Ads 468x60px

.

ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ගොන් කතා...

උපකාරක පන්ති සිසුනට දඹුල්ල බස් නැවතුම්පොළේ සිතුමතේ හැසිරීම සඳහා යොදා ගත් පෞද්ගලික බසයට යළි දඹුල්ලට පැමිණීමට ඉඩ නොදෙන බවත්, එසේ පැමිණියහොත් ගසා පන්නන බවත් ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ගලේවෙලදී ප්‍රකාශ කල බව ලංකාදීප පුවත් පත වාර්තා කරයි. මෙම  බසයට එන සිසුන්ගෙන් පැයකට රුපියල් 300ක් අය කර ඇති බවත් ඔහු කියයි.

මෙවැනි අපචාරී කටයුතු වලට එරෙහිව ක්‍රියා කිරීමට පොලිසියක් තිබේ.  එම නිසා රටක පවත්නා නීතිය අනුව මේ අපචාර වලට එරෙහිව කටයුතු කරනවා මිස කැමති කෙනෙකුට පහර දීමට ඇමතිවරුන් හෝ උන් ගේ පාන් වාටි කන එවුන්ට ඉඩ දීම යනු ජනතාවම ඉල්ලාගෙන කෑමකි.


නීතියෙන් පරිබාහිරව ගහන බව කපන කොටන බව කියන්නේ රජයේ වග කිව යුතු ඇමතිවරයෙකි.  කුඩු කන්ටේනර එතනෝල් කන්ටේනර ගෙන්වන එවුන්ට බුලත් දී පිළිගන්නා මේ ජෝකරයන් ගමේ ගොෙඩ් බයියන් ඉදිරියේ බොරු චන්ඩි කතා කියති.  


වග කිව යුතු කැබිනට් ඇමතිවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්න කෝන්ලා ගේ මෝඩ කථා වලින් ෆෝම් වන ගම් වල දේශපාලන බලයක් අහුලා ගන්නා නූගත් බයියෝ ඉන්පසු අයාලයේ ක්‍රියා කරති. 

මේ සඳහා උදාහරණයක් ලංකාදීප පුවත් පතම වාර්තා කරයි. ඉංගිරිය හල්වතුරේ කළු ගඟේ අතු ගංගාවක මැණික් ගරමින් සිටි හතක් පොලිස් අත්අඩංගුවට ගත් පසු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මැර පිරිසක් සමග පැමිණ එම පිරිස මුදාගෙන ගොස් ඇත. 


ඔවුන් ත්‍රීරෝද රථවලින් පැමිණ ඇති බවත්, පොලිසියට ඉතිරි වූයේ ඉල්ලම් කූඩ පමණක් බවත් කියති. පෙනේද ජනක බණ්ඩාර තෙන්න කෝන්ලාගේ ගොන් කතා යන දුර ?

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails