Ads 468x60px

.

පාසල් සිසුවිය නේවාසිකාගාරය තුළදී දුෂණය කළ පාසල් සිසුවා...

පාසල් සිසුවියක්ව පාසල් නේවාසිකාගාරයක් තුළදී දුෂණය කළ බව කියන පාසල් සිසුවෙකුව අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ආණමඩුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - තෝනිගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියකි. අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේ ම පදිංචි වයස අවුරුදු 18ක් වන පාසල් සිසුවෙකුවය.

අතවරයට පත්ව ඇති දැරිවිය ආණමඩුව ප්‍රදේශයේ පාසලක 10 වන වසර ඉගෙණුම ලබමින් සිටී. සැකකාර ශිෂ්‍යාද එම පාසලේම 12 වන වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිට ඇත. 


දෙදෙනා අතර මීට සති කීපයකට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් ආරම්භ වී ඇත. පසුගිය 01 වැනිදා පුද්ගලික උපකාරක පන්තියකට යාම සදහා
සිසුවිය ආණමඩුව නගරයට පැමිණ ඇත. බස් නැවතුම්පලේදී සිසුවිය සහ සැකකරු හමුවී ඇත. 

පසුව සැකකරුගේ ඉල්ලීම මත දෙදෙනාම පාසලේ නේවාසිකාගාරය වෙත ගොස් ඇති බවත්,නේවාසිකාගාරය තුළදී සැකකරු තමන්ව දුෂණය කළ බවත් සිසුවිය පොලීසිය හමුවේ පවසා ඇත.

සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියගේ ජංගම දුරකථනයේ තිබූ කෙටි පණිවිඩයක් ඇයගේ මාමා කෙනෙකු දැක මේ සම්බන්ධයෙන් සොයා බලන විට සිද්ධිය අනාවරණය වී ඇත. 


ඉන් පසුව සිද්ධිය පොලීසියට වාර්තා වී ඇත. සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට යොමුකර ඇත. ආණමඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ කර ගෙන යයි.
 
Related Posts with Thumbnails