Ads 468x60px

.

කතන්දර දෙකක් : (1) මව්බිම නැතිනම් මරණය (2) බූරු තිලක්...

1) මව්බිම නැතිනම් මරණය : 

මෑතකදී ඕස්ට්‍රේලියාවට ගිය හිතවතෙක් මෙම ලියුම් කරුට මුණගැසුනි. 1988-89 කාලයේ ඔහුගේ මස්සිනා දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් මරා දමා තිබුනි. එසේම ඔහුටද මරණ තර්ජන තිබුනි. " 

ඒ කාලයේ ජවිපෙ ක්‍රියාත්මක කල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සාමජිකයෝ ගොඩ දෙනෙක් දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ " ඔහු පැවසුවේය​. ඒ කාලයේ මව්බිම නැතිනම් මරණය කියලා කියන කොට අපි හිතුවේ මේ කස්ටිය කතා කරන්නේ ලංකාව ගැන කියලා. 

අපිටයි වැරදුනේ මුන් මව්බිම කියල තියෙන්නේ ලංකාව ගැන හිතලා නෙවෙයි ඕස්ට්‍රේලියාව ගැන හිතලා. අපිටයි වයර් මාරු වෙලා තිබුනේ. ඒ කාලෙම ඕස්ට්‍රේලියාව නැතිනම් මරණය කිව්වනම් ඉවරනේ.  එහෙමනම් අපේ මස්සිනාත් ජීවතුන් අතර. "

2) බූරු තිලක් :  


ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකු වන බූරු තිලක් නමැත්තා "පිබිදෙන කැලණිය" සංවිධානයේ ප්‍රධාන ක්‍රියා කාරිකයෙකු බව කියයි."පිබිදෙන කැලණිය" යනු මර්වින් සිල්වා විසින් කප්පම් එකතු කර ගැනීම සඳහා අටවා ගත් අපරාධ සංගමයකි. 

"පිබිදෙන කැලණිය" මගින් මර්වින් සිල්වා එකතු කරගෙන ඇති කප්පම් මුදල ලක්‍ෂ 6000. බූරු තිලක් මර්වින් සිල්වා ගේ සෙවන යට මත්ද්‍රව්‍ය ජාවාරමද කලේය​. 

මර්වින් සිල්වා විසින් මොහුට ලබා දී තිබූ සම්බන්ධීකරණ ‍ලේකම් හැඳුනුම්පතේ මොහු කේ .ඩී තිලක් කියා ඉංග්‍රීසියෙන් අත්සන් කොට තිබෙන්නේ කේ සිම්පල් සහ ඩී කැපිටල් වශයෙනි.  

ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය යට සිටින්නේ කැපිටල් සිම්පල් වෙනස නොදත් අපරාධකාරයන්‍ වෙති. මර්වින් සිල්වා පමනක් නොවේ. වර්ත මානයේ සියලුම දේශපාලකයන් ගේ රෙදි අස්සේ මෙවැනි නූගත් පාදඩ අපරධකරුවන් සිටිති. 

ඔබගේ දුවා දරුවන් ගේ හෙට දවස, රටක අනාගතය, අධ්‍යාපනය, සුව සේවා, අර්ථිකය යන සියලුම දේ තිරය යට සිට පාලනය කරන්නේ කැපිටල් සිම්පල් වෙනස නොදත් නූගත් පාදඩ අපරධකරුවන්ය​. ඔබට කල හැක්කේ කුමක්ද ? කිසිවක් නැත​. 

මේ මැරයන් පත් කලේ මෙරට සිටින ඡන්ද දායකයන් නම් බත් කන හරකුන්ය. ඔබට කල හැක්කේ තමන්ගේ දරුවන් වෙනුවෙන් හෝ නීතිය සහ සංස්කෘතියක් පවතින දියුණු රටකට පැන යාම පමණි. අහේතුවකට මෙන් රටින් පැන යාමද දැන් පාලනය වන්නේ රෙජිමයේ මාෆියාව මගිනි. 

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails