Ads 468x60px

.

තරුණ තරුණියන් බස්රථ වලට ගොඩවී අශෝබන ලෙස හැසිරීමට පුරුදු වෙලා...


පෙම් රැඟුම් මඬින්න 
පැති වීදුරු ආවරණ 
ගලවා දමයි 

තිස්සමහාරාම බස් නැවතුමේ නවතා ඇති බස් රථ තුළ තරුණ තරුණියන්ගේ අශෝභන ලෙස හැසිරීම් නිසා මගිහු දැඩි අසීරු තාවට පත්ව සිටින බව අප වෙත වාර්තා වෙනවා. මෙම තත්ත්වය සන්ධ්‍යා කාලයේ දී බහුල වශයෙන් සිදුවන බව නිරීක්ෂණය කිරීමට හැකි බවත් අපට වාර්තා වුණා.

සවස 6 ත් 7 ත් අතර තිස්සමහාරාම නගරයෙන් ග්‍රාමීය ප්‍රදේශ කරා ගමන් කරන පෞද්ගලික බස්රථ දිගු වේලාවක් බස් නැවතුමේ නතර කර තිබෙන අතර පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වී ආපසු නිවෙස් කරා යාමට පැමිණෙන තරුණ තරුණියන් අදාල බස්රථ වලට

ගොඩවී අශෝබන ලෙස හැසිරීමට පුරුදුවී සිටීම නිසා වැඩිහිටියන් මෙන් ම කුඩා දරුවන් දැඩි අපහසුතාවන්ට පත්වන බව මගීහු චෝදනා කරනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ තිස්සමහාරාම පොලීසියේ කාන්තා හා ළමා ඒකකයේ ස්ථානාධිපතිනිය බස්රථ දෙකක සේවකයින්ට මෙම තත්ත්වය නැවැත්වීමට වහා පියවර ගන්නා ලෙස දැඩි ලෙස අවවාද කර ඇති අතර බස්රථ කිහිපයක පැති වීදුරු ආවරණය වන සේ යොදා තිබූ තිර රෙදි ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.
 
Related Posts with Thumbnails