Ads 468x60px

.

බටහිර රටවල් සහ එක්සත් ජාතීන් නොමැතිනම් ගං කබරයන් විසින් ජනතාව මේ වන විට සංහාරය කරලා

අර්ධ වනචාරී පසුගාමී ගෝත්‍රික දේශයක් වන ශ්‍රී ලංකාවේ ඔලමොට්ටල බත් කන හරක් ජනතාව විශ්වාස කරන්නේ බටහිර රටවල් සහ එක්සත් ජාතීන් කැසකවමින් සිටින්නේ මේ රට ගිල ගැනීමට කියාය​. 

කිසිදු ස්වභාවික සම්පතක් නොමැති වතුර සහ පස් සමග අලස ගෝත්‍රික ජනතාවක් සිටින මේ කරුමක්කාර දේශය ගිල ගැනීමට කිසිදු දියුණු ජාතියක් කැමති නැත​. 

එහෙත් සැබෑ සත්‍ය නම් බටහිර රටවල් සහ එක්සත් ජාතීන් නොසිටියේ නම් මේ රට පාළනය කරන ගං කබරයන් විසින් මේ වන විට ජනතාවගේ කටුත් සූප්පා අහවර කොට හමාරය​.

මෙරට ජනතාවගේ පණ කෙන්ද මෙතෙක් හෝ රැකී තිබෙන්නේ බටහිර රටවල්  සහ එක්සත් ජාතීන් විසින් වරින් වර මේ ගෝත්‍රික මුඩුක්කුවේ
  එවුන් මරා ගන්නවාද කියා බැලීම නිසාවෙනි.

ශ්‍රී ලංකාව නම් විනයක් නොමැති රාජ්‍ය පාලනය වන්නේ නූගත් ගං කබරයන් අතිනි.  ප්‍රාදේශීය දේශපාලනයේ සිට ජාතික දේශපාලනය දක්වා නූගත් මැරයන් තම පාලකයන් ලෙස මෙරට ජනතාව පත් කර ගනිති. 



එම නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් බොහෝ විට සමාන වන්නේ ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව, සෝමාලියාව වැනි අසමත් ජාතීන් සිටින රටවලටය​. මේ රටවල් වල පාලකයන්ද පාලිතයන්ද එකහා සමාන ලෙස අසංස්කෘතික වගවීමක් නොමැති  ස්වයං පාළනයේ නොහැකියාවෙන් යුක්තය​. 

මේ සමාජ ගලවා ගැනීමට ජනතා හිතැති ප්‍රජා නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් කවදාවත් පහළ වන්නේ නැත​. මේ සමාජ සදාකාලික මෝහන්දකාරයේ ගැලී සිටින සමාජ වෙති. එම නිසා මෙවැනි වානර සමාජ ස්වයං විනාශයෙන් මුදවා ගැනීම බටහිර දියුණු සහ ශිෂ්ට රටවල වගකීමක් වේ.

ශ්‍රී ලංකාව , කාම්පුචියාව , උගන්ඩාව , නයිජීරියාව , සෝමාලියාව  වැනි පසුගාමී අශිෂ්ට ගෝත්‍රික සමාජ වල පොල්පොට්ලා ඉඩි අමින්ලා වරින් වර බිහි වී ජනතාව බුරුතු පිටින් මරා දමති. 


මේ විනාශ නවතාලීමට මේ රටවල ඉන්ටලිගෙන්සියාවට කලාකරුවන්ට හැකියාවක් නොමැත​. ඒ මන්ද යත් ඔවුන්ආත්මාර්ථය මුල් කරගත්  නාමික උගතුන් වන නිසාය​.  

නමුත් මේ විනාශ නවතා දමා ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් උල්ලංඝනය වනවාද  යන්න වරින් වර සොයා බැලීම  බටහිර  දියුණු සහ ශිෂ්ට රටවල වගකීමක් වේ.

එම නිසා දැනට සිටින හෝ මතුවට පහළ වන ජන ඝාතක පාලකයන් (මිලෝසවිච්ට සිදු කලාක් මෙන්) එක්සත් ජාතීන් ගේ හමුදා මගින් අත් අඩංගුවට ගෙන හේග් නගරයට ගෙන යාමට මේ රට ජනතාව බටහිර රටවල් වලට සහ එක්සත් ජාතීන් ගේ සංවිධානයට සහය දිය යුතුය​. 

- අමිල ගුණරත්න
 
Related Posts with Thumbnails