Ads 468x60px

.

පස්‌කන්දට යටවෙලා අම්මා දඟලනවා නංගියි මල්ලියි බිත්තිවලට යටවෙලා...


පාන්දර 3.00ට 
ඡේ. සී. බී. එක ඇවිත් 
පස්‌වලට යටවෙලා තිබුණු 
සිරුරු ගොඩගත්තා

අපිට ලොකු ශබ්දයක්‌ ඇසුණා. විදුලි කොටනවා. හයියෙන් වහිනවා. අපි කන්දීගෙන සිටින විට තාත්තා කථා කළා. අපි කරුවලේම ගේ ළඟට යනකොට අම්මාගෙ ඉනෙන් පහළ ගල්වලට යටවෙලා. අම්මා දඟලනවා. අපි යකඩ ලී දාලා ගල් අයින් කරලා අම්මාව ගොඩ ගත්තා. නංගියි මල්ලියි බිත්තිවලට යටවෙලා පේන්න හිටියේ නෑ. මම ඊයේ නිදාගත්තේ උඩහ ආච්චිලාගේ ගෙදර.

පෙරේදා (01 වැනිදා) සවස්‌ යාමයේ සිට අගලවත්ත හා අවට ප්‍රදේශ යටකරමින් ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අගලවත්ත

කිතුල්ගොඩ විශාල කන්දක්‌ නාය ගොස්‌ කේ. ටී. ලාල් කරුණාතිලක (55) ගේ නිවස මුළුමනින්ම පස්‌ කන්දට යට වී විනාශයට පත්විය.

නිවසේ මව පියා සමග නිදාසිටි සඳුනි නිමේෂිකා (අවු.8), ඉසුරු ලක්‍ෂාන් (අවු. 4) කාටත් හොර රහසේ මරුවා රැගෙන ගොස්‌ය. ඔවුන්ගේ සොඳුරු ලොව කෙළි දෙළෙන් ඔප කළ වැඩිමල් සොයුරු තම ආච්චිගේ නිවසේ නිදාසිටි හෙයින් මේ මහා ෙ€දවාචකයට ගොදුරු නොවුණි. 


මේ සුරතල් දරුවන්ගේ වැඩිමල් සොයුරු කේ. ටී. ආලෝක (අවු. 16) ය. කිතුල්ගොඩ මහා මාර්ගයට ඉහළින් විශාල පස්‌ කන්දක්‌ පාමුල පිහිටි ඔවුන්ගේ කැදැල්ලට මරුවා පැමිණ තිබුණේ මධ්‍යම රාත්‍රියේදීය. ඒ බිහිසුණු අත්දැකීම ඔහු වැඩිදුරටත් මෙසේ විස්‌තර කළේය.

මම මතුගම ආනන්ද ශාස්‌ත්‍රාලයෙ ඉගෙන ගන්නේ. එදා අම්මයි තාත්තයි නංගියි මල්ලියි රෑට කාලා ගෙදර නිදාගත්තේ. මම උඩහ ගෙදරට ගියා. මහ රෑ ශබ්දෙට අපිට නින්දගියේ නැහැ. අවට කෑ ගැහිල්ලට බලද්දී මම දැක්‌කා අපේ ගේ සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණා. මේ සිද්ධියෙන් මට මගේ නංගියි මල්ලියි දෙන්නම නැතිවුණා.

අගලවත්ත කිතුල්ගොඩ එකම පවුලේ කුඩා දරු දැරියන් දෙදෙනෙක්‌ මෙම නාය යැමෙන් මරු මුවට පත්වූ අතර ඔවුන්ගේ මව ධම්මිකා ප්‍රියදර්ශනී (33) තම දරුවන්ගේ වියෝව දරාගත නොහැකිව එම ස්‌ථානයට නුදුරුව තම මවගේ නිවසේ හඬා වැළපෙයි.

මේ පිළිබඳව එම නිවසට යාබද නිවසේ ප්‍රියානි සෙනෙවිරත්න මෙසේ පැවසුවාය.

රෑ 12.30 ට විතර අල්ලපු ගෙදරින් ඇවිත් අපිට කථා කළා. රාජලාගේ ගේ යටවෙලා කිව්වා. අපිට එහෙම ශබ්දයක්‌ ඇසුණේ නෑ. විදුලි කොටන ශබ්දය නිසා මහා වැස්‌සක්‌ ඒ වෙලාවේ තිබුණේ. මට උඩහට යන්න බැරි නිසා තාත්තා ගියා.

කේ. ටී. පියරත්න මේ පිළිබඳව මෙසේ පැවැසීය.

අල්ලපු ගෙදරින් කථා කළහම අපි බලන්න ගියා. කරන්ට්‌ එක නෑ. මුළු පළාතම කළුවරයි. පාන්දර 3.00 ට විතර අගලවත්තේ ප්‍රදේශීය සභවේ ඡේ. සී. බී. එක ඇවිත් බිත්තිවල ගල් පස්‌ අයින් කරලා මිය ගිය අයව සොයා ගත්තා. 


එම නිවස ආසන්නයේ කන්දේ අනෙක්‌ පසින් ගලා ආ මහා ජල කඳට හසුව විශාල පස්‌ කන්දක්‌ පහළට රූටා විත් ජී. ඩී. නිමල්ගේ නිවස සම්පූර්ණයෙන්ම විනාශ විය. එම නිවස පිහිටි බිම සම්පූර්ණයෙන්ම හිස්‌ බිමක්‌ සේ දිස්‌විය. 

තැන තැන විසිරී ගිය නිවසේ බඩු බාහිරාදිය පොත් පත් මහා €දවාචකයක්‌ කියා පෑවේය. එම නිවසේ නිදාසිටි රේණුකා (මව - අවු. 45) පියුමි (16) බුද්ධිනි පස්‌ කන්දට යටවී මියගොස්‌ සිටියේ කාගේත් සිත් කම්පාවන ලෙසිනි.

මෙම නිවසේ ගෘහ මූලිකයා ජී. ඩී. නිමල් අගලවත්ත රබර් පර්යේෂණායතනයේ සේවකයෙකි. ඔහු තම බිරිඳ හා දරු දෙදෙනාගේ වියෝව දරාගත නොහැකිව තබන විලාපය සැමගේ හද කම්පා කරවයි.

අගලවත්ත නගරය ආසන්නයට ගංවතුර පැමිණ තිබිණි. බොහෝ වෙළෙඳසැල් ජලයෙන් යටවිය. අගලවත්ත හොරණ මාර්ගය, කුඩලිගම මාර්ගය, බදුරලිය මාර්ගය හා අතුරු මාර්ග රැසක්‌ ජලයෙන් යටවිය. ගමනාගමනය සම්පූර්ණයෙන් අඩාල විය.

මහත් දුෂ්කරතා මධ්‍යයේ වුවද අප ඕමත්ත ගලපිට කන්ද ගම්මානයේ නාය ගිය ස්‌ථානයේ සිදු වූ ෙ€දවාචකය මෙලෙස සටහන් කරමු. ඒ පිළිබඳව අදහස්‌ දැක්‌වූයේ ඩී. එම්. දිසානායකය. ඔහු නාය යැමට ලක්‌ව ජීවිත දෙකක්‌ අහිමි වූ නිවස අසල පදිංචිකරුවෙකි.

රෑ 10.15 ට පත්මසිරි කෑගහගෙන ආවා. අපි දොර ඇරියම එයා කීවා ගෙට පස්‌ කන්ද ආවා. අම්මයි තාත්තයි දෙන්නම යටවුණා කියලා. අපි ගේ ළඟට ගිහින් බැලුවා. ගෙයි පිටිපස්‌සට පස්‌ කණ්‌ඩිය හේත්තු වෙලා. බිත්තිය කඩා වැටිල ගේ ඇතුළට කාමර දෙකම යටවෙලා. 


අපිට කරන්න දෙයක්‌ තිබුණේ නෑ. මම පහළට ගිහින් කෑගහල කට්‌ටියට විස්‌තරේ කිව්වා. පැයකින් විතර කට්‌ටිය ඇවිත් ගෙදර සුන්බුන් අයින් කරලා යටවෙලා හිටපු පුඤ්ඤසේනයි කුසුමක්‌කවයි ගොඩට ගත්තා.

ඕමත්ත ගලපිටකන්ද ප්‍රදේශයේ නාය යැමෙන් ගීකියනගේ පුඤ්ඤසේන (55) හා කුසුමාවතී (50) යන අඹුසැමි යුවළ නිදියහන මතම අවසන් සුසුම් පොද වාතලයට එක්‌ කළහ. අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට ගංවතුරින් යටව නායගොස්‌ විශාල අලාභහානි සිදුවිය. ජීවිත 7 ක්‌ දැයට අහිමි විය.

මෙම තත්ත්වය නිරීක්‍ෂණය කරමින් පීඩාවට පත් පිරිසට සහන සැලසීම සඳහා අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති චාමින්ද රණවක, උප සභාපති ඩී. ඩී. දර්ශන යන මහත්වරු ඇතුළු බොහෝ මන්ත්‍රීවරු කටයුතු කළහ.

ඊයේ පෙරවරුවේ මතුගම වෑත්තාව රෝහල වෙත පැමිණ මෘත දේහ නිරීක්‍ෂණය කරමින් මිය ගිය අයගේ ඥතීන් වෙත ශෝක පළකළ ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද සමරසිංහ, පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරු මියගිය අය හා අවතැන්ව පීඩාවට පත්ව සිටින පිරිස උදෙස සියලු සහන සලසන බව පැවැසීය.

ගංවතුරින් පීඩාවට පත් ජනතාව සඳහා අගලවත්ත ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ආයතන රැසක්‌ සේවා සපයමින් සිටියහ.
 
Related Posts with Thumbnails