Ads 468x60px

.

පිරිසිදු ප්‍රේමය සහ වනචර ප්‍රේමය සහ දිවයින පත්තරයේ ලාමක ටිංටිං

දිවයින පත්තරයේ කතුවැකියේ මෙලෙස සඳහන් වේ..

පිරිසිදු ප්‍රේමය 

සහ වනචර 
ප්‍රේමය

මෙයට අවුරුදු 40 කට පෙර, එනම් 1977 ට පෙර පැවැති වකවානු වේදී ප්‍රේමය යනු ඉතා පිරිසිදු හැඟීම් සමුදායකි. එකල තිබූ ජනප්‍රිය ප්‍රේම රැල්ලේ අත්පොත හෙවත් පාඨ ග්‍රන්ථය කරුණාසේන ජයලත් නමැති ලේඛකයාගේ ගොළු හදවතය. 


ජනප්‍රිය නොවන අධ්‍යාත්මික මට්‌ටමේ ප්‍රේම රැල්ලේ පාඨ ග්‍රන්ථය මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය ය. මෙකල ප්‍රේමය, පොතක්‌ අස්‌සේ දමා පෙම්වතියට දෙන ලියුමකින් පටන් ගෙන මල්වට්‌ටි වෙන්දේසියකදී සිදුවන හමුවීමකට සීමා විය. 

පෙම් යුවළක්‌ ඉන් එහා යන්නේ නම් ඒ එක්‌කෝ සත්තුවත්ත බැලීමට ය. නැත්නම් චිත්‍රපටයක්‌ බැලීමට ය.  (දිවයින පත්තරයේ කතුවැකිය ලියූ ළමයා සිතන්නේ සියළුම වනචර වැඩ ලංකාවේ පටන් ගත්තේ 1977 පසුව කියාය​. 

ඒ කාලයේ මන්ත්‍රීවරු තානායම් වල පත් වීම් දුන් හැටි මේ ළමයා  නොදන්නා හැඩයි) එහෙත් ලෝකය ගෝලීයකරණය වී, සමාජය සංකීර්ණ වී, ආර්ථිකය විවෘත වී, ෂංෂ් බහුල වී අන්තර්ජාලය ව්‍යාප්ත වී තිබෙන මෙකල ප්‍රේමය බොහෝ විට පටන් ගන්නේ හෝටල් කාමරයකිනි. 

කෙළවර වන්නේ ගබ්සා දොස්‌තර කෙනකු ඉදිරිපිටිනි. මෙයට හතළිස්‌ අවුරුද්දකට පෙර තරුණියකට පෙම් ලිපියක්‌ දීම සහ ඇය එම ලිපිය භාර ගැනීම මරණ දණ්‌ඩනයෙන් කෙළවර විය යුතු තරම් භයානක වරදකි. 

එහෙත් අද නව යොවුන් යුවළක්‌ හෝටල් කාමරයකට යැම යනු හෘද සාක්‍ෂිය නමැති පොලිසියේ සුළු පැමිණිලි අංශයට පමණක්‌ කළ යුතු සුළු පැමිණිල්ලකි. ( දිවයින ළමයා  ගෑණුන්ට ගල් ගසා මරණ තලිබාන් සමාජයක් හොඳ බව නොකියා කියයි)

පසළොස්‌ හැවිරිදි පාසල් දැරියක්‌ ඇගේ පෙම්වතා විසින් උණවටුන වැල්ල අසල පිහිටි හෝටලයකට රැගෙන ගොස්‌ දූෂණය කර නිරුවත් පින්තූර ගනු ලැබ ඇතැයි ඊයේ (29 දා) 'දිවයිනේ' පළවිය. පෙම්වතා කොතරම් නීචයකුද යත් දැරියගේ නිරුවත් ඉරියවු සහිත වීඩියෝව මිතුරන්ට ද පෙන්වා තිබේ. 


පසුව මේ පින්තූර ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කර අවස්‌ථා කිහිපයකදීම පෙම්වතා දැරිය දූෂණය කර ඇත. සිද්ධිය හෙළි කළොත් ඇසිඩ් ගසන බවට ද පෙම්වතා තර්ජනය කර ඇත.  මෙබඳු අධම කාලකණ්‌ණින් පෙම්වතා යනුවෙන් හැඳින්වීමම ප්‍රේමයට කරන නිග්‍රහයකි.  

