ් අඩවි ලව්වා දැන්වීම් තුලින් මුදල් ඉපයවීමට Yahoo අදහස් කර සිටී.

Yahoo හී නව ප‍්‍රධානී මරිස්සා මේයර් මාස කිහිපයක සිට ඔමපඉකර පිළිබදව අවදානයෙන් පසුවුනු බව පැවසීය. ඇය මෙබදු කුඩා ආයතන ගැනම පමණක් උනන්දුවීම පිළිබදව කතා බහක්ද ඇතිවී ඇත. 2011 සරත් ඉර්තුවේ දී Tumblr ඩොලර් මිලියන 800කට තක්සේරු කෙරින. 


එසේම yahoo සතු Flickr පිංතූර හුවමාරු වෙබ් අඩවියේ මේ පිලිබදව නවතතම තොරතුරු පල කිරීමට නියමිතව ඇත.
 
Related Posts with Thumbnails