Ads 468x60px

.

ආච්චි සහ මල්ලී මරනවා කියා පාසල් දැරිය දුෂණය කල තරුණයා...

එඩේරමුල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක්‌ වසරක පමණ කාලයක්‌ ලිංගික අපයෝජනය සඳහා යොදා ගත් 24 හැවිරිදි අවිවාහක තරුණයකු කඩවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක යුවලක්‌ පවුලේ අනාගත දියුණුව උදෙසා විදෙස්‌ ගත වූයේ තමන්ගේ 15 හැවිරිදි දියණියගේ සහ 7 හැවිරිදි පුතුගේ භාරකාරත්වය ආච්චි අම්මාට පැවරීමෙන් පසුවය. ඔවුන් දිනපතා පාසල් යවා ආරක්‍ෂාව සැලසීම ඇගේ වගකීම විය.

සියල්ල දැන සිටි අසල්වැසි තරුණයෙකු කෙසේ හෝ තරුණිය සමඟ ඇසුරට වැටී හාදකමක්‌ ඇති කරගෙන නිවසට යැමට ඒමටද මග පාදා ගත්තේය.

දිනක්‌ ඇය සමඟ ඇසුරට වැටුන තරුණයා බලහත්කාරයෙන් ඇය සමඟ ලිංගික සබඳකම් පවත්වා එම සිද්ධිය කිසිවෙකුට හෙළිකර තිබුණොත්

ආච්චි අම්මා සහ 7 හැවිරිදි මල්ලී මරා දමන බවට බිය වද්දා පිටව ගොස්‌ තිබේ. 

ඉන්පසු දිගින් දිගටම ඇසුර පවත්වා ගෙන ගිය ඔවුන්ගේ සම්බන්ධය කෙසේ හෝ ආච්චි අම්මාට දැන ගන්න ලැබී පොලිසියට දැනුම් දීමෙන් පසු තරුණයා අත්අඩංගුවට ගැනීමට යන විට ඔහු ප්‍රදේශයෙන් පලායැම සඳහා ඇඳුම් බෑගයද සමඟ බස්‌ නැවතුම්පළේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

පරීක්‍ෂණ පැවැත්වීමෙන් පසු වරද පිළිගත් සැකකරු මහර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අතවරයට පත් බාලවයස්‌ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇය කාලයක්‌ තිස්‌සේ අඹු සැමියන් ලෙස හැසිරී ඇති තැනැත්තියක්‌ බව වාර්තා කර ඇත.

දරුවන්ගේ අනාගත සුභ සිද්ධිය තකා විදෙස්‌ ගතවන දෙමාපියන් දරුවන්ගේ ආරක්‍ෂාව නිසි අයුරු වගකිව යුතු අයෙකුට පවරා නොයැමෙන් මෙවැනි අපරාධ රාශියක්‌ දැනට සිදුව ඇති හෙයින් මේ සිද්ධිය ආදර්ශයට ගන්නා ලෙස අපරාධ අංශයේ ස්‌ථානාධිපති පො.ප. ගැමුණු ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.
 
Related Posts with Thumbnails