Ads 468x60px

.

කැලණිය ගෝනවල ලැඟුම්හලකදී සුරූපී කත අබිරහස්‌ ලෙස මියගිහින්

ගෝනවල ගල්ඒදණ්‌ඩ ප්‍රදේශයේ ලැගුම් හලක සේවය කළ සුරූපි කාන්තාවක්‌ එම අවන්හලේ කාමරයක්‌ තුළ ගෙල වැලලාගෙන මියගොස්‌ තිබෙන පුවතක් කැලණිය ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මෙසේ මියගොස්‌ ඇත්තේ කොළඹ සාංචිආරච්චි වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තුවාන් ෆාතිමා නමැති 19 හැවිරිදි මුස්‌ලිම් කාන්තාවකි.

මෙම සුරූපිනිය එම අවන්හලේ විදුලි පංකාවක තිර ඇතිරිල්ලකින් ගෙල වැලලාගෙන සිට ඇති අතර නිවසෙහි ස්‌ථාන කිහිපයකම ලේ පැල්ලම් හා

ඇය මිය යැමට පෙර අමානුෂිකව පහරදීම්වලට ලක්‌ව ඇති බව ද මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබෙනවා.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ මෙම අවන්හලේ විශාල ඝෝෂාකාරී බවක්‌ පැවතුන බව ද මෙම තරුණිය කෑගසන හඬ වරින්වර ඇසුන බව ද ප්‍රදේශවාසීහු පවස
නවා.

මෙම සිද්ධිය වූ දින රාත්‍රියෙහි එම ලැඟුම්හල තුළ මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට කැඳවන ලෙස ද මහෙස්‌ත්‍රත්වරයා පොලිසියට දැනුම් දුන් අතර, එම ලැඟුම්හල භාර අසංක අල්විස්‌ නමැති පුද්ගලයාගෙන් ද පොලිසිය කටඋත්තර ලබාගෙන
තිබෙනවා.
 
Related Posts with Thumbnails