Ads 468x60px

.

බටහිර අධිරාජ්‍යවාදීන් ජාන තාක්‍ෂණය මගින් දේශ ප්‍රේමීයන් ගොදුරු කර ගන්නා හූනෙක් බිහි කරවන තැතක්.

බටහිර අධිරාජ්‍යවාදීන් ජාන තාක්‍ෂණය මගින් දේශප්‍රේ-මීයන් ගොදුරු කර ගන්නා හූනෙක් බිහි කරවන තැතක් පිලිබඳව උපාලි ද සේරම්  දිවයින පුවත් පත මගින් හෙලි කරයි.  

ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති හූනු වර්ග 42 අතරින් (බටුවිට හා පෙතියාගොඩ 2007 සමීක්‍ෂණයට අනුව) මෙම කිඹුල් හූනා මේ තරම් වටින්නේ ඇයි දැයි කියා අප කාටත් ඇති ගැටලුවකි.


කිඹුල් හූනා ශ්‍රී ලංකාවට ආවේණික නිසා ඔවුන් පිටරට පටවා ජාන සොරාගෙන දියුණු තත්ත්වයේ හූනු වර්ගයක්‌ බිහිකිරීමට බටහිර රටවල් උත්සාහ ගත හැකිය. හූනා කටුස්‌සාගේ (saurian) ප්‍රාථමික අවධිය ලෙස
සලකයි. හූනාගේ දියුණු අවධිය කිඹුලා (crocadial) ලෙස හඳුන්වයි.

එනිසා කිඹුල් හූනා යනු කිඹුලකුගේ සෘජු මූලික අවධිය විය හැකිය. එසේ වුවහොත් මෙම කිඹුල් හූනාගේ ජාන ලබාගෙන දියුණු තත්ත්වයේ කිඹුල් වර්ග බෝකළ හැකිය. එසේත් නැත්නම් කිඹුල් හූනාගේ ජාන ලබාගෙන දියුණු තත්ත්වයේ නව හූනන් වර්ගයක්‌ ලොවට බිහි කළ හැකිය. 

එවිට එම හූනා ශ්‍රී ලංකාවට ආවේණික සතකු නොවනු ඇත. (උපාලි ද සේරම් - දිවයින පුවත් පත) බටහිර අධිරාජ්‍යවාදීන් ජාන තාක්‍ෂණය මගින් කිඹුල් හූනාගේ ජාන සොරාගෙන අපගේ දේශප්‍රේ-මීයන් විනාශ කිරීමට අර අඳින කුමන්ත්‍රනය පරදවාලිය යුතුය​.

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails