Ads 468x60px

.

ඉගෙන ගන්න සල්ලි හොයන්න නිරුවත විකුණූූ සිසුවියගේ කතාව...


වීඩියෝ පටය 
ෆේස්බුක්වල පළවී 
සියදිවි නසාගනී 

සරසවි අධ්‍යාපනය වෙනුවෙන් කොළඹ පැමිණ, නවාතැන් ගත් බෝඩිමේ ගාස්තු ගෙවා ගැනීමට නොහැකිව සිය පිවිතුරු බව බෝඩින් හිමියාට බිලිදුන් සිසුවියක් ගැන අනුවේදනීය පුවතක් කලකට ඉහතදී අපට අසන්නට ලැබුණි. දුප්පත්කම නිසා තරුණියන් මුහුණ දෙන මේසා අවාසනාවන්ත තත්ත්වයන් සැබැවින්ම ඛිෙදවාචකයකි. 

එවැනි ඛිෙදවාචකයකට මුහුණ දුන් තරුණියක් සිය සහෝදර සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉදිරියේ සමච්චලයට පත්වීම ඉවසා ගත නොහැකිව දිවිනසා ගත් පුවතක් ගිය සතියේ අපට අසන්නට ලැබුණි. ඒ ලෝකයේ ඉහළ ආර්ථික ශක්තියක් තිබෙන බව කියන ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.


Wisconsin River Falls සරසවියේ පළමු වසරේ සිසුවියක වන 19 හැවිරිදි ඇලීසා ෆන්කේ පසුගියදා සියදිවි නසා ගත්තේ අන්තර්ජාලය ඔස්සේ

කරන ලද පීඩාවන් නිසා බව ඇගේ දෙමාපියෝ පවසති.

උසස් අධ්‍යාපනය ලබා සරසවි පිවිසුම ජයගත් ඇලීසා ෆන්කේට ඒ සතුට සිය මිතුරු මිතුරියන්ට තරම් නොදැනුණේ අන් කිසිවක් නිසා නොව ඇගේ පවුල වෙලාගෙන සිටි දිළිඳු බව නිසාය. 


තම සරසවි අධ්‍යාපනයට විය පැහැදම් දැරීමට තම මව්පියන්ට හැකියාවක් මෙන්ම ඕනෑකමක්ද නොමැති බව වටහා ගත් ඇලීසා හන්කේ ඒ සඳහා මුදල් සොයා ගත හැකි ක්‍රම ගැන දිවා රෑ සොයා බැලුවාය. 

කුඩා රැකියා කිහිපයක් කළ ඇයට එමගින් සිය අධ්‍යාපනයට අවශ්‍ය වන තරම් මුදලක් සොයා ගැනීමට නොහැකි විය. සම වයසේ මිතුරියක ඇයට අපූරු යෝජනාවක් ගෙන එන්නේ මෙවැනි අවස්ථාවකදීය. “ඔයා “Porn video” එකක් කරන්න”. ඇය පවසනුයේ ඇලීසාගේ ආර්ථික ගැටලුවලට විසඳුමක් ලෙසිනි. 

සිය මිතුරිය පවසන “Porn video”  යනු නිරුවත් සහ අසැබි වීඩියෝ දසුන් සහිත චිත්‍රපට බව ඇලීසා දැන සිටියද එවැන්නක පෙනී සිටීමෙන් අත්වන භයානක ප්‍රතිඵල පිළිබඳ ඇයට හරිහමන් දැනුමක් නොවීය. 

ඇයට අවශ්‍ය වී තිබුණේ තම සම වයසේ මිතුරු මිතුරියන් සමග කෙළිදෙලෙන් හා විනෝදයෙන් කාලය ගත කරන අතරතුර තම සරසවි අධ්‍යාපනයද ඉහළින් නිමකර ගැනීමය. 

මෙකී අරමුණු ඉටුකර ගැනීමේදී ඇගේ ගමන් මග අවහිර කළ එකම සාධකය වූයේ අනෙකක් නොව මුදල්ය. මුදල් ගැටලු විසඳා ගනුවස් ඇලීසා අවසන් තීරණයකට එළඹුණාය. ඒ මුදල් උදෙසා සිය නිරුවත ප්‍රදර්ශනය කිරීමටය. 

ඇමෙරිකාව වැනි රටක මෙවැනි වීඩියෝ සඳහා පෙනී සිටීම එතරම් බරපතළ කරුණක් ලෙස සලකනු නොලැබේ. සරසවි සිසු සිසුවියන් පමණක් නොව පාසල් සිසුවියන් පවා මෙවැනි වීඩියෝ සඳහා පෙනී සිටීම එරට අරුමයක් නොවේ. එහෙත් ඇලීසා ෆන්කේ මෙම තීරණය ගෙන ඇත්තේ එතරම් පහසුවෙන් නොවේ. 

