Ads 468x60px

.

සිරිසේනලා හා රංජිනීලා...

ළමා රෝග විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන කොලඹ හතේ ඉපිද කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා වෛද්‍යවරියක වී පොලොන්නරුවේ හද්දා පිටිසර මිනිසුන්ට ප්‍රතිකාර කිරීමට ගියාය. මෛත්‍රිපාල සිරිසේන පොලොන්නරුවේ ඉපිදී අසීරුවෙන් ජීවිතය ගැටගහගෙන ගමේ ඉස්කෝලේ ඉගන ගෙන ග්‍රාම නිලධාරියෙකු වී පසුව දේශපාලනය හරහා කොලඹ ආවේය​. 

රංජනී ගුණවර්ධන අද දෙහි අත්තකණ්‌ඩිය කජුවත්ත ප්‍රදේශයේ මහවැලි සංවර්ධන මණ්‌ඩලයට අයත් අතහැර දමන ලද ගබඩාවක ජීවත් වෙන්නීය. රංජිනී දුප්පත්ය. හම්බ කරගත් දෙයක් නැත. 

මෛත්‍රිපාල සිරිසේන අද හොඳ සල්ලිකාරයෙකි. ඔහු ජීවත් වන්නේ කොලඹය​. මෛත්‍රිපාල සිරිසේන පමණක් නොව ඔහුගේ සහෝදරවරුන් වන ඩඩ්ලි සහ වැලි රාජු යනු කෝටිපතියන් ය​. රංජනී ගුණවර්ධනගේ හදාගත් ලමයාද අද ලංකාවේ නැත​. 

මෛත්‍රිපාල සිරිසේනගේ පුතා නම් කාලෙකට ඉහතදී කනමදයාසේ බීගෙන මාළු මාළු හෝටලයේ පොලිස් නිලධාරියෙකුගේ පුතෙකුටද තඩිබෑවේය​. රංජනී ගුණවර්ධන අද කාත් කවුරුවත් නොමැතිව පාළු ගබඩාවක ජීවිතය ගත කරද්දී ඇගේ තනියට සිටින්නේ බලු කුක්‌කන් කිහිප දෙනෙක්‌ සහ පූසන් කිහිප දෙනෙක්‌ පමණය​. 

මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයා වටා සර් සර් කියමින් දේශපාලන පුබ්බඩයන් පමණක් නොව ලොකු ලොකු දොස්තරලාද බල්ලන් පූසන් මෙන් පයේ දැව​ෙටති. සිරිසේනලා ගේ හා රංජිනීලා ගේ ඉරණම් තීන්දු කලේ කුමක් ද ? කර්මයද ලංකාවේ පසුගාමි දේශපාලන සංස්කෘතියද ?

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails