Ads 468x60px

.

මීට වඩා හොඳයි කාන්තා ඇමැතිකම ලැබුණා නම්: අඩු ගාණෙ ගැහැනුන්ගෙ මූණු බල බලාවත් ඉන්න.

මං අද මෙතැන ඉන්නෙ ගමේ පොඩි එකාට පින් සිද්ධ වෙන්න...

මීට වඩා හොඳයි ඇමැති වෙලා අර තිස්ස කරලියද්දගෙ කාන්තා කාර්යාංශයට ගියා නම්. අඩු ගාණෙ එතැන ඉන්න කාන්තාවන්ගෙ මූණු ටික බල බලාවත් ඉන්න තිබුණා. 

ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා එසේ පැවැසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාවේදී දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන්ගේ ක්‍රියා කලාපයට දැඩි විරෝධයක් පාමින් ඉතා නිර්දය ලෙස වෘත්තීය සමිති නියෝජිතයන් විවේචනය කරමින් කළ කතාව නිසා සාකච්ඡාවේ ඉතා දැඩි උණුසුම් ස්වභාවයක් මතුවුනා.

මෙහිදී තවදුරටත් කතා කළ අමාත්‍ය වෙල්ගම මහතා මෙසේද පැවසුවා.


මේගොල්ලන්ගෙ තියෙන්නෙ කුහකකම. ඕගොල්ලො තමයි සැරින් සැරේ වැටුප් කොමිසමට ගිහින් මේවා කිව්වෙ. බාධා දැම්මෙ. හය පාස් කරපු ගමේ එකාට එන්න බැරිවෙන්න NVQ එකකුත් දාලා ඕගොල්ලො හැදුවේ වැටුප් වැඩිකරගන්න.

ඕගොල්ලො මෙතැනට ආවෙ 4ට පාස්වෙලා. එහෙම ඇවිල්ලා වැටුප් කොමිසමට තොරතුරු දීලා හයයි හතරක් එක්ක NVQ බැරියර් එකක් දැම්මා. ඕගොල්ලො විතරද මෙතැන වැඩ කරන්න ඕනෑ. විටින් එන අයට මෙතැනට එන්න බැරිද?


මම කැමැති නෑ ගමේ ජේමිස් අයියගෙ පුතාට මෙතැනට එන්න බැරි වෙන්න පාර කපනවට. මං ඒකට විරුද්ධයි. කරුණාකරලා මං ඉල්ලා සිටින්නේ ගමේ එකාටත් එන්න ඉඩ දෙන්න. මොකද මං අද මෙතැන ඉන්නෙ ගමේ පොඩි එකාට පින් සිද්ධ වෙන්න. මං ඒ ගමේ මිනිහට අත් දෙක උස්සලා වඳිනවා.

වෘත්තීය සමිති ඔහොම තමයි හැමදාම කළේ. තමන්ගෙ දේ කොහොමහරි කරගන්න එක. දුම්රිය දෙපාර්තමේන්තුවෙන් පිට එකෙකුට මෙතැනට එන්න බැරිවෙන විදියට තමයි හැමදාම වැඩ කෙරුවේ. මං ඒකට කැමැති නෑ. දැන්වත් ඒක වෙනස් වෙන්න ඕනෑ.

මමත් පාර්ලිමේන්තුවෙ අවුරුදු තිස් ගාණක් හිටියා. මම මෙච්චර වෙලා සද්ද නැතුව ඕගොල්ලන්ගෙ කතා අහගෙන හිටියා. ඒ කතාවලින් මම එක දෙයක් තේරුම් ගත්තා. ඒ ඕගොල්ලො හරි කුහකයි කියලා. කපටියි කියලා.

දැන් කම්පියුටර් තාක්‍ෂණයක් ගැන කිව්වා. ගමේ එකාටත් කම්පියුටර් ඉගෙනගෙන මෙතැනට එන්න බැරිද? ඒ කාටත් පුළුවන් වෙන්න ඕනෑ. මං ලේකම්ගෙන් වෙලාවක් අරගෙන දෙන්නම්. ගිහින් ලේකම් එක්ක කතා කරගන්න.

මේ ප්‍රශ්නෙ විසඳුවේ නැත්නම් කරන දේ ගැන ඕගොල්ලො මෙතැන දැන් කිව්වා. ගිහින් ඒ කියපු දේවල් කරන්න. ඊට කලින් ගමේ එකාටත් මෙතැනට එන්න හදලා දෙන්න. මේක ඊර්ෂ්‍යාව, කේ‍රා්ධය තියෙන ආයතනයක්. පඩියක් හම්බවෙන ගමන්, අන්තිමට පෙන්ෂන් එකත් හම්බවෙනවා. ඉතින් තවත් මොනවද?


අංක 06-2006 වැටුප් චක්‍රලේඛය මඟින් දුම්රිය සේවකයන්ට ඇතිවූ වැටුප් ගැටලුවත්, දුම්රිය සේවකයන්ට 2 වැනි පන්තියේ දුම්රිය නිවාඩු ගමන් බලපත්‍ර ලබාදුන් ආකාරය ගැනත් ප්‍රාථමික ශේ‍ර්ණියේ pl 01-02 හා 03 සේවකයන්ට පළමුවැනි පන්තියේ දුම්රිය නිවාඩු ගමන් බලපත්‍ර ලබා ගැනීමටත්, දුම්රිය ගැල් හා මැදිරි පරීක්‍ෂණ හතර ඉවත් කිරීමත්, MT-1 හා MT-2 වැටුප් ප්‍රශ්නත් ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගෙන මේ සාකච්ඡාව කැඳවා තිබුනා.
 
Related Posts with Thumbnails