Ads 468x60px

.

මම ඔයාලට සල්ලි දෙන්නම් ‘මට හරි ආසයි ඔයාලා දෙන්නා එකට ඉන්නවා බලන්න...


“අමල්ටයි මටයි හරිහැටි රස්සාවක් තිබුණේ නෑ. මම රැකියාවන්ට අයැදුම්පත් බොහෝ තැන් වලට දුන්නා. මට දවසක් කෝල් එකක් ආවා. ඒ කතා කරපු කෙනා කිව්වා ඔයාට රස්සාවක් දෙන්න මහත්තයත් එක්ක එන්න කියලා. ඒ අනුව අපි දෙන්නා ගාල්ලේ බෙලිගහ හන්දියේ තැනට ගියා. ඒ සර් අධ්‍යාපනයට සම්බන්ධ ව්‍යාපාරිකයෙක්. 

ඔහු අපිත් එක්ක බොහෝම සුහදව කතා කළා. අපි ඔහුට සර් කියලා කතා කළේ. ඒ මනුස්සයා අපිට නංගි මල්ලි කියලා කතා කළා. අපි කිහිප දවසක් උදේ වරුවේ ඒ තැනට ගියා. ඒ සර් විතරයි ගෙදර හිටියේ. එයා අපිට නිල් චිත්‍රපට දාලා පෙන්නලා කීවා මම ඔයාලට සල්ලි දෙන්නම් ‘මට හරි ආසයි ඔයාලා දෙන්නා එකට ඉන්නවා බලන්න’ කියලා. 

සල්ලි දෙන බව කියූ නිසා ඔහුට පේන්න අමලුයි මමයි අඹුසැමියන් ලෙස හැසුරුණා. ඒක අපිට අමුත්තක් වුණේ නෑ. කොහොමත් අපි අඹු සැමියන් නිසා. ඒ අතරතුර ඒ සර් ඒ ගැන බලලා සතුටු වුණා. එයාට
දියවැඩියා රෝගය තිබෙන නිසා මේ විදියට හැසිරෙන්න බෑ කියලා අපිට කිව්වා.

සල්ලි ලැබෙන විට අමල් මාව වෙනත් අයටත් අලෙවි කළා. අපට සල්ලි ලැබෙන නිසා මමත් ඒකට කැමති වුණා.” යනුවෙන් ඈ කී කතාව පුදුම හිතෙන සුළුය.

ආදරය වෙනුවෙන් රජකම පවා අතහැරි රජදරුවන් පිළිබඳ කතා අපි අසා ඇත්තෙමු. මිය ගිය බිරිය වෙනුවෙන් සාජහාන් රජු ගොඩනැගූ ටජ්මහල අද ලෝක පුදුමයකි. ආදරය වෙනුවෙන් ඉතිහාසයේ එවැනි සුන්දර කතා ඇසුණද  දැන්නම් ඇසෙන්නේ අරුම පුදුම කතාය. 

ගිය සතියේ එවැනි අපූරු කතාවක් ගාල්ලේ ‍පෝද්දලෙන් අසන්නට ලැබුණි. ඒ සිය බිරිය ගණිකා වෘත්තියේ යෙද වූ සැමියකු පිළිබඳ පුවතකි. මේ සැමියා අපි අමල් ලෙස හඳුන්වමු.

අමල්සිරිගේ බිරිඳ ඕලුය. අමල්ට ඕලුව හඳුනාගැනීමට ලැබුණේ ඔහු උසස් පෙළ සඳහා උපකාරක පන්ති යන අතරතුරේදීය. අමල් ගාල්ලේ උපකාරක පන්ති යන විට ඕලුද එම පන්තියටම ආවාය. උසස් පෙළ විභාගයෙන් පසු අමලුත් ඕලුත් විවාහ වූවෝය.


ඒ දෙදහස් හය වසරේදීය. විවාහයෙන් ඉක්බිතිව දිවි ගැටගසා ගැනීමට අමල් ඇඟලුම් කම්හලක රැකියාවකට ගියේය. ඕලුත් ඔසුහලක වැඩට ගියාය. එනමුත් එම රැකියාවෙන් ඕලුට හරිහැටි ආදායමක් නොවීය. ඇය ඔසුහ‍ලේ රැකියාවට සමු දුන්නේ වැඩි වැටුපක් ලැබෙන වෙනත් රැකියාවක් සොයා ගැනීමේ අරමුණිනි.


ඒ රැකියාව කෙසේ වෙතත් ඕලුට සිද්ධ වන්නේ ලෝකයේ පැරණිම රස්සාව වෙනුවෙන් සිය තාරුණ්‍යය කැපකිරීමටය. ඒ සිය සැමියාගේ බලකිරීම මතය. කාලයක් පුරා සැමියා කී මිනිසුන් සමග යහන්ගත වූ ඕලුගේ කතාව හෙළිවන්නේ ගිය සතියේදීය. ඊට පසුබිම් වූ කතාව මෙසේය.


ගාල්ලේ ‍පෝද්දල හුන් ශශින්ති රූමත් කාන්තාවක් වූවාය. ඇය එක් දරු මවකි. දිනක් ශශින්තිගේ නිවස ඉදිරිපිට යතුරුපැදියක් නතර කෙරුණි. එහි පැමිණියේ තරුණ යුවළකි. ඒ යුවළ වෙන කිසිවකු නොව අමල් හා ඕලුය. ඔවුන් දෙන්නා ශශින්තිගෙන් ඇසුවේ මේසන් බාස් කෙනෙකු පිළිබඳව තොරතුරුය. 


“මගේ මහත්තයා වඩු බාස් කෙනෙක්. දැන් වඩු වැඩ කරන්නේ නෑ. මේසන් බාස්ලා නම් මේ හරියේ නෑ.” ශශින්ති උත්තර දුන්නාය. කෙසේ නමුදු අමලුත් ඕලුත් ශශින්තිගේ නිවසින් එකවර ගියේ නැත. මද වේලාවක් ගේ මිදු‍ලේ සිටම කතාබස් කරමින් සිටි ඔවුහු ඇගෙන් සමුගත්තේ හොඳ මේසන් බාස් කෙනෙකු හමුවුණොතින් කියන්නැයි ශශින්තිට පවසමිනි. 

ඒ ඔවුන්ගේ දුරකථන අංකයක්ද දෙමිනි. එහිදී ඕලු ශශින්තිගේ දුරකථන අංකයද ඉල්ලා ගත්තාය.

පැය කීපයකට පසු ශශින්තිගේ දුරකථනයට ඇමතුමක් ආවේය. ඇයට කතා කළේ මේසන් බාස්වරයකු සොයා පැමිණි ඕලුය. “නංගි ඔයා මොනවද ගෙදරට වෙලා කරන්නේ. ඔයාගේ මහත්තයා කරන රස්සාවෙන් කොහොමද ජීවත්වෙන්නේ. 


අද හරි අමාරුයිනේ ජීවත්වෙන්නත්. එක්කෙනෙක් හම්බකරලා ජීවත්වෙන්නේ කොහොමද? ඔයත් කීයක් හරි හොයන්න බලන්න. මම නම් ‍පොඩි පාට් ටයිම් ජොබ් එකක් කරනවා. ඔයත් මේ ගැන හිතලා බලන්න” කියමින් ඕලු ශශින්තිට අපූරු යෝජනාවක් ගෙන ආවාය.


ඕලු ගෙනා යෝජනාව ඇසූ ශශින්තිගේ ඉහමොළ රත්විය. ඇය ගල්ගැසුනාක් මෙන් මේ සියලු විස්තර අහන් සිටියාය. “නංගි ඇයි ඔයා කතා නැත්තෙ?” ඕලු ..... කිහිපවරක් ශශින්තිගෙන් විමසුවාය.



“ආ... නංගි මම කියන දේ හරියට තේරෙන්නේ නැත්නම් ඔයා අයියාගෙන් අහගන්න” යැයි පවසමින් ඇය තම සැමියාට දුරකථනය දුන්නාය. නංගි මේ ගැන ඔයා බය වෙන්න එපා. අක්කත් ඉන්නවනේ. මේකයි ඔයාට කරන්න තියෙන්නේ. අපේ කස්ටමස්ලා ඉන්නවා. එයාලා කියන තැනට හරි අපි කියන තැනකට හරි එයාලා එනවා. 


ඒ එක් අයෙක්ගෙන් ඔයාට රුපියල් දාහක් ලැබෙනවා. දවසට හතර දෙනෙක් එක්ක ගනුදෙනු කරන්න තියෙන්නේ. ඔය කවුරුත් පැයක් ඉන්නේ නෑ. පැය බාගයක් වෙනකොට ගනුදෙනුව ඉවරයි. ඔයාලට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. මම ඉන්නවනේ” අමල් ශශින්තිට කීවේය.

මේ කතාවෙන් බියට පත්වූ ශශින්ති මේ සිද්ධිය තම සැමියාට කීවාය. මේ පිළිබඳ ‍පෝද්දල ‍පොලීසියට පැමිණිලි කිරීමට දෙදෙනාම තීරණය කළාය.
මේ පිළිබඳ පැමිණිල්ල ලැබූ පසු ‍පෝද්දල ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ අඹුසැමි යුවළ අල්ලා ගැනීමට දැල එලුවේ සූක්ෂම අන්දමටය. 


ඒ අනුව ඔහු ශශින්තිට අවශ්‍ය උපදෙස් දුන්නේ ඕලු කළ යෝජනාවට කැමැති බවට හඟවමින් ඇය සමග සම්බන්ධතා ගොඩනගාගන්නා ලෙසය.

ඒ අනුව ශශින්ති නැවත නැවතත් අමල්ට කතා කළාය. අලුත් රස්සාවට එකතු වන ආකාරය පිළිබඳව ඇය අමල්ගෙන් තොරතුරු විමසුවාය.
“නංගි ඔයා බයවෙන්න එපා ඕලු අක්කත් ඉන්නවනේ. අක්කටයි ඔයාටයි වැඩේ කරගෙන යන්න පුළුවන්.” අමල් කීවේය. එවිට ශශින්ති ඇසුවේ “අයියේ අපි කොහොමද යන්න ඕනේ?” යනුවෙනි. “වැඩි දුරක් නෑ එක්කෝ කරාපිටියට නැත්නම් මකුළුවට. උණවටුනට හා ගාලු කොටුවට විතරයි.”


“අනේ අයියේ ගමේ අය දැක්කොත් මොකද වෙන්නේ.?” ශශින්ති ඇසුවාය. “නෑ නංගි ගමේ අය අඳුරන අය මේ වැඩේට සම්බන්ධ වෙන්නේ නෑ. හොඳ වැදගත් අය තමයි එන්නේ. අපේ පුරුදු කස්ටමස්ලත් ඉන්නවා. මහත්තයාට අහුවෙන්නෙත් නෑ. ඔයා බයවෙන්න එපා. මේක පරිස්සමින් කරන්න පුළුවන්. අපි වැඩේ පටන් ගමු” යැයි ඔහු උත්තර දුන්නේය.


තමා ශශින්ති සමග පවසන මේ සියලු කතා ඇගේ ජංගම දුරකථනයේ පටිගත වන බව අමල් නිකමටවත් නොසිතන්න ඇත. ඒ අමල් ශශින්තිගේ ඇමට හසුවී සිටි බැවිනි. මේ අතර ‍පොලීසියේ සැලසුම පරිදි ශශින්ති අමල්ට ආරාධනා කළේ තම නිවසට එන ලෙසය. 


ඒ අතරේ ‍පොලීසිය උපාය දූතයකු මගින් අමල් ඇමතීය. ඒ කාන්තාවක් වෙන්කර ගැනීමට යැයි පවසමිනි. අමල් ඊට පිළිතුරු දෙමින් කීවේ ‍පෝද්දල හන්දියට පැමිණි පසු ගනුදෙනුව කතා කරගත හැකි බවය. කතාකරගත් නියමිත වේලාවටම අමල් සිය බිරිය වූ ඕලු සමග යතුරුපැදියකින් ‍පෝද්දල හන්දියට පැමිණියේය. 

ගනුදෙනුකරුවාගේ වෙස්ගත් ‍පොලිස් නිලධාරියා එහි විය. පැයක් ගතකිරීමට රුපියල් එක්දහස් පන්සියයක් කාන්තාවට දිය යුතු බව අමල් ඔහුට කීවේය. ඊට කැමැති වූ විට අමල් සිය බිරියව එම පුද්ගලයාට අලෙවි කළේය. එම පුද්ගලයා ඕලු සමග ‍පෝද්දල නිවසට ගියේය. 

අමල්ද ඔවුන් සමග ගියේය. මේ අතර පෙර සැලසුමට අනුව වහාම ක්‍රියාත්මක වූ ‍පොලිස් ස්ථානාධිපති කීර්තිසිංහ තව නිලධාරියකු සමග පැමිණ තිස් දෙහැවිරිදි වියේ පසු වූ මෙම අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත්තේය.

අත්අඩංගුවට පත්වූ මේ යුවළගෙන් ප්‍රශ්න කිරීමේදී සිය බිරිය ගණිකා සේවයේ යෙදවූ අමල් පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණය විය. තිස් දෙහැවිරිදි වියේ පසුවූ අමල් මේ ආකාරයට වසර තුනක් පුරා සිය බිරිය පුද්ගලයන් රැසකට අලෙවි කර තිබුණි. 


ඒ අතර ඕලු මිලදී ගත් කළුතර ප්‍රදේශයේ චීවරධාරීන් දෙදෙනකු ගැනද තොරතුරු හෙළි විය. සෑම මසකට වරක් එක් රාත්‍රියක් ගතකිරීම වෙනු වෙන් රුපියල් දහ දාහක් මේ චීවරධාරීන් දෙන්නා ඕලුට ගෙවා තිබුණි.

සමහර දිනවලදී එය රුපියල් පහළොස් දහසක් දක්වා වැඩිවී ඇත. අමල් යතුරුපැදිය ගෙන තිබුණේ සිය බිරිය ගණිකා වෘත්තියට යොදවන ලද මුදලෙනි.

කෙසේ නමුදු මේ යුවළ දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරයේය. ඒ දණ්ඩ නීති සංග්‍රහයේ 2006 අංක 14 දරන සංශෝධන පනතේ ප්‍රතිපාදන යටතේ තැනැත්තන් වෙළෙඳාම, කුට්ටනය හා මිනිස් ජාවාරම යන චෝදනාව යටතේය. මේ සිද්ධිය පිළිබඳ ‍පෝද්දල ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක කීර්තිසිංහ ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
 
Related Posts with Thumbnails