Ads 468x60px

.

පුංචි පුතාගේ අත කෑ පිංකැට යකා ...

යක්‌ රූපයක්‌ ලෙසට සැකසූ රජමහා විහාරයක පිංකැටයකට පඬුරු දැමීමට ගිය පුංචි පුතකු හට සිදුවූ අබැද්දියක්‌ නිසා එම විහාරස්‌ථානයේ වන්දනා මාන කිරීමට පැමිණි පිරිස හාස්‍යය ටත් භීතියටත් පත් කළ පුවතක්‌ අලව්ව ප්‍රදේශයෙන් වාර්තා වේ.

එම සිද්ධිය මෙසේය.

පියා මව සිය පුතු සමග රජමහා විහාරය වන්දනා මාන කිරීමෙන් පසු පුංචි පුතු හට පියා දුන් පඬුරු කාසි විහාරයේ තිබූ පිංකැට යකාගේ කටට එකින් එක දමමින් සිටියේය. එසේ කාසි එකින් එක දිව එළියට දමාගෙන සිටින

යකාගේ කටින් ඇතුළට දැමීමේ දී එක්‌ වරම පුංචි පුතු අම්මේ යකා කෑවෝ යි මහ හඬ නැගීය.

මවද පියාද රජමහ වෙහෙරේ සිටි සියලු දෙනා පුංචි පුතුගේ හඬ ගැන විමසිලිමත් විය. එදෙසට ගොස්‌ පරීක්‌ෂා කිරීමේදී සිද්ධිය ගැන ඔවුනට වැටහිණි.

පිංකැට යකාගේ කටේ බැඳ තිබූ කලාදුරු ගෝටුල්ලක්‌ කාසි දැමීමේදී ඇවිස්‌සී දරුවාගේ අතට දෂ්ඨ කර ඇති බව පෙනිණි. "යකා කෑවෝයි" යන හඬින් වෙහෙරේ සිටි පිරිස භීතියට පත් වුවද කරුණු පැහැදිලි වීමෙන් පසු සියලු දෙනා පසුවූයේ සිනා සාගරයකය.
 
Related Posts with Thumbnails