Ads 468x60px

.

අම්මා ගෙදර ඉන්න දවස් වලත් තාත්තා මගේ ළඟට එනවා - තාත්තා අතින් දූෂණයවූ දියණියගේ කතාව


ෆෝන් චිප් එකේ 
නිරුවත් පින්තුර 
වලින් සියල්ල 
හෙළිවෙයි 

පසුගියදා සිය ලෙයින් උපන් දියණිවරුන් දෙදෙනා දූෂණය කළ පියෙකුට වසර 120ක් බරපතළ වැඩ ඇතිව සිරගෙදරට යවමින් ස්ත්‍රී දූෂකයෙකුට ලබාදුන් දීර්ඝතම සිරදඬුවම වැනිම වූ තවත් නඩු තීන්දුවක් දෙනු ලැබු පුවතක් අප වෙත වාර්තා වන්නේ මුළු රටේම අවධානය ඒ දෙසට යොමු කරමිනුයි. 

ඒ තවත් ස්ත්‍රී දූෂකයකු වසර 100කට බරපතළ වැඩ ඇතිව සිරගෙට යැවීමකි. එම සිරදඬුවමද සමාජයේ අවධානයට ලක්වන්නේ වෙන කිසිවක් නිසා නොව එම දඬුවමද හිමිවන්නේ තමාගේම දස හැවිරිදි දියණිය දූෂණය කළ තවත් පියෙකුට වූ බැවිනුයි.

වෘත්තියෙන් රියැදුරෙකු වන, පානදුර ගමරාළලාගේ චන්ද්‍රසිරි නමැති මේ පියා සිය දස හැවිරිදි දියණියව දූෂණය කරන්නේ දවසක් දෙකක් නොව

අවුරුදු දෙකක් තිස්සේය. ඒ 2010 වසරේ අගෝස්තු මාසයේ සිටයි. 

මනම්පිටියේ සිට වැලිගෙන එන ලොරියක සේවය කළ මේ පියාට දරුවන් දෙදෙනෙකි. බාලයා මේ දියණියය. වැඩිමලා සහෝදරයෙකි. දෙදෙනා අතර පරතරය අවුරුදු හතරකි. මේ පුද්ගලයා විවාහ වී සිටින්නේද වරක් විවාහ වූ තැනැත්තියක් සමගිනි. 

ඇයටද කරදඬු උස්මහත් වූ දියණියක් සිටින්නීය. මේ දියණිය විවාහ වී වෙනමම ජීවත් වන අතර සිය නැගණිය ඇගේ පියා අතින් දූෂණය වන බව ඇය දැන සිට ඇති තැනැත්තියකි. 

ඒ බව නිර්නාමිකව ඇය ‍පොලීසියට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නද, සිය පියා අතින් එවැන්නක් සිදුනොවන බවත් පියා තමාව ආදරෙන් රැක බලා ගන්නා බවත්, එම ඉරිසියාවට ඒ කතාව ගොතා ඇති බවත් නැගණිය ‍පොලීසියට පවසන්නට වූ බැවින් පියාගෙන් නැගණිය බේරා ගැනීමේ ඇගේ ප්‍රයත්නය අසාර්ථක වී තිබුණි.

දූෂණයට ලක්වූ දැරිය ඉගෙනුම ලබන පාස‍ලේ විදුහල්පතිවරයාට ඇය සතුව තිබුණු ජංගම දුරකථන චිපයක් හමුවන්නේ ඔය අතරතුරදීය. ඇගේ නිරුවත් සහ අඩ නිරුවත් ඡායාරූප කිහිපයක් විදුහල්පතිවරයාට දැකගන්නට ලැබෙන්නේ එය පරීක්ෂා කිරීමේදීය.


එය වෙනත් කිසිවකුට නොකියා රහසක් වශයෙන් තබා ගැනීමට වගබලා ගන්නා විදුහල්පතිවරයා එහිදී තමාට ගත හැකි හොඳම පියවරක් වශයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඒ ගැන කියන්නට වගබලා ගත්තේය.


ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ උපදෙසින් එහි පිහිටි ‍පොලිස් විමර්ශන අංශයේ සැරයන් වරියන් වන මංගලිකා ගුණතිලක, චිත්‍රා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඒ ගැන විමර්ශනයක් ආරම්භ කරනුයේ විදුහල්පතිවරයාගේ එම දැනුම්දීම අනුවය.

එහිදී දැරිය එම ‍පොලිස් කණ්ඩායම හමුවේ එකහෙළා පවසන්නට වූයේ එම ඡායාරූප ගනු ලැබුවේ සිය සහෝදරයා විසින් බවය. ඒ බව සහෝදරයාගෙන් කෙරුණු ප්‍රශ්න කිරීම්වලදීද තහවුරු වූයේය. 


ඇයව වෛද්‍ය පරීක්ෂණයකටද ඒ අතර යොමු කරවන්නට ‍පොලිස් කණ්ඩායම පියවර ගත් අතර ඇය බරපතළ ලෙස දූෂණයට ලක්වන බව පැහැදිලිවම අනාවරණය වන්නේ එහිදීය.

එහි වගකීමත් ඇය එහිදී පවරන්නේ සහෝදරයාටය. ඒ අනුව සහෝදරයා වද අධිකරණ වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කරන්නට ‍පොලිස් කණ්ඩායම පසුබට නොවීය. ඇය දූෂණය වන්නේ සහෝදරයාගෙන් නොව වැඩිමහල් පුද්ගලයෙකුගෙන් බව තහවුරු වන්නේ එවිටය.


සිය පියා ගැන දැරිය හෙළි කරන්නේ ඒ ගැන දීර්ඝ ලෙස ‍පොලිස් කණ්ඩායම ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේය. ඇතැම් දිනවල ඇය දූෂණය වී ඇත්තේ මව නිවසේ සිටියදීම බවද අනාවරණය විය. මව මේ බවක් දැන සිටියේද නැද්ද යන්න ගැටලුවක් වුවත් ‍පොලිස් කණ්ඩායම සැක කරන්නේ ඇය ඒ ගැන දැනගෙනම නිහඬව සිටින්නට ඇති බවය.


අවුරුදු දෙකක් තිස්සේ තම දියණිය කෲර ලෙස දූෂණය කළ පියාගේ දෑතට විලංගු වැටෙනුයේ ඒත් සමගිනි. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනුයේ විදුහල්පතිවරයා විසින් දුර දිග කල්පනා කොට ඒ ගැන ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් නොදෙන්නට එම සිසුවිය අදටත් එම පියා අතින් දූෂණය වන්නට ඉඩ තිබුණු බවය.


මේ එක් සිද්ධියක් පමණි. මෙවන් පව්කාර පියවරුන් අතින් කොතෙකුත් දරුවන් දූෂණය වීම් සමාජයේ සැඟවී තිබෙන බව ‍පොලීසියේ විශ්වාසයය. එහෙත් එම ස්ත්‍රී දූෂණවලින් අනාවරණය වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණි. ඒවාද අහඹු ලෙස හෙළිදරව් වන ඒවාය.


ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ ඇමැති තිස්ස කරලියද්ද මහතා අය වැය විවාදය අතරතුර ඉකුත් 25 වෙනිදා  පාර්ලිමේන්තුවේදී සඳහන් කරනු ලැබුවේ 2012 වසර තුළ පමණක් ළමා අපයෝජන 7,418ක් සිදුවී ඇති බවය. 2009ත් 2010ත් අතර කාලය තුළ ඒ ගණන 18,777කි.


ඊට පසුදින පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතා පාර්ලිමේන්තුවට සභාගත කරනු ලැබුවේ ස්ත්‍රී දූෂණ චෝදනාවලට වරදකරුවන් වූ 250 දෙනකු බන්ධනාගාරගත කර සිටින බවය. ඒ 2012 වසර තුළය. 2005 වසරේ සිට 2012 වසර දක්වා කාලය තුළ ඒ ගණන 1718 දෙනෙකි.
 
Related Posts with Thumbnails