Ads 468x60px

.

ලාංකිකයා යනු නිකම්ම මෝඩයකු නොව වනචර මෝඩයෙක් වන හැටි...

ලිංගික අපහරණ ගණනාවක්‌ ඊයේ (4 දා) අප වෙත වාර්තා වුණා. එයින් පළමුවැන්න බාල වයස්‌කාර සිසුවකුට අතවර කළ තරුණයකු ගැනය. ඒකා මේ නීච ක්‍රියාව කර ඇත්තේ ලිංගික අතවර නඩුවකට පෙනී සිට ආපසු එමින් සිටියදීය. 

තම බිරිඳගේ 83 හැවිරිදි ආච්චිට අතවර කළ 30 හැවිරිදි හමුදා සෙබළකු ගැන එන පුවත දෙවැන්න ය. තුන්වැනි කතාව සිය පෙම්වතා සොයා ගිය 14 හැවිරිදි දැරියක අතින් අත යැම ය. සිවුවන කතාව වූ කලී ආච්චි කෙනෙකුගේ අනියම් පෙම්වතා මිනිබිරියට අතවර කිරීම ය. 

ඉහත සඳහන් පුවත් සතරට අමතරව තවත් ලිංගාශ්‍රිත නීච ක්‍රියා සම්බන්ධ පුවත් තිහ හතළිහක්‌ දිනපතා පුවත්පත් බැලීමෙන් එකතු කර ගත හැකි ය. මෙබඳු ප්‍රවෘත්ති පුවත්පත්වල පළ නොකළ යුතු බවට මෝඩ මතයක්‌
පවතී. මේ පුවත් දැකීමෙන් පොදු ජනයා තුළ වනචරකම් කෙරෙහි පෙළඹීමක්‌ හට ගන්නා බවට සුචරිතවාදීහු තර්ක කරති. 

මෙය පේන්ට්‌ කළ අසූචි බාල්දියක්‌ වැනි ගොන් තර්කයකි. අසූචි බාල්දියක්‌ පේන්ට්‌ කළ විට ඈතට ලස්‌සනට පෙණුනත් ළඟට එන විට ගඳ දැනෙයි. මෙබඳු තර්කවල පිටත දිලිසුනත් ඇතුළත කුණු ය. පත්තර බලා ස්‌ත්‍රී දූෂණ කරන රටක්‌ ලොව කොතැනකවත් නැත. ටී. වී. බලා ගැහැනුන්ට බලාත්කාරකම් කරන රටක්‌ ද ලොව නැත. 

එහෙත් වැල්වල එල්ලී ටාසන් පනින අයුරු දැක ලණුවල එල්ලී වීර ක්‍රියා කරන්නට ගොස්‌ තුවාල ලද හෝ මියගිය ළමයින් ගැන පුවත් අප දැක ඇත. මහල්ලකු පෙම් කෙළීම සහ පොඩි ළමයකු සුළඟට උඩ යන සරමක්‌ දිහා බැලීම අතර සුවිශාල වෙනසක්‌ තිබේ. මහල්ලා පෙම් කෙළින්නේ වල් කමටය. පොඩි එකාගේ ක්‍රියාවට හේතුව කුතුහලය ය.

වැරදීමකින් ලංකාවට ගොඩ බැස සිංහල රජතුමාගේ සිරකරුවකු බවට පත් වී බුලත් කමින් සහ පාවට්‌ටා කොළ සුරුට්‌ටු බොමින් රස්‌තියාදු ගැසූ බ්‍රිතාන්‍ය ජාතික රොබට්‌ නොක්‌ස්‌ විටෙක කියන පරිදි සිංහලයා මෝඩයෙකි. 


අද වන විට සිංහල යන වචනයට ලාංකික යන වචනය ආදේශ වී තිබෙන අතර ලාංකිකයා යනු නිකම්ම මෝඩයකු නොව වනචර මෝඩයෙකි. තිස්‌ හැවිරිදි හමුදා සෙබළකු 83 හැවිරිදි ආච්චි කෙනෙකුට අතවර කරත් නම් ඔහු මොන තරම් මෝඩ මාන්දම් කාරයෙක්‌ දැයි අපට නො තේරේ. 

තම පුතාගෙත් පුතා වැනි මිනිසකු අතින් කෙළෙසී කට වසා ගෙන සිටින්නට තරම් බංකොලොත්භාවයක්‌ කිසිදු මිත්තණියකට නැත. එ බැවින් ඉන්තේරුවෙන් ම මේ වැඩේ අත උඩම මාට්‌ටු වන බව පෙර කී නීචයා දනී. 

එහෙත් අරමුණ ඉටු කරගත් පසු වැඩේ මාට්‌ටු වූවාට කම් නැත යන මෝඩ අදහස ඔහු තුළ ඇත. සැකකරු පසුව පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ. ඉතිරි හරිය රාළහාමිලා බලා ගත්තාවේ. නියෝජ්‍ය ඇමැති හේමාල් ගුණසේකර මස්‌ මාළු නො කෑවාට රාළහාමිලා මස්‌ මාළු කති·

පෙම්වතා සොයා ගිය 14 හැවිරිදි පෙම්වතිය අතින් අත ගොස්‌ කෙළෙසීම මගින් පෙන්වන්නේ සමාජය තුළ ඇති අනාරක්‍ෂිත භාවයයි. සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු, ත්‍රීවීලර් රියෑදුරකු, හෝටල්කාරයකු යනාදීන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව තිබේ. 


මස්‌ මාළු කන පොලිසිය පමණ දැන, රෝහල් වාර්තා කැඳවීමට බැරි වන පරිදි ඔවුන්ට ආදර සංග්‍රහ කළ යුතු ය. හය හැවිරිදි දැරියකට අතවර කළ තරුණයාට ද සැළකිය යුත්තේ ඒ ආකාරයෙනි. මන්ද, බාල වයස්‌කාර නඩු වැඩි හරියක්‌ උසාවි ගිය විට සාක්‍ෂි මදකමින් විත්තිය නිදහස්‌ වෙයි. 

අතවර නඩුවක විත්තිය වී සිට ගෙදර එමින් සිටි තරුණයා කුඩා පිරිමි ළමයකු කෙළෙසීම සම්බන්ධයෙන් ද මූලික වශයෙන් යුක්‌තිය පසිඳලිය යුත්තේ පොලිසියම ය. ඒ අයියාටත් පොරි හැලෙන්ට දෙමු!
 
Related Posts with Thumbnails