Ads 468x60px

.

මගේ මිනිය ගමට ගෙනියන්න එපා - මේක මගේ කැමැත්තෙන් කර ගන්නා දෙයක්‌.

පෙම්වතාට සටහනක්‌ තබා ගිනි තබාගෙන මියගිය පෙම්වතියගේ කතාව.

මහර පුද්ගලික ආයතනයක සේවයේ නිරතව සිටි 24 හැවිරිදි තරුණියක්‌ දින 3ක්‌ නිවාඩු ලබාගෙන නවා තැනෙහි කිසිවකු නොමැති අවස්‌ථාවක සිරුරට ගිනි තබාගෙන දිවි හානි කරගෙන ඇති පුවතක් අප වෙත වාර්තා වෙනවා.

මම මළත් ඔයා පිටු පසින් එනවා. මට ඔයාව මළත් අමතක කරන්න බැහැ යනුවෙන් සිය දින පොතේ සටහනක්‌ තබා මහර පුද්ගලික ආයතනයක සේවය කරමින් සිටි ඇය සිය නවාතැන් කාමරයේදී ජනවාරි 24 දා සවස 2.30 ට පමණ සිරුරට භූමි තෙල් හලාගෙන ගිනිතබාගෙන දිවි හානිකරගෙන තිබෙනවා.

මෙසේ දිවි හානිකර ගෙන ඇත්තේ දොරපීල්ලේ පදිංචිව සිටි අචලා මධු භාෂිනී විඡේවර්ධන නමැති රූමත් තරුණියක් වන අතර ඇය විවාහ කර ගැනීමට කලක සිට සූදානම්ව සිටි තරුණයා වෙන තරුණියක සමඟ

විවාහකර ගැනීමට යන බැව් ආරංචි වී සිත් තැවුලට පත්ව මෙසේ ගිනි තබාගෙන තිබෙනවා.

ජනවාරි 25 දා රාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ. එල්. එම්. එස්‌. පෙරේරා මහතා පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමෙන් පසු සිරුරට භූමි තෙල් හලාගෙන ගිනි තබාගෙන සිදුකර ගත් සිය දිවි නසා ගැනීමක්‌ බැව් තීරණය කරනු ලැබිණ.

ඇගේ දින පොතේ මෙසේද සටහන්ව තිබිණි. "අනේ සලු" ඔයා වෙනත් අයෙකු විවාහ කර ගැනීමට තීරණය කර ඇත්තේ වැඩිහිටියන්ගේ ඉල්ලීම ඉවත දැමීමට නොහැකි නිසා වෙන්න ඇති. ඒත් මට ඒක ඉවසන්න බෑ. මම ඔයා වෙනුවෙන් මගේ ජීවිතය පුද කරනවා. 


මම මැරිලත් ඔයා සොයාගෙන එනවා. බෝඩිමේ අයට ප්‍රශ්නයක්‌ වෙන්න ඉඩ තබන්න එපා. මේක මගේ කැමැත්තෙන් කර ගන්නා දෙයක්‌. මගේ මිනිය ගමට ගෙනියන්න එපා. "ජීවිතං අනියතං මරණං නියතං" කඩවත පොලිසියේ පො.සැ. (69249) ගුණරත්න මහතා සාක්‍ෂි මෙහෙය වීය.
 
Related Posts with Thumbnails