Ads 468x60px

.

ජාතික හෙළ උරුමය රණවිරු සැමරුම විස්තරය - ඡායාරූප - හඬපට.

සංක්ෂිප්ත සටහනක්

ආණ්ඩුව අභ්‍යන්තරයේ ගැටුම් උග්‍ර බව පෙන්වමින් 2014දී තමන් ආණ්ඩු පිහිටුවන බවට විපක්ෂ නායකයා ප්‍රකාශ කරන බවත්, දෙමළ සන්ධානය මුස්ලිම් කොංග්‍රසය එක්සත් ජාතික පක්ෂය ඇතුළත් මහා සන්ධානයක් ගොඩනගන බවට විපක්ෂය පාරම්බාන බවත්, කොහේදෝ සිට නැවත මතුවූ ජනාධිපතිවරිය, නැවත වතාවක් සිංහල බෞද්ධයින්ට තඩිබෑමට පටන්ගෙන ඇති බවත්,  කෙසේ වෙතත් ඊළඟ අවස්ථාවේදීත් මේ රටේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණය තීරණය කරනු ලබන්නේ ජාතික බලවේගය විසින් බවත් ජාතික හෙළ උරුමය විසින් පසුගිය මැයි 18දා කොළඹදී පවත්වන ලද රණවිරු සැමරුම් උළෙලේදී අවධාරණය කෙරිණි. 


62%ක් 1994දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ලබාගෙන, ජනාධිපතිවී ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කිරීමට වෙර දැරූ බවත්, ඊළඟට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට 1999 ජනපතිවරණයේදී මත්වී ක්‍රියාකළ බවත්, එම උත්සාහයන් දෙකම ජාතිමාමක බලවේග විසින් පරාජය කරන ලද බවත් ඇයට මතක්කර දීමට කැමති බව ජාතික හෙළ උරුමය රණවිරු සැමරුම් උළෙලේදී ප්‍රකාශ කෙරිණි. 

එමෙන්ම, ඇමරිකාව, යුරෝපා සංගමය, නෝර්වේ වල ආධාරයෙන්, ඉන්දියාවේ අනුග්‍රහයෙන් රට දෙකඩ කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගත් උත්සාහය 2004දී පරාජය කරන ලද්දේද ජාතිමාමක බලවේගය විසින් බවත්, ජනතා විමුක්ති පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයක් මගින් රට අවුල් කිරීමට දැරූ අවස්ථාවාදී උත්සාහයේදීද රටේ ජාතික ව්‍යාපාරය විසින් එය පරාජය කළ බවත්, චන්ද්‍රිකා විසින් ප්‍රභාකරන්ට ලබාදීමට උත්සාහ කළ සුනාමි සහන මණ්ඩලය වැනි ද්‍රෝහී පනත් පරාජය කළේ ජාතික බලවේග විසින් මහපොළොවේ සිදුකළ උද්ඝෝෂණවලින් බවත් සියලු දෙනා මතකතබා ගත යුතු බවද එහිදී අවධාරණය කෙරිණි. 

පළාත් සභා අහෝසි කිරීම සඳහා පනතක් පාර්ලිමේන්තුවට ගෙනඑන බවත්, පළාත් සභා විරෝධී සටන මහ පාරට ගෙනයන බවත් ජාතික හෙළ උරුමය තවදුරටත් අවධාරණය කළේය. ජාතික හෙළ උරුමයේ සභාපති පූජ්‍ය අතුරලියේ රතන හිමිපාණන්, මහලේකම් පාඨලී චම්පික රණවක සහ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රීවර්ණසිංහ යන අය දේශන පැවැත්විය.

ඡායාරූප මේ සමග අමුණා ඇත.
පහතින් දැක්වෙන සබැඳි ඔස්සේ දේශනවලට සවන්දිය හැකිය.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාගේ හඬපටය
http://vocaroo.com/i/s1BZ9JWWBfYs

පූජ්‍ය අතුරලියේ රතන හිමිපාණන්ගේ හඬපටය
http://vocaroo.com/i/s1slkVRGePXC

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ හඬපටය
http://vocaroo.com/i/s1IbSrL2W9V7


 
Related Posts with Thumbnails