Ads 468x60px

.

දෙඅත් බැඳ ගෙල සිර කර නුගේගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරික මරා දමලා

නුගේගොඩ නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක හිමිකරු වන සරත් කුමාර හේවාගම (54) මහතා කිසියම් පිරිසක්‌ විසින් ඔහුගේ නිවසේදී දෙඅත් බැඳ ගෙල සිර කර ඝාතනය කර තිබෙන පුවතක් මිරිහාන පොලීසියෙන් අප වෙත වාර්තා වෙනවා. 

පෙරේදා (18 වැනිදා) රාත්‍රි මිරිහාන මූලස්‌ථාන පොලිසියට මේ බව වාර්තා වී තිබුණු අතර මෙම ව්‍යාපාරිකයා ගේ මළ සිරුර නුගේගොඩ, ගංගොඩ විල, සුභද්‍රරාම පාර, සපුමල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගත් බවද පොලිසිය පවසනවා.

ඝාතනයට ලක්‌වූ ව්‍යාපාරිකයා විවාහකයකු වන අතර, දික්‌කසාද වීමෙන් අනතුරුව ඔහු මෙම නිවසේ තනිවම සිට ඇති බව හෙළි වී තිබෙනවා. ඔහුගේ නිවසේ තාවකාලිකව නැවතීමට එම ව්‍යාපාරිකයාගේ

හිතවතකුගේ පුත්‍රයකු වන අ.පො.ස. උසස්‌ පෙළ සිසුවකු ඝාතනය සිදුවූ දිනට පෙර දින (17 වැනිදා) පැමිණ තිබෙනවා.

එම සිසුවා ඝාතන සිද්ධිය සිදුවූ දින (18 වැනිදා) උදේ නුගේගොඩ පුද්ගලික උපකාරක පන්තියට ගොස්‌
තිබෙනවා. පන්තිය නිමාවූ පසු ඔහු ව්‍යාපාරිකයාගේ නුගේගොඩ නගරයේ බෝගස අසල පිහිටි වෙළෙඳ ආයතනයට ගොස්‌ තිබෙනවා. එහිදී එම ව්‍යාපාරිකයා තවත් අයකු සමග කතාබහ කරමින් සිටිනු දැක තිබෙනවා


අනතුරුව මෙම සිසුවා නවාතැනට යැමට ව්‍යාපාරිකයාගෙන් යතුර ඉල්ලා තිබෙනවා. එහිදී එම ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික ආයතනය වසා දමා සිසුවා හා වෙළෙඳ ආයතනයේ සිටි අනෙක්‌ පුද්ගලයා සමග ඔහුට අයත් මෝටර් රථයෙන් රාත්‍රි නිවසට පැමිණ තිබෙනවා.

ශිෂ්‍යයා තම කාමරයට ගොස්‌ දොර වසාගෙන ඇති අතර ව්‍යාපාරිකයා හා ඔහු සමග පැමිණි අනිත් පුද්ගලයා නිවසේ සාලයේ කතාබහ කරමින් සිටින හඬ සිසුවාට ඇසී
තිබෙනවා.

මේ අතර තවත් පුද්ගලයන් දෙදෙනකු ව්‍යාපාරිකයා සිටි නිවස දෙසට ගමන් කරන අයුරු සිසුවා කාමරයේ ජනේලයෙන් දැක
තිබෙනවා. ඔවුන් ව්‍යාපාරිකයාගේ මිතුරන් විය හැකි යෑයි සිතා සිසුවා එය ගණන් ගෙන නැත.

ටික වේලාවකට පසු රාත්‍රි 11.00 ට පමණ ව්‍යාපාරිකයා "බුදු අම්මෝ කියා කෑගසන හඬක්‌ සිසුවාට ඇසී ඇති අතර, එහිදී ඔහු මොහොතක්‌ කාමරයට වී සිට තිබෙනවා. ටික වේලාවකට පසු සිසුවා කාමරයේ දොර හැර බැලීමේදී ව්‍යාපාරිකයා කෑම කාමරය අසල දෙඅත් පිටුපසට ගැට ගසා ගෙල රෙදිවලින් ගැටගසා සිටිනු දැක පොලිසියට දැනුම් දී තිබෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එම නිවසේ තාවකාලිකව නැවතී සිටි විජිත රණවීර ශිෂ්‍යයා මෙසේ පැවසීය.

"මගේ ගෙවල් කලවානේ. මම මුදලාලිගේ ගෙදරට බෝඩිම් වෙන්න ඇවිත් දවසයි. මම නුගේගොඩ පන්ති යන්නයි ආවේ. මේ මිනීමැරුම කව්රු කළා ද දන්නේ නැහැ. මුදලාලි බුදු අම්මෝ කියලා කෑගහන සද්දේ තාම මට ඇහෙනවා වගේ."

ඝාතනයට අදාළව ඊයේ සවස්‌ වනතුරුත් කිසිවකු පොලිසිය අත්අඩංගුවට ගෙන නොතිබිණි. එම නිවසේ ලැප්ටොප් පරිගණකයක්‌ ද අතුරුදන් වී ඇතැයි ද පොලිසිය කියයි. ඝාතනයට හේතුව මෙතෙක්‌ හෙළි වී නැත.

මෙම ඝාතනය ව්‍යාපාරික ප්‍රශ්නයක්‌ මත සිදු කළේද? එසේත් නොමැති නම් ඉඩම් ආරවුලක්‌ මත සිදු කළේ ද? යන්න සම්බන්ධයෙන් පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය කියයි.

 
Related Posts with Thumbnails