Ads 468x60px

.

පැරිසියේ ආදරණිය සැන්දෑව...

සතුට, සාමය එකමුතුව සමග ආදරය නමින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් වැඩ සටහනක්  පැරිසියේදී පැවැත්වෙනවා. 

පෙබරවාරි 15 වෙනිදා පැවැත්වීමට නියමිත මෙම වැඩ සටහන “රෝමන්තික්  සැන්දෑව” ලෙස නම් කර ඇති බව වැඩසටහන සංවිධායකයන් වන පැරිසියේ මීගමු සංවිධානය පවසනවා. “රෝමන්තික් සැන්දෑව” ගැන එහි ප්‍රධාන සංවිධායක ලක්මාල් මදුරාවල සමග කල කෙටි කතා බහක්.

“පැරිසියේ ශ්‍රී ලංකික ප්‍රජාව විදිහට පළමු වතාවට තමයි මෙවර ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ. පහුගිය මාස කිහිපයක් පුරාම මිස් ශ්‍රී ලංකා ඉන් ෆ්‍රාන්ස්, නත්තල් වැඩසටහන් වලින් වෙහෙසට පත්වෙලා හිටියත් මේ වැඩසටහනට අත ගැසුවේ විශේෂ හේතුවකුත් ඇතුවයි. 

ඒ හදවත් පෑරීලා, සිරීලා, බිදිලා තියෙන ශ්‍රී ලංකික ප්‍රජාව ආදරය සමගින් එකතු කරන්න අවස්ථාවක්, මගක් සලසාගන්න අරමුණ පෙරදැරි කරගෙනයි. 

මෙතැනදී අපි කිසිම භේදයක් සලකන්නේ නැහැ. ජාති, ආගම්, කුල, ලිංග භේද, භාෂා, වයස්, වර්ණ, පන්ති, පක්ෂ, සන්ස්කෘතික භේදයකින් තොරව සතුට සාමය එකමුතුව වෙනුවෙන් ඕනෙම කෙනෙකුට මේ ආදරණීය සැන්දෑවට එක්වෙන්න පුළුවන්.”

“ නර්තන, සංගීත සමගින් ආදරය හා සතුට මුසුවුණු විශේෂාංග රැසක් මෙහිදී පැවැත්වෙනවා. වැඩිහිටි, තරුණ, වශයෙන් ඉතාමත් සුන්දර තරග ඉසව් රැසක්ම අපි මෙහි සංවිධානය කර තිබෙනවා. 


උදාහරණයක් විදිහට ගත්තොත් හොදම ආදරවන්තයින් තේරීම, හොඳම නර්තන යුගළ තේරීම වගේ තරග. ළමයින් වෙනු වෙනුත් තරග රැසක් තියෙනවා. ජයග්‍රාහකයන් හැමෝටම ආදරණිය තිලිණ ප්‍රදනයකුත් කරන්න මීගමු සංවිධානය කටයුතු කරලා තියෙන්නේ .”

“මේ වෙනකොට ශාන්ත වැලන්ටයින් මුනිවරයා වෙනුවෙන් සමරනු ලබන ආදරවන්තයින්ගේ දිනයද අන් හැම දෙයක් වගේම වාණිජ අරමුණු විසින් ගිලගෙන තියෙන්නේ. 


අපි බලන්නේ ඉන් ඔබ්බට ගිහින් දෙයක් කරන්න. රෝමන්තික් සැන්දෑව  වෙනුවෙන් අපි ලබන හැම සතයක්ම අපි යොදන්නේ ශ්‍රී ලංකාවේ දුෂ්කර පළාත් වල සිටින සිංහල, දෙමළ, මුස්ලිම් පාසැල් දරුවන් තිදෙනෙකු වෙනුවෙන් ශිෂත්ව අරමුදලක් ආරම්භ කරන්න. 

පැරිසියේ මීගමු සංවිධාන ශිෂත්ව අරමුදල නමින් මේ වැඩසටහනින් පස්සේ අපි ප්‍රකාශයට පත් කරනවා. ඒ වෙනුවෙන් ක්‍රම වේදයකුත් හදුන්වා දෙනවා. රොමාන්තික සැන්දෑව ( 15 ) සෙනසුරාදා 124, Rue de Bangnolet, 75020, Paris. ( උමං දුම්රිය නැවතුම - Porte de Bangnolet) පැවැත්වේ.
සටහන - අ.වී.
 
Related Posts with Thumbnails