Ads 468x60px

.

දන්ත ධාතු අලි ලවා වීදි ප්‍රදර්ශනය කිරීම බුදුන් වහන්සේට කරන විශාල අවමානයක්‌ලු..

දළදා පෙරහැර රජ සමයේ සිට මෙරට පවත්වන ආගමික උත්සවයකි. රජ දවසේ සිට ඉන්දියාවේ තිබූ සැමියා මළ විට දර සෑයට පැන බිරිඳ මියයන සති පූජාව අද පවත්වන්නේ නැත. 

එය ම්ලේච්ඡ සංස්‌කෘතික අංගයක්‌ හෙයින් නූතන ශිෂ්ටාචාරයත් සමඟ අහෝසිවීමට වැඩ කටයුතු සැලසිනි. දළදා වහන්සේ හෝ බුදුන් වහන්සේගේ ශාරීරික කොටස්‌ ඇත් රජු මගින් වැඩමවීම ඇතාට කරන ගෞරවයක්‌ සේම බුදුන් වහන්සේට කරන ගෞරවයක්‌ ලෙස සලකන ඉතා අමානුෂික සංකල්පයක්‌ මේ රටේ පවතී.

බුදුන්වහන්සේ, මනුෂ්‍යයාට මෙන්ම සතුන්ටද එකසේ දයාව, කරුණාව දැක්‌වූවා මෙන්ම ඒ අයගේ නිදහස වෙනුවෙන්ද හඬ නැගූ ආගමික නායකයෙකි. ඒ ආගමික නායකයාගේ දන්ත ධාතු ඉහත දැක්‌වූ අලි

සිරකරුවා ලවා වීදි ප්‍රදර්ශනය කිරීම බුදුන් වහන්සේට කරන විශාලම අවමානයකි.

අවශ්‍ය නම්, අලංකාර ලෙස සැරසූ රන්සිවි ගෙයක දන්ත ධාතු තැන්පත් කර නවීන වාහනයක තබා වීදි සංචාරය කළ හැක. හක්‌ක පටස්‌ නමැති දඩයක්‌කරුවන්ගේ උපක්‍රමය නිසා අද වන විට සතුන්ට වන පීඩාව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. 


අලියාද මේ ක්‍රියාවලියට ගොදුරුව ඇත. අම්මාගේ කිරි බොමින් සිටින අලි පැටවුන් පැහැරගෙන යැම අද මේ රටේ සිදුවන අමානුෂික ක්‍රියාවලියකි. ගෘහස්‌ථ අලින්ට සිදුවන හිරිහැරද ම්ලේච්ඡ ස්‌වරූපයක්‌ ගෙන ඇත. එසේ වුවද මේ ගැන හඬ නගන්නේ පරිසරවේදීන් පමණි.

අම්මාගේ කිරි බොමින් සිටින අලි පැටව් පැහැරගෙන ගොස්‌ ගස්‌බැඳ හාමතේ තබා, පොලු වලින් පහරදී නොයෙක්‌ ශාරීරික හිරිහැර කර හෙම්බත් කරයි. ඒ සතාගේ මද තෙද බිඳ දමයි. 


වහල් වැඩට සිරකරුවෙකු ලෙස යොදා ගැනීමේ ආරම්භක පියවර මෙයයි. මේ තිරශ්චීන ක්‍රියාවලියට ගොදුරු වූ සතා ආගමික කටයුතුවලට යොදා ගැනීමෙන් ආගමට සිදුවන්නේ ඉතිහාසගත කැළලකි.

බුදුන්වහන්සේ පිරිනිවන් පා අවුරුදු 500 ක්‌ යන තෙක්‌ බුදු පිළිම සෑදුවේ නැති බව මාටින් වික්‍රමසිංහ මහතා බණ කතා සාහිත්‍යයේ කෘතියේ 166 පිටුවේ සඳහන් කර ඇත. බුදු පිළිම නොතිබූ අවු. 500 තුළ අදට වඩා හොඳින් බුදුන් වහන්සේගේ ධර්මය ලොව පැවතුණි. 


බුදුන් වහන්සේට කළ හැකි ලොකුම උපහාරය මල් පූජා කිරීම, බුදු පිළිම සෑදීම, පෙරහැර පැවැත්වීම, දන්සල් පැවැත්වීම නොව අඩුම තරමින් පන්සිල්වත් රැකීම බව පසුගිය අවු. 2500 තුළ අප ඉගෙන ගෙන ඇති පාඩමයි.
 
Related Posts with Thumbnails