Ads 468x60px

.

යටත් විජිතවාදයට එරෙහි පෙළපාලියට පොලීසිය එරෙහි වෙයි

යටත් විජිතවාදයට හා වර්ග වාදයට එරෙහිව ඊයේ සවස පැරිස් නුවර පැවැත්වුනු  විරෝධතා පෙළපාලිය පොලීසිය විසින් නවතනු ලැබුයේ  ප්‍රංශ සමාජවාදී පක්ෂ ආණ්ඩුවේ නියෝගයෙනි. 

පසුගිය සතිය පුරාම යටත් විජිතවාදයට එරෙහි ක්‍රියාකාරී කමිටුව මගින් සම්මන්ත්‍රණ, වටමේස සාකච්චා , ප්‍රදර්ශණ සහ සිනමා දර්ශණ පැවැත්විය.

කොන්ගෝව , මාලි ,සහරා ,රෝමා , කුර්දි සහ තමිල් ඊළාම්  ජනයාගේ අයිතීන් පිළිබඳව මෙහිදී විශේෂයෙන් අවධානයට යොමු කෙරිණි .වාර්ෂිකව පැවැත්වෙන යටත්විජිත විරෝධී වැඩසටහන වෙනු වෙන් ප්‍රංශයේ වාමාංශික දේශපාලන පක්ෂ , කාන්තා හා තරුණ සංවිධාන රැසක් සහභාගීවන දැවැන්ත රැළියක් සංවිධානය කරනු ලබයි. 

එහෙත් මෙවර ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය සිය දායකත්වය මේ වෙනුවෙන් ලබා දී නොතිබුණි , එම නිසාම එම පක්ෂයට අනුබද්ධ සෙසු
සංවිධාන හා කණ්ඩායම්ද මිට එක් නොවිණි . සමාජවාදී පක්ෂ ආණ්ඩුවේ සහායක පක්ෂයක් ලෙස කොමියුනිස්ට් පක්ෂයද කටයුතු කරනු ලබයි. 

ධනේශ්වර විරෝධී නව පක්ෂය සහ ඊට අනුයුක්ත සංක්‍රමණිකයන් සඳහා වූ කමිටුව ඇතුළු කම්කරු , සිසු  හා තරුණ සංවිධාන මිට එක්විය. ඊට අමතරව පලස්තීන සහයෝගිතා සහ සංක්‍රමණික කම්කරු සංවිධාන කිහිපයක්ද එක්විය. මිට පෙර විශාල ජන සහභාගිත්වයක් එක් කල ප්‍රංශයේ දෙමළ සංවිධාන මෙවර එක් නොවිණි .

පැරිස් නුවර රිපබ්ලික් චතුරශ්‍රය අසළ සිට විරෝධතා පෙළපාලිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුනද , ඊට පොලීසිය අවසර ලබා දී නොතිබුණි.


කෙසේ වුවද පෙළපාලි කරුවන් මහාමාර්ගයට පිවිස පෙළපාලියේ ගමන් කිරීමට සැරසුනද සියයකට අධික පොලිස් භට පිරිස් යොදවා එය නවතනු ලැබුණි පසුව රිපබ්ලික් චතුරස්ශ්‍ර තුළ පැය තුනකට ආසන්න කාලයක් විරෝධතා කරුවන්ට එම ස්ථානයෙන් පිටව යන්නට නොදී  පොලීසිය විසින් වටලනු ලැබිය. 

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය සුක්ෂම ලෙස කටයුතු කලේ එක් වරකට පස් දෙනා බැගින් ලඟම පිහිටි උමං දුම්රිය ස්ථානය වෙත පිටත් කරමිනි.











වාර්තාව - අ.වී
 
Related Posts with Thumbnails