Ads 468x60px

.

29 හැවිරිදි තරුණියක් රෝහල ඉදිරිපිට තණ කොළ බිස්සක දරුවකු ප‍්‍රසූත කල අයුරු මෙන්න...


රෝහලට ගියත්  
හෙදිය දරු ප‍්‍රසූතියට 
තව කල් තියෙනවා 
කියලා...

29 හැවිරිදි තරුණියක් සෞඛ්‍ය මධ්‍යස්ථානය ඉදිරිපිට තණ කොළ බිස්සක දරුවකු ප‍්‍රසූත කළ පුවතක් අප වෙත වාර්තා වෙනවා.

වාර්තා වන පරිදි ඇය තෙවැනි දරු ප‍්‍රසූතිය සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයට ගොස් තිබෙනවා. ගැබ් ගෙන මාස 8ක් නිසා තවම දරු ප‍්‍රසූතිය සඳහා කාලය පැමිණ නොමැති බව එහි හෙදියක් පවසා තිබෙනවා.

ඉන් පිටතට පැමිණීමත් සමග ඇයට මහත් වේදනාවක් ඇතිවි තිබෙනවා. ඉන් පසුව ඇය අසල තිබූ තණ බිස්සේ
දරුවා ප‍්‍රසූත කර තිබෙනවා. මේ අතර එම ගැබිනියගේ කෑ ගැසීම ඇසී එතනට රැස්වූ පිරිසගෙන් කෙනෙක් ඡායාරූපයක් ගෙන එය පුවත්පත් වලට ලබා දී තිබෙනවා.

මෙම ඡායාරූපය පුවත්පත් වල පලවීමත් සමග මෙය මෙක්සිකෝවේ විශාල ජාතික ප‍්‍රශ්නක් වී ඇති අතර වාද විවාද වලට මාතෘකාවක් ද වී තිබෙනවා

ඒ අනුව සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කර මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ ප‍්‍රධාන වෛද්‍යවරයාට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට එරට බලධාරීන් කි‍්‍රයා කරන බව සඳහන්. ඇය 29 හැවිරිදි අයිර්මා ලෝෆෙස් නැමැති තෙදරු මවකි.
 
 
Related Posts with Thumbnails