Ads 468x60px

.

විදුහල්පති ෆේස්‌බුක්‌ ගැන ප්‍රශ්න කළ පසු ශිෂ්‍යාව බෙල්ලේ වැල දාගෙන

කුරුණෑගල ප්‍රදේශයේ මිශ්‍ර පාසලක ශිෂ්‍යාවක්‌ ෆේස්‌ බුක්‌ වෙබ් අඩවියට සිය ඡායාරූප කිහිපයක්‌ ඇතුළත් කර තිබීමේ සිද්ධියක්‌ පිළිබඳව විදුහල්පතිවරයා කළ ප්‍රශ්න කිරීමක්‌ මුල්කරගෙන සිත් තැවුලට පත්වූ එම දැරිය නිවසට පැමිණ ගෙලවැලලාගෙන මියගොස්‌ තිබෙනවා.

වෙනුෂා ඉමන්දි බණ්‌ඩාර නමැති දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක්‌ මෙසේ දිවිනසාගෙන
තිබෙනවා. මේ පිළිබඳව විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ ජීවිතයට හානි කරගන්නට තරම්
මෙම අවවාද කිරීම දරුණු එකක්‌ නොවන බවයි. 

පාසල් දරුවන්ට අවවාද කිරීමට පවා නොහැකි තැනට දරුවන්ගේ මනස ක්‍රියාකිරීම පිළිබඳව වගකිවයුත්තන් මීට වඩා සොයා බලා යම් කිසි ක්‍රමවේදයක්‌ සැකසිය යුතු බව පාසල් ගුරුවරුද පැවසූහ.
 
Related Posts with Thumbnails