Ads 468x60px

.

මීගලෑවෙන් පැහැරගත් දරුවා සොයා ගනී : පොලිසිය දරුවා මවට භාර දෙයි


කෝටියක කප්පම 
ලක්ෂ 35 දක්වා 
අඩුකර ගැනීමට 
හැකිවුණා.

දින හතරකට පෙර මීගලෑවේ නිවසකින් පැහැර ගත් සිව් හැවිරිදි දිනිඳු යශේන් ඒකනායක දරුවා රහස් පොලිසියෙන් සොයා ගත් බව අප වෙත වාර්තා වෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ දරුවා පැහැර ගත් සැකකරුවන් හඳුනා ගත් බවයි. 

දරුවා ලබා දීමට නම් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලූ බවට පොලිසියට තොරතුරු ලැබී තිබුණා. පැහැරගත් දරුවා බළලුවැව කැළැවේ සිටිතියි ලැබුණු ඔත්තුවක් ඔස්සේ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩාමක් ද  කැලය  බලා යන්නට සූදානමින්
සිටියදි මෙම දරුවා ඇඹෝගම ප්‍රදේශයට ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය පවසනවා.

සාමාන්‍ය ඇඳුමින් සැරසුණු පොලිස් නිලධරයෝ, බුද්ධි අංශ  සහ රහස් පොලිසිය වළල්ලක් සේ  ප්‍රදේශයම වටකරගෙන සිටි නිසාත්  අපරාධ කරුවන්ට පැන යන්නට අවස්ථාව ලැබී නැත.

දරුවා පැහැරගත් පිරිස දරුවගේ පියාගෙන් රුපියල් කෝටියක කප්පමක් ඉල්ලා ඇතත් කප්පම් නොදී  දරුවා බේරා ගැනිමට පොලිසිය යෙදු උපක්‍රම සමත් විය.

දරුවාගේ මව තම දරුවා හඳුනාගත්තාය. සහකාර පොලිස් අධිකාරීවරයා  දරුවා සොයා ගන්නා විටත් දරුවාගේ මව පොලිස් කණ්ඩායම සමඟ එහි ගොස් සිටි බව පොලිසිය කියයි. 


දරුවා බේරාගැනීමට මාධ්‍ය විශාල සහයෝගයක් දී තිබු අතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

‘‘ දරුවා පැහැරගෙන ගියේ කප්පම් මුදලක් ගැනීමට. මේ බව දැන සිටියත් මාධ්‍ය ඉතාමත් වගකීමෙන් කටයුතු කරමින් ඒ බව වාර්තා කළේ නැහැ. විමර්ශන කටයුතු කරද්දී අපිට මාධ්‍යයට දීමට පුළුවන් වුණේ තොරතුරු වලින් කොටසක් පමණයි. 


මාධ්‍ය එය කීවානම් කප්පම් කරුවන් දරුවා මරා දැමීමට පවා ඉඩ තිබුණා. දරුවාගේ සීයා මවගේ තාත්තා ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙක් නිසා තමයි මේ කප්පම් ගැනීමට උත්සාහ කරලා තිබෙන්නේ. කෝටියක කප්පමක් ඉල්ලුවා. එය ලක්ෂ 35 දක්වා අඩුකර ගැනීමට හැකිවුණා. 

මාධ්‍ය මේ අවස්ථාවේ දැඩි වගකීමක් අරගෙන කටයුතු කිරීම හේතුවෙන් අපිට දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකියාව ලැබුණා. ඒ නිසා විශේෂයෙන් ම එවැනි මාධ්‍ය ආයතනවලට මේ අවස්ථාවේ ස්තූති කළ යුතුයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුව පමණක් ලැබූ ජයග්‍රහණයක් පමණක් නොවෙයි.  “ 

දරුවා කැලැ ප්‍රදේශයක ගල් ගුහාවක රඳවාගෙන සිටි බවත් ඔවුන් දරුවාට නූඩ්ල්ස් කන්නට දුන් බවත් පැවැසීයැයි දරුවාගේ සීයා මීට සුළු මොහාතකට පෙර මාධ්‍යට අදහස් දක්වමින් ගල්ගමුව පොලිසියේ දී කියා සිටියේය. රුපියල් ලක්ෂ 35ක කප්පමක් ඉල්ලා ඇතැයි ද ඔහු පැවැසීය. 

ඒ පිලිබඳ අපගේ පෙර පුවත් 

ඉතිහාසය තවදුරටත් ