Ads 468x60px

.

ගුරා ගෝලයාගෙන් කාම යක්‌ෂයා එළවන්න තරුණ කාන්තාව රාත්‍රියේ දේවාලේට ගෙන්වාගෙන

ශාරීරික අසනීපයකට සෙත් ශාන්තියක්‌ කර ගැන්මට දිවුලපිටිය ප්‍රදේශයේ දේවාල යකට පැමිණි තරුණ කාන්තා වකට ශරීරයට කාම යක්‌ෂයා ආරූඪ වී ඇතැයි බියවද්දා හා රවටා දින ගණනක්‌ තිස්‌සේ සිය ගෝලයා ලවා අමානුෂික අතවර සිදු කරවූ පුවතක් අප වෙත වාර්තා වෙනවා

කපුවකු හා එකී ගෝලයා අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසිය පරීක්‍ෂණ සිදු කරමින් සිටින අතර දැනට මෙම කපුවාත් ගෝලයාත් ප්‍රදේශය අතහැර පලාගොස්‌ ඇතැයි පොලිසිය පවසනවා.

පිටරට සේවයක නිරතව සිට මෙරටට පැමිණි තරුණ කාන්තාවක විසින් සීදුව පොලිසිය හරහා දිවුලපිටිය පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක ට අනුව මෙසේ පොලිසිය අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ පවත්ව
නවා.

මෙම තරුණියත් ඇගේ මවත් පිටරට සේවයක නිරතව සිට මෙරටට පැමිණීමෙන් පසු එම තරුණියට වැළඳී ඇති ආබාධයක්‌ ගැන මිතුරියකට දන්වා සිටීමෙන් පසු ආබාධය සඳහා ගුරුකමක්‌ කර ගැනීම පිණිස එම

මිතුරිය විසින් එම මව සහ දුව දිවුලපිටිය ප්‍රදේශයේ මෙම දේවාලය වෙත යොමුකර තිබෙනවා.

දේවාලය වෙත පැමිණීමෙන් පසු අවශ්‍ය ගුරුකම කර ගැනීමට දින කිහිපයක්‌ දේවාලය සමීපයේ නැවතී සිටින ලෙස ප්‍රධාන කපුවා විසින් දන්වා
තිබෙනවා.

රාත්‍රි කාලයට දේවාලය වෙත කැඳවා මුල් දින දෙක තුන තුළ යම් යම් ශාන්ති කර්ම හා සෙත් ශාන්ති සිදුකර ඇති අතර පවතින ආබාධය සම්පූර්ණයෙන් සුවකිරීමට නම් රුපියල් ලක්‍ෂයක්‌ ලබාදිය යුතු යෑයිද දේවාලයේ ප්‍රධාන කපුවා විසින් දන්වා
තිබෙනවා.

එම මුදල සපයා ගත නොහැකි බව කියා එය රුපියල් හතළිස්‌දාහ දක්‌වා අඩු කරගෙන ඇති අතර, අත නැති එම මුදල සොයාගෙන ඒමට එම මව දේවාලයෙන් පිටව ගොස්‌ ඇත්තේ දුව තවදුරටත් එහි නතර කරවමිනි.

ඇතිවුණ බිය හා අසරණකම නිසාත් කළ හැකි වෙනත් දෙයක්‌ නොවුණ නිසාත් ඔවුන් කිව් ආකාරයට අනුව අවනත වූ බව එම තරුණ කාන්තාව පොලිසිය වෙත පවසා
තිබෙනවා.
 
Related Posts with Thumbnails