Ads 468x60px

.

‍ෆේස් බුක් එකේ චේතනා රණසිංහව හිතවතියක් හැටියට එකතු කරගන්න බැරි හේතුව...

යොවුන් ගායිකා චේතනා රණසිංහත් නිතර නිතර Facebook පරිහරණය කරනව කියලා අපට ආරංචි වුණා. 

ඉතින් අපිත් ගියා Facebook පැත්තේ රවුමක් චේතනා ගැන සොයා බලන්න. ඔන්න අපිට දැන ගන්නට ලැබුණු හැටියදැන් චේතනාට Facebook හිතවතුන් පිරිස පන්දාහ ඉක්මවලාලු. 

ඒ නිසා දැන් ඇයව හිතවතියක් හැටියට එකතු කරගන්න යන අයට එය  කරන්න බෑලු. ඒ Facebook හිතවතුන්ගේ සීමාව ඉක්මවා ඇති නිසාලු.


චේතනා බිපොෂ් විදුහල් රඟහ‍ලේ පැවැත්වූ ඇගේ ප්‍රසංගය DVD මගින් එළිදක්වන්නත් මේ දිනවල කටයුතු කරගෙන යන බවත් ආරංචියි. 

චේතනාගේ Facebook මිතුරු පිරිස පන්දාහ ඉක්ම වුවත් යොවුන් නිළි ශේෂාද්‍රිගේ වාර්තාව තවමත් පෙරමුණේයි. ඒ ශේෂාද්‍රිගේ Facebook ගිණුම් දෙකේම මිතුරු පිරිස දසදහස ඉක්මවා ඇති නිසයි.


චේතනා රණසිංහ පිළිබඳ සම්පුර්ණ විස්තරයක් පහතින්.

මෑත කාලීනව ශ්‍රී ලාංකීය ගායන ක්ෂේත්‍රයට එක්වුණු නවක ගායන ශිල්පිණියක් හැටියට චේතනා රණසිංහ ගායන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව උදාකරගන්නේ යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර - දෙරණ ඩ්‍රීම් ස්ටාර් පළමු අදියරේ තරගාවලිය ඔස්සේයි. 

මේ වනවිට ඇය ඇගේම ගීත නිර්මාණ කිහිපයක් ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් වෙත ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ඇය පසුගියදා ඇය කොළඹ බිපොෂ් විද්‍යාලයේ දී සිය පළමු සංගීත ප්‍රසංගයද පැවැත්වුවා.

මේ චේතනා රණසිංහත් සමඟ කල කතාබහක්...

චේතනා, ඉතින් කොහොමද ජීවිතේ?
කාර්යයබහුලව ගතවුණු කාලයකින් පස්සේ ටිකක් විවේකීව ඉන්නවා. සංගීත වැඩ කටයුතුත් දිගටම කරගෙන යනවා.

මේ වනවිට ගායන ක්ෂේත්‍රය ඔබ ඔබේ වෘත්තීය ලෙස තෝරාගෙන තිබෙනවාද?
නැහැ. ඇත්තටම ගායනය මගේ වෘත්තිය නෙමෙයි. මම තවම ඉගෙන ගන්න කෙනෙක්. මම පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. දැන් විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. 


ජනමාධ්‍ය අංශයෙන් ඉදිරියේ දී අධ්‍යාපනය හදාරන්නයි බලාපොරොත්තුව. සංගීත ක්ෂේත්‍රය අතහරින්නේ නෑ. ඒ කටයුතු අතරම මගේ ඉගෙනීමෙ කටයුතුවලත් නිරතවෙනවා.

ඔබ වෘත්තීය වශයෙන් ‍තෝරාගැනීමට බලාපොරොත්තු වෙන්නේ කුමන ක්ෂේත්‍රයද?
ජනමාධ්‍ය ක්ෂේත්‍රය. නිවේදිකාවක් විදිහට වගේම අධ්‍යක්ෂණය, නිෂ්පාදන කටයුතුවලටත් මම ගොඩක් කැමතියි. ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙන් එවැනි දුරකට යන්න බලාපොරොත්තු වෙනවා.

ඔබ ගායන ක්ෂේත්‍රයට පිවිසීමට තීරණය කළේ ඇයි?
පුංචි කාලේ ඉඳන්ම ගායන ක්ෂේත්‍රයේ විවිධ දේවල්වලට සම්බන්ධ වුණා. මගේ රසිකයින් මාව හඳුනගන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහායි. එම තරගය නිසයි මට ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්න අවස්ථාව ලැබුණේ.

ඉදිරියේ දී ඔබේම ගීත නිර්මාණ එකතුවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවාද? 
ඉදිරියේ දී ඒ සඳහා බලාපොරොත්තුවක් තියෙනවා. දැනටමත් ඒ සඳහා තමයි සූදානම් වෙන්නේ. මගේ ප්‍රසංගය සඳහා පසුගිය කාලේ ගොඩක් මහන්සි වුණා. අලුත් ගීත නිර්මාණ කිහිපයක්ම කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

චේතනා, ඔබ ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ආධුනික ගීත ගායනා තරගයක් හරහායි. එවැනි වැඩසටහන් කිහිපයක්ම තුළින් මෑතකාලීනව බොහෝ නවක ගායන ශිල්පීන්, ශිල්පිණියන් ක්ෂේත්‍රයට එකතුවුණා. නමුත් දීර්ඝකාලීනව ක්ෂේත්‍රය තුළ රැඳීසිටින්න අවස්ථාව ලැබුණේ සුළු පිරිසකට පමණයි. ඔබ මේ තත්ත්වයට හේතුව ලෙස දකින්නේ කුමක්ද?

 
දැන් තියෙන රියලිටි ටීවී වැඩසටහන් ප්‍රමාණය වැඩියි ඇත්තටම. ඉස්සර වගේ නෙමෙයි මේ වනවිට ගොඩක් තරු බිහිවෙනවා. ඉතින් ඒ හැම තරුවක්ම මතක තියාගන්න අමාරුයි. ඒ නිසයි අපි හොඳ නිර්මාණ කළ යුත්තේ. 


අද වනවිට ඒ නිර්මාණවල පැවැත්ම පිළිබඳ ගැටලුවක් ඇතිවෙලා තියෙනවා. හරිම අමාරුයි ගීතයක් ඉදිරියට ගේන්න. එවැනි වැඩසටහන් වල වාසියක් වගේම අවාසියකුත් තියෙනවා. අපේ වාසනාවත් තියෙන්න ඕනේ ඉදිරියට යන්න සහ මිනිසුන් අතර මතක තියෙන චරිතයක් වෙන්න.

ඔබ ක්ෂේත්‍රයට පිවිසීම දක්වා කාලය සහ ක්ෂේත්‍රයට පිවිසුණු පසු නවක ශිල්පිණියක් විදිහට ප්‍රවීණයින්ගෙන් ඔබට මොන වගේ සහයෝගයක්ද ලැබුණේ?

 
සහයෝගයක් ලැබෙන්නේ නෑ කියලා කිව්වොත් බොරුවක්. ඇත්තටම හොඳ සහයෝගයක් ලැබෙනවා. විවිධ ආකාරයේ පිරිස් ඉන්නවා. නමුත් ප්‍රවීණයින් වශයෙන් ගත්විට අපි අලුත් කියලා නෑ ඔවුන් අපිට හොඳ සහයෝගයක් දෙන ප්‍රවීණයින් පිරිසක් ඉන්නවා. 


හැම ප්‍රවීණයෙක්ටම අපි අනිවාර්යයෙන් ගරු කළ යුතුයි. ඔවුන්ගේ ගීත නිසයි අපි අද මෙතන ඉන්නේ. අපි ඔවුන්ට අපේ සහයෝගය ලබාදිය යුතුයි. ඔවුන්ගෙන් අපි ගුරුහරුකම් ලබාගත යුතුයි. ප්‍රවීණයින් සමග කටයුතු කරද්දි තවම මට සිත් රිදවීමක් ඇතිවෙලා නෑ.

රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න එහෙම අදහසක් නැද්ද?
බලාපොරොත්තුවක් නැතුවම නෙමෙයි. ආරාධනා නම් ‍ගොඩක් ලැබුණා. නමුත් මගේ අධ්‍යාපන කටයුතු නිසා ඒවාට සම්බන්ධ වෙන්න වෙලාවක් ලැබුණේ නෑ. තවමත් ආරාධනා ලැබෙමින් පවතිනවා. ඉදිරියේ දී බලමු. හොඳ චරිතයක් ලැබුණොත් භාරගන්නවා.

චේතනාගේ පාසල ගැනත් මතක්කළොත්?
මම මුලින්ම පාසල් ගියේ කොළඹ බිෂොප් විද්‍යාලයට. සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරුවේ බිෂොප් විද්‍යාලයේ. මම උසස් පෙළ හැදෑරුවේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ.

ඔබ ගායන ක්ෂේත්‍රයට පිවිසිලා ඒ තරම් කාලයක් ගතවෙලා නෑ. මේ දක්වා ක්ෂේත්‍රය තුළ ඔබ පැමිණි ගමන ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

ඇත්තෙන්ම ඔව්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සඳහා සහභාගි වනවිට හිතුවේ නෑ අවසන් 11 දෙනා දක්වා එන්න පුළුවන් වෙයි කියලා. මගේ දක්ෂතාවයක් තිබුණ නිසා ආසාවටයි තරගයට ඉදිරිපත්වුණේ. 


ඒ වසරේදීමයි මම සාමාන්‍ය පෙළ විභාගයටත් මුහුණදුන්නේ. ඒක නිසා සෑහෙන ප්‍රශ්න ආවා. නමුත් මම හිතන්නේ සෑහීමට පත්වෙන්න පුළුවන් තැනක මම ඉන්නවා.

චේතනා, අපිට දැනගන්න පුළුවන්ද ඔබ මේ වනවිට ආදරයේ සුන්දරත්වය අත්විඳිනවද කියලා?
ආදරය කියන්නේ සුන්දර දෙයක්. අපි හැමෝම ආදරය කරන්න ඕනේ. විශේෂයෙන් අපිට ආදරය දැනෙනවා වැඩියි. කලාකරුවා කියන්නේ සංවේදී කෙනෙක් කියලා අපි හැමෝම දන්නවා. ආදරය අත්විඳින්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඔබේ සහකරු ලෙස ඔබ තෝරාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයා මොනවගේ කෙනෙක්ද?
මගේ වැඩ කටයුතුවලට උදව් කරන කෙනෙක්. ක්ෂේත්‍රයට අකමැති කෙනෙක් කොහෙත්ම ගැළපෙන්නේ නෑනේ. ප්‍රසිද්ධ හැමෝටම තියෙන ප්‍රශ්නයක් ඕක. ඉතින් හොඳ කෙනෙක් ලැබෙයි.

මේ දක්වා ඔබේ ජීවිතය තුළ ලබලා තියෙන දරුණුම දඬුවම මොකක්ද?
පාසලේ දී පොඩි පොඩි දඬුවම් ලබලා තියෙනවා. පාසල් කාලේ නිතරම හිටියේ පෙරදිග සංගීත අංශයේ වැඩ කටයුතු එක්කයි. ඒ වැඩ කටයුතුවලදී පන්තියට නොගිහින් ඒ සඳහා සහභාගිවීම නිසා පොඩි පොඩි දඬුවම් ලබලා තියෙනවා. දරුණුම දඬුවම් නම් ලබලා නෑ.

සාමාන්‍ය ජීවිතය තුළ චේතනා රණසිංහ කියන්නේ මොනවගේ කෙනෙක්ද?
ලොකුවට ඔළුව උදම්මවාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙක්. මම අද ඇවිල්ලා තියෙන තැන ගැන මම සතුටුවෙනවා. සහ ඉදිරියේදීත් ඒ දේවල් පවත්වාගෙන යන්න මම බලාපොරොත්තු වෙනවා.

ඔබ විසින් පනවාගත් සීමා මායිම් තිබෙනවාද?
මම මගේ විනය ගැන ගොඩක් හිතනවා. ප්‍රසිද්ධ පුද්ගලයින්ට කටකතා හැදෙනවා ගොඩක් වැඩියි. ඒ දේවල් මගහරවාගෙන මගේ ආත්ම ගරුත්වය රැකගෙන ඉදිරියට යාමටයි කටයුතු කරන්නේ.

ඔබේ පවුලේ විස්තර ගැනත් මේ වෙලාවේ කතාකරමු?
මගේ පවුලේ තාත්තායි, අම්මයි, නංගියි, මමයි. තාත්තා පොලිස් නිලධාරියෙක්. අම්මා ගෘහණියක්. නංගි පාසල් යනවා. කොළඹ බිෂොප් විද්‍යාලයේ 04 වසරේ ඉගෙනගන්නේ. වොලී බැස්ටියන් මහතා මගේ සීයා කෙනෙක් වෙනවා. ඒ ආභාෂයත් මට ලැබෙන්න ඇති. 


මගේ පියාත් අතීතයේ විවිධ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකවෙලා තියෙනවා. ඔහුටත් ගායන හැකියාව තියෙනවා. ක්ෂේත්‍රය පැත්තෙන් එවැනි පසුබිමක් තමයි තියෙන්නේ. 

මගේ පවුලෙන් මට අතිවිශාල සහයෝගයක් ලැබෙනවා. අම්මායි තාත්තායි නිසා තමයි මම අද මේ තැන ඉන්නේ. ගෙදරින් ලැබෙන සහයෝගය නිසා තමයි අද චේතනා රණසිංහ කියලා කෙනෙක් ක්ෂේත්‍රයේ ඉන්නේ.

චේතනා, ඔබ ජනප්‍රියත්වය හිමිකරගන්නේ ගායන තරගාවලියක් හරහා කෙටි කාලයක් තුළදීයි. එවැනි ජනප්‍රියත්වයක් ඔබට හිමිනොවුණා නම් ඔබේ ජීවිතය මොනවගේ පැත්තකට යොමුවෙයිද?

එහෙම නම් මම උසස් පෙළටත් වෙනත් විෂයක් හදාරන්න තිබුණා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් හරහා මම ආව ගමනත් එක්කයි උසස් පෙළට සංගීතය විෂයක් ලෙස හදාරන්න බලාපොරොත්තුවක් තිබුණේ. එහෙම නොවුණා නම් මම සාමාන්‍ය කෙනෙක් වෙන්න තිබුණා.

ඉදිරි සිහින සහ බලාපොරොත්තු?
මගේ ලොකු බලාපොරොත්තුවක් තමයි ඉෂ්ට වුණේ මැයි 27 වන දින කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී මගේ පළමුවැනි ප්‍රසංගය පැවැත්වුණා. එය සංවිධානය කළේ මමයි තාත්තායි. එය මට හොඳ අත්දැකීමක් වුණා. ඉදිරියේ දී තවත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න බලාපො‍රොත්තුවක් තියෙනවා.


ක්ෂේත්‍රයේ කුමන හෝ ශිල්පියෙකුගෙන් ඔබට ආදර ‍යෝජනාවක් ලැබුණු අවස්ථාවක් තියෙනවාද?
ඔව්.

ආදරය කරන යුවලක් අනිවාර්යයෙන්ම විවාහ විය යුතුයි කියලා ඔබ සිතනවාද?
නැහැ.

එකවර දෙදෙනෙකුට ආදරය කරන්න පුළුවන්ද?
බැහැ.

ක්ෂේත්‍රයේ ශිල්පියෙකු හෝ ශිල්පිණියකගෙන් බැනුම් අහපු අවස්ථාවක් තියෙනවාද?
ඔව්.

ඔබේ ප්‍රථම ප්‍රේමය ඇතිවෙන්නේ කොයි කාලයේදීද?
සාමාන්‍ය පෙළ හදාරන අවධියේ.

ඔබේ ප්‍රථම ප්‍රේමයෙන් ඔබට ලැබුණු ප්‍රථම ත්‍යාගය?
විසිතුරු භාණ්ඩයක්


සම්පූර්ණ නම
රණසිංහ ආරච්චිලාගේ චේතනා ආදේශිකා රණසිංහ

උපන්දිනය
1992 ජූනි 25
 

ලග්නය
කන්‍යා

පදිංචිය
කොළඹ 02

උස
අඩි 05 අඟල් 02
 
Related Posts with Thumbnails