Ads 468x60px

.

ෆේස් බුක් නිසා තවත් තරුණියක් සියදිවි නසා ගනී.


සාරියකින් 
ගෙළ 
වැළලාගෙන

ෆේස් බුක් පේ‍්‍රම සම්බන්ධතාවයක් මුල්කර ගනිමින් තරුණියක් ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් අද වාර්තා වුණා. 

ඇල්පිටිය - පිටිගල - පොකුණුවලකඩ - පැලවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි දිනේෂා තිලක්ෂි නැමති තරුණියයි අද උදෑසන සාරියකින් ගෙළ වැළලාගෙන සිය නිවසේදී ජීවිතක්ෂයට පත්වී ඇත්තේ. 

ඒ, ඇගේ මව රැකියාව සඳහා ගොස් සිටියදියි. සහෝදරියන් දෙදෙනෙක් මෙම තරුණියට සිටින අතර ඔවුන්ද ඇය සියදිවි හානි කරගන්නා
අවස්ථාවේදී නිවසේ සිට නැහැ. 

පිටිගල පොලීසිය සඳහන් කළේ තරුණියගේ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මේ වනවිට සිරුර ඇල්පිටිය රෝහලට රැගෙනවිත් ඇති බවයි.
 
Related Posts with Thumbnails