ඇය මෙම වීඩියෝවේ පෙනී සිටීමට තීරණය කිරීමෙන් පසු දෙවතාවක් එම තීරණය වෙනස් කර ඇත. නමුත් ඇමැරිකාව වැනි රටක සරසවි අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ මෙන් නොමි‍ලේ ලැබෙන්නේ නැත. ඒ සඳහා වන අධික පිරිවැය දරා ගැනීමට ඇලීසාට කිසිදු මගක් නොවීය. 

තම සරසවි අධ්‍යාපනයට ශිෂ්‍යත්වයක් හෝ අර්ධ ශිෂ්‍යත්වයක් ගැනීමට ඈ අවසන් මොහොත වනතුරු උත්සාහ ගෙන තිබේ. ඒ සියල්ල ව්‍යර්ථ වූ පසු ඇය සරසවි අධ්‍යාපනය අතහැර දැමීම හැර අන් විකල්පයක් නොමැති තැනට පත්විය.

විශ්වවිද්‍යාලයට මූලික මුදල් ගෙවිය යුතු අවසන් දිනට දින කිහිපයකට පෙර ඈ අවසන් තීරණයකට එළඹිය යුතුව තිබුණි. ඒ කැමරාව ඉදිරියේ නිරුවත් වීම හෝ සිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර දැමීමය. ඉතා වෙර වීරියෙන් දහසක් බාධා මැද දෙමාපිය සහය පවා නොමැතිව ඇය දිනාගත් සරසවි වරම අතහැර දැමීම ඇයට හිත දුන්නේ නැත. 


දෙවරක් ප්‍රතික්ෂේප කළ නිරුවත් වීඩියෝවට පෙනී සිටීමට ඇය අවසාන තීරණයට එළඹියේ සරසවි සිහිනය සැබෑ කර ගැනීමට ඇයට අවශ්‍ය වූ බැවිනි. ඉක්බිතිව ඇය ඉතා රහසිගතව නිරුවත් වීඩියෝ දර්ශනයට පෙනී සිටියාය. ඒ වෙනුවෙන් ලද මුදලින් ඇලීසා විශ්වවිද්‍යාලයේ මූලික ගෙවීම් නිම කරන ලද්දේ අවසන් මොහොතේය. 

තම දියණිය මේ මුදල් සොයා ගත්තේ කෙසේදැයි සොයා බැලීමට ඇලීසාගේ දෙමාපියන්ට ඉස්පාසුවක් නොවීය. අවම වශයෙන් ඒ ගැන විමසීමටවත් ඔවුන්ට අවැසි නොවීය.

Wisconsin River Falls සරසවියට ඇතුළු වූ ඇය හොඳින් අධ්‍යාපනය කරමින් සිටියාය. ඇය නිරුවත් වීඩියෝවට පෙනී සිටින විට වයස අවුරුදු 18ක් විය. පුරා වසරක් තිස්සේ එය අන්තර්ජාලයේ දහස් ගණනක් නැරඹුවද ඒ කිසිවෙකුත් ඈ හඳුනා ගත් බවට සලකුණක් නොවීය. 


දැන් නම් තමා පෙනී සිටි නිරුවත් වීඩියෝවෙන් තර්ජනයක් නැතැයි ඈ සිත හදා ගත්තාය. ඒ සමගම තමා කළ ක්‍රියාවේ බරපතළකම ඇයට කමෛන් අමතක වෙමින් තිබුණි. එහෙත් මීට මාස කිහිපයකට පෙර තම ට්විටර් ගිණුම පරීක්ෂා කළ ඇලීසාට කෑ ගසා හැඬුණි. 

මින් පෙර තම නිරුවත් වීඩියෝව ගැන පළව තිබූ සියලුම අදහස් දක්වා තිබුණේ “Couch X” හි ස්ටෙලා ඈන් නමිනි. (ස්ටෙලා ඈන් යනු ඇලීසා නිරුවත් දර්ශන සඳහා භාවිත කළ අන්වර්ථ නාමය විය). එහෙත් මෙම ට්විටර් පණිවුඩයේ Couch X  හි ඇලීසා ෆන්කේ ලෙස අමතා තිබිම නිසා තම අනන්‍යතාව හෙළිවී ඇති බව ඇයට වටහා ගත හැකි විය. 

මෙම ට්විටර් පණිවුඩය එවා තිබුණේ අනෙකෙක් නොව ඈ හා උසස් අධ්‍යාපනය ලද පාසල් මිතුරියකි. තවදුරටත් තමාට සැඟව ගත නොහැකි බව වටහා ගත් ඇලීසා මේ කුඩා කාමරය තුළට වී වැළපෙමින් කාලය ගත කළාය. දිනකට දෙතුන් විටක් තම ට්විටර් සහ ෆේස්බුක් ගිණුම් පරීක්ෂා කළ ඇයට තම පාසල් මිතුරන් විසින් එවා ඇති පණිවුඩ දැකගත හැකි විය.

ඇගේ අඟපසඟ ගැන පමණක් නොව විවිධ ආකාරයේ අසැබි යෝජනාද එකී පණිවුඩවල පිරී තිබුණි. ඇය ලිංගික වෘත්තිකාවක් බවටද ඇතැමුන් අදහස් පළකර තිබුණි. මින් ඉදිරියට තම මිතුරන් තමාට සලකනුයේ ගණිකාවක් ලෙසින් බව වටහා ගත් ඇලීසා තනිව වැලපෙන්නට විය. 

දැඩි මානසික ආතතියට පත් ඇලීසාට වෛද්‍ය ප්‍රතිකාර රැගෙන දීමට පවා මව්පියන්ට සිදුවිය. එහෙත් ඒ එකකින්වත් ඵලක් නොවීය. තම විශ්ව විද්‍යාල මිතුරන් මෙය දැනගත් පසු යළි විශ්ව විද්‍යාලයට යන්නේ කෙසේදැයි ඇයට සිතා ගත නොහැකි විය. 

දහස්වර සිතාබලා අන් මගක් නොවූ හෙයින් අධ්‍යාපනය වෙනුවෙන් නිරුවත ප්‍රදර්ශනය කළ ඇලීසාට ඒ නිසාම අධ්‍යාපනය අහිමි වීම දෙවයේ සරදමක් බඳු විය. ඈ අවසන් තීරණයකට එළඹියාය. ඒ කිසිවෙකුටත් කිසිවක් නොකියා සිය ජීවිතයෙන් සමුගැනීමටය. 

පසුගිය සතියේ එක් දිනක ඇලීසා ෆන්කේගේ නිසල සිරුර ඇගේ දෙමාපියන්ට හමුවූයේ අතහැර දැමූ බෝට්ටුවක තිබියදීය. ඇය දිවිනසාගෙන තිබුණේ වෙඩි තබාගෙනය. ඇලීසාට දිවි එපා කරවූ පණිවුඩ එවූ පුද්ගලයෝ දැන් සිය මිතුරියගේ අභාවයට කනස්සල්ල පළකර පණිවුඩ සිය ගණන් ට්විටර් සහ ෆේස්බුක් වෙත එවමින් සිටිති. 

එහෙත් ඒවා කියවීමට ඇලීසා යළි කෙදිනකවත් එන්නේ නැත.
ඇලීසාගේ මරණය සම්බන්ධව ඇයට පීඩාකාරී පණිවුඩ එවූ කිසිවෙකුට එරෙහිව ෙනෙතික පියවර ගැනීමට ඇමරිකාවේ නීතිය අනුව නොහැකි බව සඳහන්ය. ඒ ඒවා හුදු පණිවුඩ විනා අපරාධ චෝදනා ගොනු කළ හැකි සිද්ධියක් නොවන බැවිනි. 


එහෙත් ඇලීසාගේ මව පවසනුයේ තම දියණිය මානසික ආතතියට පත්ව දිවි නසා ගත්තේ මෙම පණිවුඩ නිසා බවයි. ඇමෙරිකානු සමාජ ක්‍රියාකාරිනියක වන ජෝයි ෆ්‍රයිඩ්වන් පවසනුයේ නිරුවත් වීඩියෝ සහ ලිංගික වෘත්තිය අද ඇමෙරිකාවේ මහා පරිමාණ කර්මාන්තයක් වී ඇති බවයි. එහි වාර්ෂික පිරිවැටුම ඩොලර් බිලියන 10 ඉක්මවා යයි. 

නිරුවත් දර්ශන සඳහා පෙනී සිටින ළාබාල යුවතියන් සිය අනන්‍යතාව ගැන ප්‍රවේශම් නොවීම නිසා මෙවැනි දේ සිදුවන බව පවසන ඈ සමාජ වබේ අඩවි හරහා කරනා මානසික සහ ලිංගික පීඩාවන්ට එරෙහිව නව නීති රීති ගෙන ආයුතු බවයි.

නිරුවත සහ ලිංගිකත්වය අරුමයක් නොවූ සංස්කෘතියක් තුළ අධ්‍යාපනයට අවැසි මුදල් සොයා ගැනීමට නිරුවත් වූ ඇලීසා ෆන්කේට දිවිනසා ගැනීමට සිදුවීම සැබෑම කනගාටුවක් බව එරට මාධ්‍ය පවසයි. ඇලීසාගේ මව සහ සොහොයුරාද මත්ද්‍රව්‍ය පානය කරන්නන් බැවින් ඇගේ පවුල් පසුබිමද මෙම තීරණයට හේතු වන්නට ඇති බව වාර්තා වෙයි.

- අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
 
Related Posts with Thumbnails