Ads 468x60px

.

මධුගෙන් වෙන්වීම ගැන දුකයි කියල මම කිව්වේ නෑ, ඒක බොරුවක් - නිල්මිණී දැන් කියන කතාව


පිස්සියක් වගේ 
වාහනය එළවගෙන 

පාරවල් ගාණේ මං 
ගිහින් තියෙනවා...

පෞද්ගලිකව දැනෙන හිත් රිදවීම් වළින් මානසිකව විඳවන් නැතිව ඉන්න හුගක් දේවල් කරන නිල්මිණී තෙන්නකෝන් පිලිබඳ වත් මාධ්‍ය ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය සුහදශීලි චරිතයක්, දක්ෂ නලූවෙක්, නර්තන ශිල්පියෙක් හා නිවේදකයෙක් වන ඇයගේ හිටපු සැමියා වන මධු මාධව අරවින්ද පිලිබඳවත් අතිශය පුද්ගලික ජීවිතයේ තොරතුරු වලින් බිඳක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවේ ප්‍රේක්ෂකයින් ඒ පිළිබඳව සොයන්නට බොහෝ උනන්දුවක් දක්වන නිසයි.

කාලයක් පුංචි තිරයේ දිදුලන තරුවක් වූ නිල්මිණි ළඟදි පුවත් පතකට කියල තිබුණා මධුගෙන් වෙන්වීම ගැන පසුතැවෙනවා කියල. නමුත් දැන් ඇය කියන්නේ ඊට‍ වෙනස්ම කතාවක් ඒ පිළිබඳව ඇය අපත් සමඟ කරුණු පැහැදිලි කළ අයුරු පහතින්.

ඔයා ළඟදි පුවත්පතකට කියල තිබුණා මධුගෙන් වෙන්වීම ගැන පසුතැවෙනවා කියල?


ඒක වැරැදි ප්‍රකාශයක්. ඒක මං කිව්ව දෙයක් නෙමෙයි.

ඇත්තටම එහෙම හැඟීමක් ඔයාට තියෙනවද?
 

කාගෙ වුණත් විවාහයක් දෙදරා යෑම අපරාධයක් තමයි. දෙන්නෙක් විවාහ වෙලා එක වහලක් යටට යන්නේ සුන්දරව ජීවිතය අත්විඳින්න බලාගෙනයි. ඒත් හැබැයි ඒ දෙන්නට එක වහල යට සමගියෙන් ඉන්න අමාරු නම් විඳවනවාට වඩා හොඳම දේ වෙන්වීම තමයි.

අතීත සොඳුරු අත්දැකීම් එක්ක බැලුවම ඒ බැඳීම් දුරස් නොවුණා නම් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද?

ඒක අනන්ත අප්‍රමාණව හිතෙනවා. කොයිතරම් සොඳුරුකම් තිබුණත් කටුකකම් වැඩියි. අපි කරන ආදරයේ කැපකිරීම් තව කෙනකුට පිළිගන්න බැරිනම් ඒක හරිම කටුකයි. 


ඒ පීඩාව එක්ක මානසික ආතතිය ඇති වෙනවා. ඒවා දරුවන්ටත් බලපානවා. මනුෂ්‍යයකුට මානසික සතුට කියන දේ බොහොම අවශ්‍ය දෙයක්. ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයිනේ.
 

කොහොමද දැන් ඔයාගේ ජීවිතේ ඇතුළෙ හුදෙකලාවක් දැනෙන්නෙ නැද්ද?

නෑ. මගේ ජීවිතේ හුදෙකලා වෙන්න වෙලාවක් මට නෑ. මට මගේ දුව ස්වේතා ඉන්නවා. ඇය තමයි මගේ මුළු ලෝකයම.

ඒත් ජීවිතේට ආයිමත් රැකවරණයක් ඕනෑ වෙන්නේ නැද්ද?

ඕනෑ වෙනවා. පළමු විවාහය දෙදරා ගියාට පස්සෙ තනි ජීවිතයක් ගෙවන්න බැරි හින්දනේ ගැහැනු අපි හුඟවෙලාවට දෙවැනි විවාහයකට යන්නේ. මගේ පළමු විවාහය දෙදරා ගිහින් අවුරුදු 7කට පස්සෙයි මං දෙවැනි විවාහයකට ගියේ. 


ඒක යෝජිත විවාහයක්. ඒත් මට ලොකු වැරැදීමක් වුණා කියලා තේරුණෙ පස්සෙයි. ඒක දැනගත්ත ගමන් මම සහ දරුවා වෙනුවෙන් මට දැඩි තීරණයක් ගන්න සිද්ධ වුණා.

වරින් වර ඇතිවුණු මේ හැලහැප්පීම් කොහොමද ඔයා තනියම දරා ගත්තේ?

ඇත්තටම මට දරාගන්න අමාරු වුණා. පිස්සියක් වගේ වාහනය එළවගෙන පාරවල් ගාණේ මං ගිහින් තියෙනවා. ඒත් පෙර භවයේ ඉඳන් හරි ගෙනාපු ශක්තියක් මට තිබුණා. 


මං ඇදවැටුණේ නෑ. හඬා වැටි වැටී හිටියෙ නෑ. මේ හැම දෙයක්ම කොහොම හරි දරාගෙන ජීවිතේට මුහුණ දෙනවා කියල මං හිතාගත්තා.

සමිතාට හා නිරෝෂාට ළං වුණු පිරිමි තේරුම් නොගත් දේ නිල්මිණි පැහැදිලි කරයි.
මම අදටත් ගරු කරනවා නිල්මිණිට. එතුමිය තමා මේ ලෝකයේ ඉන්න හොඳම අම්මා - මධු කියයි
 
Related Posts with Thumbnails