Ads 468x60px

.

වෙනෝෂා ඉමන්දිගේ මරණය දඩමිමා කරගෙන ෆේස්බුක් තහනම් කිරීමට පොටක් පාදා ගනියි.?


ප‍ටු දේශපාලනික 
හේතු මුල පාදයි

ෆේස්බුක් සමාජ ජාල අඩවි යේ පළ කර තිබී යැයි කියන ඡායාරූප කිහිපයක් සම්බන් ධයෙන් විදුහල්පති වරයෙකු විසින් දොස් පැවරී මෙන් සිත්තැවුලට පත් 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙන පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ගෙල වැළලා ගෙන මියගිය සිසුවියගේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සුසාන භූමිය වෙත යා යුතුව තිබූ ඇය ඉගෙනුම ලැබූ සර් ජොන් කොතලාවල විදුහල ඉදිරිපිට මාර්ගයේ ගමන් නොකරන ලෙසද පාසලේ කිසිම සිසුවෙක්ට නිල ඇඳුමින් මෙම අවමගුලට සහභාගී නොවන ලෙසද තහනම් නියෝගයක් අධිකරණය මඟින් ලබා ගැනිමට විදුහල්පති පර්ශ්වය කටයුතු කර ඇති බවයි. 

එවැනි නියෝගයක් ගැනිමේ මුඛය අරමුණ ෆේස්බුක් විරෝධයක් මතු කිරීමට බව පැහැදිලිය. මෙසේ ජීවිතක්ෂයට පත්වූයේ දඹුල්ල පාර,‍තෝර යාය පදිංචි වී සිටි පී.පී.වෙනෝෂා ඉමන්දි දැරියයි. 

ඇය මෙවර අපොස සා.පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි රූමත් දැරියකි. ඇය සිය ගෙල වැළලා ගන්නට පෙර ෆුල්ස්කැප් පිටු දෙකක් පුරා විදුහල්පතිවරයා විසින් තමන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් එල්ල කළ චෝදනා ගැන සඳහන් කර තිබේ.

ගෙල වැල ලාගැනීමට පෙර සිය පියා අමතමින් ලියු එම ලිපියේ සඳහන් වන්නේ නොකළ වරදක් සම්බන්ධයෙන් නොමනා වචන පවා යොදාගනිමින් විදුහල්පතිවරයා විසින් තමන්ට දොස් පැවරූ බවත්, පාසලේ තවත් ළමයෙකුට මෙවැනි ඉරණමක් අත් නොවනු පිණිස මෙලෙස සියදිවි නසා ගන්නා බව යැයි පැවසේ.

මෙම සිදුවීම දඩමිමා කරගෙන ෆේස්බුක් තහනම් කිරීම සඳහා පොටක් පාදා ගැනීමට පාලක පාර්ශ්වයේ යම් සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවට ඉඟියක් මේ දින කිහිපයේ රාජ්‍ය හිතැති මාධ්‍ය වල මේ සම්බන්ධයෙන් කෙරුණු වාර්තා අනුව පෙනී යයි.

ෆේස් බුක් තහනම් කිරීමේ වුවමනාව පාලක පක්ෂයට ඇතිවන්නේ ප‍ටු දේශපාලනික හේතු මත මිසක මේ ප්‍රශ්නය නිසා නොවන බව පැහැදිලි කරුණකි. ඒ කෙසේ වුවත් මේ ගැන කෙරෙන ඇතැම් සාකච්ඡාවකදී
මේ මරණයේ වගකීම මාපිය ගුරුවරු මතට පැවැරීමද දකින්නට ලැබේ.

ඒ ගැන කෙරෙන සාකච්ඡාව තුළ සාධනීය බවක් තිබේ. මන්ද පළමු කාරනය ලෙස තේරුම් ගත යුත්තේ මේ වර්තමානය ගැනය. තොරතුරු තාක්ෂණ යුගය මඟ හැර අපට රටක් විදිහට හෝ පුද්ගලයකු විදිහට තවත් ඉදිරියට යා නොහැක.

අනිත් කාරනය වැඩිවියට පත් වූ ගැහැනු ළමයකුට විෂම ලිංගිකයා හෝ සම ලිංගිකයා ගැන හෝ ලිංගික ආලයක් හට ගත හැකිය. ඒ වැලැක්විය නොහැක. මාපියන්ට හෝ ගුරුවරුන්ට එහිදී ඇයට උදව් වීම හැර කරන්නට අනෙකක් නැත. උදව් වනවා කියන්නේ ඇයව තර්ජනයෙන් ගර්ජනයෙන මැඩ පැවැත්වීම නොවේ. අලුත් තත්වයට මුහුණ දීම සඳහා ඇයව සූදානම් කිරීමය.

විශේෂයෙන්ම පාසලක විදුහල්පතිවරයාට මේ සම්බන්ධයෙන් විශේෂඥත් හාවයක් තිබීම අනිවාර්ය කරුණකි. අද විදුහල්පතිවරු ලෙස පත්වීම ලබන්නන් බහුතරයකට දරුවන් සමඟ කටයුතු කිරීම ක්‍රමවේදය ගැන දැනුමක් නැත්තෝ යැයි කිමෙහි වරදක් නැත. ඇතැමුන් අධ්‍යාපන සුදුසුකම් හෝ නොසපුරා දේශපාලන පන්දම් ඇල්ලීමේ ක්‍රමයෙන් ඒ තැන් වලට පත් වූවන්ය.

එමෙන්ම කුඩා දරුවන් වේවැල පෙන්නා මට්‍ටු කල හැකිවුවත් නව යොවුන් වියේ දරුවන්න් එසේ මට්‍ටු කල හැකි නොවන්නන් බව හෝ මේ විදුහල්පතිවරු සතුව දැනුමක් නැති බවට සැකයකුත් නැත.

ඔවුන් හා ගනුදෙනු කරන්න ඒ තත්වය ගැන නව යොවුන් විය ගැන මනෝවිද්‍යාත්මක දැනුමද ඇවැසි වේ. මේ නිසා සිදු විය යුත්තේ අතීසාරයට අමුඩ ගසන්නා මෙන් ගෝත්‍රික ආකල්ප මත පිහිටා විසඳුම් ඉදිරිපත් කර ෆේස්බුක් තහනමක් පැනවීම නොවේ. 


ෆේස් බුක් යන්න තමන්ගේ ජිවිතයේ අනුෂාංගික කොටසක් ලෙස පවත්වා ගනිමින් ජීවිතය ජය ගත හැකිමඟ පෙන්වා දිමය.
 
Related Posts with Thumbnails