Ads 468x60px

.

සැප්තැම්බර් 17 කතරගම දෙවියො පේන්න එනවා කියලා කියන කතාව ඇත්තක්ද?

කතරගම පුදබිමේ බැතිමතුන්ගෙන් අඩුවක් නෑ... ඒ හැම කෙනෙක්ම එන්නේ දෙවියන් ගැන තියෙන අපමණ භක්තියකින්.... ඒ දෙවියෝ, තමන් හමුවට එන යහපත් බැතිමතාට කවදාවත් පිටුපාන්නේ නෑ...

මේ මෑතක ඉඳලා රටේ හැම තැනම කතාබහක් ඇතිවෙලා තියෙනවා කතරගම දෙවින් දාහත්වැනිදා දෘශ්‍යමාන වෙනවා කියලා.... 

ලංකාවේ ප්‍රකට ජ්‍යෝතිර්වේදියකු වන මංජුල පීරිස් මහතා පැවැසූ අනාවැකියක් විදියට සැලකෙන මේ ප්‍රාතිහාර්යය දෙනෙතින් දකින්න යන්න දැන් වෙද්දි ලංකාව වටේම බැතිමත් පිරිස් දින වෙන් කරගෙන.

එහෙම දේවල් වෙන්න පුළුවන්ද.මේ ගැන හරියටම දන්නේ කතරගම දේවාලේ ප්‍රධාන කපු මහත්තයා. ඒ ගැන සොමිපාල රත්නායක මහත්තයා මව්බිම පුවත් පත සමඟ කළ කතාබහක් පහතින්.


ඉතින් රත්නායක මහත්තයා දෙවියෝ එහෙම මැඩම කරනවද?

 
මං හිතන්නේ එයා මීට ඉස්සරත් දවස් ගාණක් එහෙම කිව්වා... ඔය කියපු දවසක අපේ ඥාති කට්ටියක් මහනුවර ඉඳලා ආවා... ආවේ දෙවි හාමුදුරුවෝ දකින්න... පහන් එහෙම පත්තු කරගෙන බලාගෙන.

හිටියා ඒත් දැකලා නෑ...

එහෙම දේවල් වෙන්න පුළුවන්ද....

 
දැන් ඔය කියන දවස දාහත්වැනිදා අඟහරුවාදා දවසක්... එදා කියන්නේ... කතරගම දෙවියන්ගේ දවස අඟහරුවාදා... එදාට විශේෂයෙන් පුද පූජා පවත්වනවා දෙවියෝ නමට... ඒ වගේ දවසක් තමයි ඔය කියන දාහත්වැනිදාත්... 


කොහොම වුණත් මේක ගැන හරියටම කියන්න පුළුවන් එදාට එන බැතිමතුන්ගෙන් අහලයි... ඒ අයගෙන් අහලා බලන්න ඕනේ දෙවිහාමුදුරුවෝ දැක්කද කියලා.... එහෙම නැතිව අපට එහෙම දෙයක් කියන්න බෑ... අනෙක මම ඕක ගැන කියන්න දන්නේ නෑ....

එහෙම කතරගම දෙවියෝ දෘශ්‍යමාන වෙච්ච අය ඉන්නවද රත්නායක මහත්තයා...

 
සමහරු එහෙම කියන වෙලාවල් තියෙනවා... ඒත් අපට නම් එහෙම දෘශ්‍යමාන වෙලා නෑ... ඒ වුණාට දුටුගැමුණු රජ්ජුරුවන්ට කතරගම දෙවියෝ දාශ්‍යමාන වුණානේ.. 


එතකොට නම් අපේ අයට... ඒ කියන්නේ තේවය කපුගොල්ලන්ටයි මහ බෙත්මෙටයි එක පාරක් කතරගම දෙවියෝ දෘශ්‍යමාන වෙලා තියෙනවා. අධිරාජ්‍යවාදීන්ගේ කාලෙදි....

ඒ මොන හේතුවක් නිසාද...

 
පෙරහර නවත්වන්න වෙලා... ඒ ගමන මේ ගැන සාකච්ඡා මට්ටමේ යද්දී මාගම දුරාවේ නිධන්ගලදි කතරගම දෙවියෝ දෘශ්‍යමාන වෙලා කියලා තියෙනවා මං උඹලට වරමක් දෙන්නම් කියලා...

මොකක්ද වරම...

 
තේවය කපුගොල්ලයි, මහබෙත්මෙයි තමයි ඉඳලා තියෙන්නේ.... වරම තමයි "උඹලා පෙරහර නවත්තන්න එපා... මං උඹලට ඕනෙ කරන හැමදෙයක්ම හතර දිග්භාගෙන් ගෙනත් දෙන්නම්... උඹලා ඇසළ පූජාව පටන් ගනිල්ලා... 


වෙන කාලවල වගේම හතර දිග්භාගෙන් පැමිණෙන බැතිමතුන්ගෙන් මං උඹලට පූජාවට ඕනේ කරන දේ අරගෙන දෙනවා වගේම උඹලා පූජාව ඉවර වෙලා මට මුරුතැන් පූජාව කරලා, හක් ගෙඩි පිඹලා, එහෙම සමාව ගන්නවනේ... 

අත්වැරැද්දක්, පා වැරැද්දක්, කට වැරැද්දක් වුණානම් ඔබ වහන්සේට මේ පූජෝපහාර පවත්වලා කරන පින අයිතිවෙලා..... සමාවෙන්න දෙවි හාමුදුරුවනේ කියන කොට..... මේ හතර දිග්භාගෙන් ඇවිත් ඉන්න බැතිමතුන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්න" කියලා කතරගම දෙවියෝ වරම් දුන්නා...

එතැනට එන හැම බැතිමතුන්ටම...?

 
ඔව්... ඒ එක තැනක් තමයි කතරගම දෙවියෝ දෘශ්‍යමාන වුණා කියන....

එහෙම ජ්‍යෝතිෂයට අනුව හරියටම කියන්න පුළුවන්ද රත්නායක මහත්මයා හරියට අහවල් දවසට උන්නාන්සේ පෙනී ඉන්නවා... දෘශ්‍යමාන වෙනවා... වඩම්මනවා කියලා...

ඒක ගැන නම් මට හරියට කියන්න බෑ... මොකද මං ඒ ගැන ප්‍රවීණයෙක් නෙවෙයි. හැබැයි ඉතින් මේ තාක්කල් අපි එහෙම අහලා නම් නෑ... ඕක හරියටම දැනගන්න පුළුවන් ඒ එන බැතිමතුන්ගෙන්ම තමයි... ඒ අය තමයි දන්නේ මේ මොකක්ද කියලා...
 
Related Posts with Thumbnails