Ads 468x60px

.

ආමි අමිල නිසා තංගල්ල නගරය මහ දවල් 12 ට නගරය යුද පිටියක්‌ වුනු හැටි...

තංගල්ල නගරයට ඊයේ (4 වැනිදා) දහවල් 12 ට කඩා වැදුණු ස්‌වයංක්‍රීය ගිනි අවිවලින් සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු පාතාල ප්‍රබලයකු වන ආමි අමිලගේ සමීපතමයකු න තරුණයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර දෙනෝදාහක්‌ දෙනා බලා සිටියදීම පලාගොස්‌ ඇත.

තංගල්ල ප්‍රදේශයේ පාතාල ප්‍රබලයකු වූ ආමි අමිල නමැත්තාටද මීට දින කීපයකට උඩදී තංගල්ල අධිකරණය ඉදිරිපිටදී නාඳුනන තුවක්‌කුකරුවන් දෙදෙනකු වෙඩි තැබූ අතර ඔහු බරපතළ තුවාල ලබා දිවි ගලවා ගත්තේය. ආමි අමිල රෝහල්ගතව සිටියදී දින ගණනක්‌ තිස්‌සේ ඔහුගේ සාත්තුවට සිට ඇත්තේ ඊයේ ඝාතනයට ලක්‌වූ මෙම තරුණයාය.

පාතාල කණ්‌ඩායම් දෙකක්‌ අතර කලක පටන් පවතින ආරවුලක්‌ මෙම වෙඩි තැබීම්වලට හේතු වී ඇති බව පොලිසිය පවසයි. ඊයේ දහවල් 12.00 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්‌වූයේ 34 හැවිරිදි ප්‍රභාත්

චන්දන නමැති අයෙකි. බස්‌ රථ කොන්දොස්‌තරවයකු වූ මොහු දෙදරු පියෙකු බව පොලිසිය පවසයි.

තංගල්ල ප්‍රදේශය භීතියට පත්කර ගෙන සිටි ආමි අමිල නමැත්තාගේ සමීපතමයකු බව කියන ප්‍රභාත් චන්දන වෙඩි ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ බස්‌ රථයකට මගීන් ගොඩ කරමින් සිටියදීය.

ආමි අමිල නමැති පාතාල ප්‍රබලයා මීට සති කීපයකට උඩදී තංගගල්ල අධිකරණය ඉදිරිපිටදී නාඳුනන සන්නද්ධ පුද්ගලයකුගේ වෙඩි ප්‍රහාරයට ලක්‌වූයේ නඩුවකට ඉදිරිපත් වී ආපසු යමින් සිටියදීය.

එහිදී බපරතළ තුවාල ලැබූ ආමි අමිල දිවි ගලවා ගත්තේ දින ගණනාවක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමෙනි. ආමි අමිලගේ කල්ලියට විරුද්ධ පාතාල කණ්‌ඩායමක්‌ විසින් මෙම ඝාතන සිදුකරන බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබේ.

එහෙත් මෙම වෙඩි තැබීම්වලට සම්බන්ධ සන්නද්ධ පුද්ගලයන් කිසිවකු මේවන තුරු අත්අඩංගුවට ගෙන නොමැත. ඝාතනයට ලක්‌වූ ප්‍රභාත් චන්දන ඊයේ දහවල් 12.00 ට පමණ තංගල්ල බස්‌ නැවතුම් පළ අසල බස්‌ රථයකට මගීන් ගොඩ කරමින් සිට ඇත.

ඒ අවස්‌ථාවේ මුහුණු ආවරණය කරගත් හිස්‌ වැසුම් පැළඳ යතුරපැදියක පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්‌ එක්‌වරම ප්‍රභාත් චන්දනගේ හිසට වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර තිබේ. 


වෙඩි ප්‍රහාරයට ලක්‌වූ ප්‍රභාත් චන්දන සිද්ධිය වූ ස්‌ථානයේම මිය ගියේය. මෙම සිද්ධිය වන අවස්‌ථාවේ තංගල්ල බස්‌ නැවතුම් පළේ විශාල පිරිසක්‌ සිට ඇති අතර ඔවුන් භීතියට පත්ව හිස්‌ලූලූ අත දිවගොස්‌ තිබේ.
 
Related Posts with Thumbnails