Ads 468x60px

.

බිරිඳගේ අනියම් සම්බන්ධයට තම දරුවන් දෙදෙනා එල්ලා මැරූ පාපතර පියා...


අනියම් සැමියා සමඟ 
අලුත් ජීවිතයක්‌ 
ගත කරන බව 
සැමියාට කියලා

යටියන්තොට බීඩයවත්ත ප්‍රදේශයේ පියකු ඊයේ (02 වැනිදා) අලුයම නිදියහනේ සිටි තම දරුවන් දෙදෙනා බඳපටියකින් ගෙල සිරකර සාහසික අන්දමින් ඝාතනය කිරීම නිසා මුළයටියන්තොට ප්‍රදේශයම කම්පාවට පත්ව තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙම සාහසික ඝාතනය සිදු කළ පියා ද තම සිරුර තියුණු ආයුධයකින් කපා ගෙන සිය දිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබෙන බවයි.

විදේශගතව සිටින බිරිඳ සමග ඇති කරගත් ආරවුලක්‌ දුරදිග යැම නිසා සැකකාර පියා තම තුන් හැවිරිදි පුත්‍රයා සහ හත් හැවිරිදි දියණිය ගෙල

සිරකර මෙසේ ඝාතනය කර ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී තිබෙනවා.

මෙම සිද්ධිය සැලවීමත් සමඟම එහි ගිය යටියන්තොට පොලිස්‌ ස්‌ථානාධිපති අසේල හේරත් මහතා ඇතුළු නිලධාරීන් සැකකාර පියා අත්අඩංගුවට ගෙන
තිබෙනවා. පොලිසිය නිවසට යන අවස්‌ථාවේ දරුවන් දෙදෙනාගේ සිරුරු නිවසේ ඇඳ මත තිබී සොයා ගෙන තිබිණි.

තම පියා අතින් ඝාතනයට ලක්‌ව ඇත්තේ හත් හැවිරිදි රම්‍යා චතුරංගනී ජෝසප් සහ තුන් හැවිරිදි තරිඳු සසංක ජෝසප් යන දරුවන්ය. ඝාතනයට ලක්‌වූ චතුරංගනී දැරිය යටියන්තොට අලිවත්ත දෙමළ මහා විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි බව පොලිසිය පවසයි.

මෙම දරුවන් දෙදෙනාගේ මව මීට වසර එකහමාරකට උඩදී රැකියාවක්‌ සඳහා විදේශගතවී ඇත. මව විදේශ ගතවීමෙන් පසු දරුවන් දෙදෙනා රැකබලා ගෙන ඇත්තේ සැකකාර පියා සහ ඔහුගේ නැන්දනිය විසින්ය.

සැකකාර පියා සීතාවකපුර ඇඟලුම් කම්හලක සුළු රැකියාවක්‌ කරන පුද්ගලයෙකි. දෙමටගොඩ උපත ලැබූ මොහු යටියන්තොට ප්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත්තේ මීට වසර තුනකට උඩදීය.

පවුලේ අගහිඟකම් නිසා බිරිඳ විදේශ රැකියාවකට ගොස්‌ තිබිණි. සැකකාර පියා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ තම බිරිඳ විදේශ ගතවීමෙන් පසු අනියම් සම්බන්ධතාවක්‌ ගොඩනඟාගෙන ඇති බවයි.

ඇය මේ පිළිබඳව නිතරම තමන්ට පැවසූ බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත. මෙම සිද්ධිය මුල්කරගෙන තමා බිරිඳ සමඟ නිතරම ආරවුල් ඇති කරගත් බවද සැකකරු පවසා තිබේ.

පෙරේදා රාත්‍රි කාලයේදී තම බිරිඳ දුරකථනයෙන් තමන්ට කථා කළ බවත් අනියම් සැමියා සමඟ අලුත් ජීවිතයක්‌ ආරම්භ කරන බව ඇය පැවසූ බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

ඒ අවස්‌ථාවේ දැඩි ලෙස සිත්තැවුලට පත්වූ බව කියන සැකකාර පියා ඊයේ අලුයම 1.30 ට පමණ නිදියහනේ සිටි දරුවන් දෙදෙනාගේ ගෙල බඳපටි දෙකකින් සිරකර තිබේ.

ඒ අවස්‌ථාවේ දරුවන් දෙදෙනා දැඩි වේදනාවෙන් දඟලන්නට පටන් ගෙන ඇත. දරුවන් දඟලනු දුටු සැකකරු ඔවුන් ගැන දුක සිතී දරුවන් අසල තිබූ ඇඳට දමා තිබේ.

එහෙත් ඒ වන විටත් දරුවන් දෙදෙනා මියගොස්‌ සිටි බවද සැකකරු පොලිසියට පවසා ඇත. පසුව තමා අතේ එක්‌ ස්‌ථානයක්‌ පිහියකින් කපාගෙන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර බවද සැකකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිය සැලවීමෙන් පසු අසල්වාසීන් ඒ පිළිබඳව යටියන්තොට පොලිස්‌ ස්‌ථානයට දැනුම් දී ඇත. අත්අඩංගුවට ගත් සැකකාර පියා ඊයේ දහවල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
Related Posts with Thumbnails