Ads 468x60px

.

දේවාලයේ පිහිට පතා ආ තරුණියට වහ වැටී කපුවා බිරිඳ සහ දරුවන් පන්නලා

දඹුල්ල ප්‍රදේශයේ කපුවෙක්‌ තම බිරිඳ සහ දරුවන් දෙදෙනා ඇඳිවත පිටින් නිවෙසින් පන්නා දමා අනියම් බිරිඳක්‌ නිවෙසට කැන්දා ගෙන විත් තිබෙනවා.

නිවෙසින් පන්නා දැමූ බිරිඳ සහ දරුවන් දෙදෙනා කිසිවෙකුගේ හව්හරණක්‌ නොමැතිව නිරාහාරව

සිටියදී දඹුල්ල පොලිසියේ නිලධාරීන්ගේ කාරුණික අවධානය යොමුවී මේ වන විට පොලිස්‌ කාන්තා නේවාසිකාගාරයේ තබාගෙන අවශ්‍ය ආහාර පාන සහ රැකවරණය ලබාදෙමින් සිටී.

පස්‌වැනි ශේ්‍රණියේ හා තුන්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන වැඩිමල් පිරිමි දරුවාගේත් අනෙක්‌ ගැහැනු දරුවාගේත් අධ්‍යාපන කටයුතු මේ වන විට ඇන හිට
තිබෙනවා

30 වැනි වියේ පසුවන මව දැඩි මානසික කම්පනයකට ලක්‌ව ඇති බවත් ඇයගේ අපේක්‍ෂා භංගත්වය නිසා සිය දිවි හානි කර ගන්නා බව සඳහන් කිරීම නිසා ඇයට අවශ්‍ය මානසික උපදේශනය ලබාදෙමින් මෙම පවුල් ආරවුල සමථයකට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවත් දඹුල්ල නියෝජ්‍ය මූලස්‌ථාන පොලිස්‌ ස්‌ථානාධිපති සී. බී. එම්. ආර්. වීරසේකර මහතා පැවසීය.

එම දේවාලයේ පිහිට පතා පැමිණි 28 හැවිරිදි වියේ පසුවන තරුණියක්‌ කපුවා දැනට අඹුකමට තබාගෙන
තිබෙනවා.
 
Related Posts with Thumbnails