Ads 468x60px

.

අයියනායක කෝවිලටත් දෙවියන්ගේම පිහිටයි...

දුටුගැමුණු රජු විසින් දුටුගැමුණු එළාර යුද්ධය නිමකොට එන ගමනේදී සුකී ජනතාවට වැඳුම් පිදුම් කිරීම පිණිස ඉදිකළා යැයි ජනප්‍රවාදයේ කියවෙන හොරොව්‍පොතාන ශ්‍රී අයියනායක කෝවිල විනාශ වෙමින් පවතී.

දුටුගැමුණු සමයට අයත්යැයි සැලකෙන මෙම කෝවිල නිදන් හොරුන්ගෙන් විනාශ වෙමින් තිබෙන බවත් එහි අඩුපාඩු රැසක් පවතින බවත් ප්‍රදේශවාසීන් හා කෝවි‍ලේ ප්‍රධාන පූජකවරයා පෙන්වා දෙති.  

ගලින් සාදන ලද ගණදෙවි පිළිමය, බහිරව පිළිම, ශිවලිංගය හා ඊශ්වර දෙවියන්ගේ වාහනය ලෙස සැලකෙන ගව ප්‍රතිමාව ඇතුළු පුරා

විද්‍යාත්මක වටිනාකමකින් යුත් කෝවිල් මන්දිරයද විවිධ අවස්ථාවල නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති. 

මේ සම්බන්ධයෙන් කෝවි‍ලේ ප්‍රධාන පූජක අජිත් ලක්ෂ්මන් සෙනවිරත්න අදහස් දැක්වූයේ මෙසේය.  

මෙම ස්ථානය ඉපැරණි සිද්ධස්ථානයක් බව දැක ගැනීමට තිබෙනවා. බොහෝ දේවල් වර්තමානය වන විට නිදන් හොරු විනාශ කරලා. මෙහි තිබූ ගලින් නිම කළ මිල කළ නොහැකි ගව ප්‍රතිමාව මීට වසර දෙක හමාරකට පෙර නිදන් හොරු පැහැරගෙන ගිහින්. මේ පිළිබඳ කිසිදු ආයතනයකින් මතෛක් රාජකාරියක් වුණේ නෑ.

අනෙකුත් පිළිමත් කෝවි‍ලේ විවිධ ස්ථානත් විනාශකර තිබෙනවා. දැන් මේ කෝවිල් මන්දිරය ඉතා අබලන්. ඒ වගේම මෙහි අඩුපාඩු රාශියක් තිබෙනවා. ‍පොදු පහසුකම් කිසිවක් නෑ. කෝවිල් මන්දිරයේ වහලය ගැලවිලා බිත්ති ශක්තිමත් නෑ. මේවා වැනසී යාමට නොදී රැකගත යුතුයි.

මෙහි පූජා පැවැත්වීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ජනතාව පැමිණෙනවා. වැසිකිළි පහසුකම්, බිමට ජලය නැති නිසා මෙසේ එන ජනතාව අපහසුතාවට පත් වෙනවා. මේවා ආරක්ෂා කර ගැනීමටත් නැවත ගොඩනගා ගැනීමටත් හැකි අය ඉදිරපත් වෙනවානම් හොඳයි.
 
Related Posts with Thumbnails