Ads 468x60px

.

සිගරැට්‌ ගේන්නට යන්න බෑ කියලා කිව්වම පුතාට තාත්තා පොල්ලකින් ගහලා

දුම්වැටියක්‌ ගෙන ඒම ප්‍රතික්‍ෂේප කළ තම පුතුට ගිනිසීරියා පොල්ලකින් පහරදුන් දෙදරු පියකු අත්අඩංගුවට ගැනීමට තෙල්දෙණිය පොලිසිය පරීක්‍ෂණ පවත්ව පුවතක් අප වෙත වාර්තා වෙනවා. 

තුවාල ලැබූ 12 හැවිරිදි ශිෂ්‍යයා දැනට තෙල්දෙණිය දිස්‌ත්‍රික්‌ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. පහරදුන් පියා ජී. ඒ. සමීර සංජීව (32) නමැති අයයි. මෙසේ රෝහල්ගතව සිටින්නේ මැදමහනුවර තැන්නලන්ද පදිංචි ජී. ඒ. දිලිප් ප්‍රබෝධ (12) නමැති ශිෂ්‍යයෙකි. ඉකුත් 02 දා ඔහු මෙසේ පහරකෑමට ලක්‌වී ඇත.

පහර කෑමට ලක්‌වූ ශිෂ්‍යයාගේ මව වන එන්. එම්. එච්. ජී. නිලන්ති කුමාරි (32) නමැත්තිය තෙල්දෙණිය පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇති අතර දිලිප් ප්‍රබෝධ ශිෂ්‍යයා මුහුණදුන් සිද්ධිය රෝහලේ සිට මෙසේ පැවසු
වා.

මම මැදමහනුවර මහ විද්‍යාලයේ හයේ පන්තියේ ඉගෙන ගන්නවා. ඉරිදා දහම් පාසල් ගිහිල්ලා දවල් 1.00 ට විතර ගෙදර ආවා. අම්මා ඒ වෙලාවේ දර හොයන්න ගිහිල්ලා. අත්තම්මා ගෙදර හිටියා. මම පාඩම් කරමින් ඉන්න කොට තාත්තා ඇවිල්ලා ළඟ කඩෙන් සිගරැට්‌ එකක්‌ ගෙනල්ලා

දෙන්ට කිව්වා. මම බෑ කිව්වා. ඒ කඩේ මාමා අපි වගේ ළමයින්ට සිගරැට්‌ විකුණන්නේ නෑ.

ඒ වෙලාවේ තාත්තා අරක්‌කු බීලා හිටියේ. මට පාඩම් කරන්නට තියෙනවා. සිගරැට්‌ ගේන්නට යන්න බෑ කියලා කිව්වම මිදුලේ තිබුණු ගිනිසීරියා ලීයක්‌ අරගෙන මගේ පිට පැත්තට ගැහුවා. මම කෑගැහුවා. මට හරියට රිදුණා. එතකොට අත්තම්මා ඇවිල්ලා බේරගන්න හදනකොට එයාටත් තාත්තා බැන්නා.

මම කෑගහනවා ඇහිලා අම්මා දුවගෙන ඇවිල්ලා මම පැත්තකට ගත්තා. අම්මටත් තාත්තා බැන්නා. ගහන්න ගියා. පස්‌සේ අම්මා මමත් අරගෙන තෙල්දෙණිය පොලිසියට ඇවිල්ලා කටඋත්තරයක්‌ දුන්නා. මම තෙල්දෙණිය ඉස්‌පිරිතාලෙට ඇතුළු කළා දැන් බෙහෙත් දෙනවා. තුවාලෙට බෙහෙත් දැම්මා හරියට රිදෙනවා.

නිලන්ති කුමාරි (32) මෙසේ කියා සිටියාය. මගේ සැමියා වැඩකරන්නේ වත්තේගම මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩබිමක. අපිට පුත්තු දෙන්නෙක්‌ ඉන්නවා. දෙවැනි පුතාට වයස අවුරුදු 7 යි.
 
Related Posts with Thumbnails