Ads 468x60px

.

දිනුඳු දරුවා දින හතරක්‌ තිස්‌සේම හඬා වැළපෙමින් තම මව්පියන් ඉල්ලලා...

දිනිඳුගේ සීයා (දිනුඳුගේ මවගේ පියා) විසින් තම බාල දියණියගේ විවාහයට රුපියල් කෝටියක මුදලක්‌ ලබාදීමට පොරොන්දු වී තිබෙන අතර ඒ පිළිබඳව කප්පම්කරුවන් වෙත තොරතුරු ලැබී තිබූ හෙයින් එම මුදල ලබාගැනීමට ඔවුන් දිනිඳු දරුවා පැහැරගෙන තිබූ බව දැන් hotandfast news වන අපට වාර්තා වුණා.

ඒ අනුව මුළු රටම කම්පාවට පත්කරමින් මීගලෑවේදී පැහැර ගැනීමට ලක්‌ වූ සිව් හැවිරිදි දිනිඳු ඒකනායක දරුවා ගල්ගමුව ප්‍රදේශයේ නිවසක සිරකර සිටියදී පොලිස්‌ නිලධාරීන් විසින් ඊයේ (01) රාත්‍රි 10.00 ට පමණ බේරාගනු ලැබු පුවත මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම සිඟිති දරුවා සිරකරගෙන සිටි සැකකරුවන් සිව්දෙනා ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පරීක්‍ෂණ වලින් හෙළිවී ඇති තොරතුරු

අනුව රුපියල් කෝටියක කප්පම් මුදලක්‌ ලබාගැනීම සඳහා සන්නද්ධ කණ්‌ඩායම මෙම දරුවා පැහැරගෙන ගොස්‌ සිරකරගෙන සිට ඇති බවයි.

සැකකරුවන් දින හතරක්‌ තිස්‌සේ ගල්ගමුව පිහිටි නිවසක ඉතාම රහසිගත ආකාරයට දරුවා සිරකර තබාගෙන ඔහුගේ පියාට වරින්වර කතා කර අදාළ කප්පම් මුදල ලබාදෙන ලෙස තර්ජනය කර
තිබෙනවා.

පැහැර ගැනීමට ලක්‌වූ දිනිඳු ඒකනායක දරුවා ඊයේ රාත්‍රියේදීම වෛද්‍ය වරයකු වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය විසින් පියවර ගෙන තිබුණා. දරුවා සොයාගන්නා අවස්‌ථාව වන විට ඔහු දැඩි භීතියටත් කම්පනයටත් පත්ව සිටි බව පරීක්‍ෂණය මෙහෙයවූ නිලධාරියෙක්‌ පැවසුවා.

මෙම දරුවා දින හතරක්‌ තිස්‌සේම හඬා වැළපෙමින් තම මව්පියන් ඉල්ලා ඇති බව සිදුකරන ලද පරීක්‍ෂණවලින් අනාවරණය වී
තිබෙනවා.

ඒ පිලිබඳ අපගේ පෙර පුවත්  

මීගලෑවෙන් පැහැරගත් දරුවා සොයා ගනී : පොලිසිය දරුවා මවට භාර දෙයි
ඉතිහාසය තවදුරටත් ඉදිරියට ගෙන යැමට තැත් කරන නීච අවලමුන්ට කියන වගනම්
මාමලා මල්ලි අරන් යනකොටත් මල්ලි අපි දිහා බල බල ඇඬුවා - අක්කා කියයි.  
බල්ලන්ට කරන අවමානයක්‌ ලෙස බල්ලෝ නොගනිත්වා! 
පැහැර ගත් දරුවා සොයන්න මහජන සහය පතයි. 
තාත්තාට මරණීය තර්ජන කර අක්‌කාට පිහියෙන් ඇන පුතා උස්‌සන් ගිය නරුමයන්.
ධනිඳු දරුවා සෙවීමට සීඅයිඩිය මිගලෑව වටලයි
අසරණකමට දරුවා ඉල්ලා පෝස්ටර්ද ගසයි
දරුවා හම්බ වුණේ නැත්නම් මම මෙතන මැරිලා යයි
 
Related Posts with Thumbnails