(එයට නම් අපිත් එකගය ) ප්‍රේමයේ මායාව පෙන්වා දැරියන් අපහරණය කර නිරුවත් පින්තූර ගැනීම අද ඉතාම සුලභ පුවතකි. ඉහත සිද්ධිය අනාවරණය වූ එක පුවතකි. එබඳු සිද්ධීන් දහස්‌ ගණනක්‌ වැල්ලට මායිම්ව ඇති හෝටල්වල පමණක්‌ නොව රට අභ්‍යන්තරයේ පිහිටි ලැඟුම්හල්වල ද සිදුවෙයි. 

නිදහස සහ තාක්‍ෂණය විසින් කාමය ගෘහස්‌ථ සන්නාමයක්‌ හෙවත් ගෙදර දොරේ භාණ්‌ඩයක්‌ බවට පත් කර තිබේ. මධ්‍යම පාන්තික ගෙදරක තිබෙන ලැප්ටොප් එක, ෆ්‍රෑන් එක, ෆ්‍රි එක වැනි මූලික උපකරණ හා සමාන තැනක්‌ කාමයට ද තිබේ. (ඉන්ටනෙට් / ෆේස් බුක් භයානක ලිංගික උපකරණ කියා ළමයා සිතයි)

 මෙයට අවුරුදු තිහ හතළිහකට පෙර බ්ලූ ෆිල්ම් හෙවත් කාම චිත්‍රපට පෙන්වන ලද්දේ කොළඹ සහ තදාසන්න නගරවල, ගුබ්බෑයම් තුළ,ඉතා රහසින් මි. මී. 8 හෝ මි. මී. 16 ප්‍රමාණයේ කුඩා ප්‍රොජෙක්‌ටර්වලින් අප්‍රමාණ ආරක්‍ෂාවක්‌ යොදා ය. 


එකල බ්ලූ ෆිල්ම් එකක්‌ පෙන්වා පොලිසියට හසු වූ විට ප්‍රොජෙක්‌ටර් ඔපරේටර්ගේ හිස මත ප්‍රොජෙක්‌ටරය තබා, ෆිල්ම් රෝල් ඔහුගේ කර වටා මාලයක්‌ සේ දමා, පහර දෙමින් පාර දිගේ පයින්ම පොලිසියට ගෙන යනු ලැබේ. (දිවයින ළමයා පොලිස් හිංසනය දකින්නේ වීරකමක් ලෙසටය​)

අද ප්‍රොජෙක්‌ටර් වලින් වල් චිත්‍රපට බැලීම පුරාවිද්‍යාවට සම්බන්ධ කටයුත්තකි. අද අන්තර්ජාලයට ගිය විට වල් චිත්‍රපට ලක්‍ෂ ගණන් නොමිලයේ බැලිය හැකිය. මෙවැනි චිත්‍රපට සහිත වෙබ් අඩවි හෙවත් සයිට්‌ බාධාකිරීම ආණ්‌ඩුවේ විදුලි සංදේශ නියාමන කොමිසම විසින් කරනු ලැබේ. 


එහෙත් වැඩ දන්න කොල්ලා ඡරදංහ නමැති වෙබ් අඩවිවලට ගොස්‌, ආණ්‌ඩුවට බම්බු ගසා ගන්නැයි කියා වල් චිත්‍රපට බලයි. මේ අනුව මෙය සුනාමිය වැනි, කිසිදු ආරක්‍ෂාවක්‌ යොදා වැළැක්‌වීමට බැරි තත්ත්වයකි. තරුණ යුවළකට කාමරයක්‌ දීමට එක හෝටලයක්‌ අකමැති වූ විට තව හෝටල් 100 ක්‌ එයට සූදානම් ය. මෙය වෙළෙඳ සමාජයේ ස්‌වභාවයයි. 

ලෝකය විනාශ වී ශිෂ්ටාචාරය නැවත පටන් ගන්නාතුරු මේ තත්ත්වයෙන් ගොඩ ඒමක්‌ නැත. (දිවයින ළමයාට නිල් චිත්‍රපටයක් බලන කොල්ලන් ගැන විස්සෝප වේ. එහෙත් ලාබාල දැරියක් දූෂණය කල දුමින් ද සිල්වා වැනි කාම අපරාධ ගලිවර්ලා ගැන මුනිවත රකී. )

අවසානයට දිවයින ළමයාගෙන් අපට කීමට  ඇත්තේ මෙයයි : දිවයින ළමයා grow up
 
Related Posts with Thumbnails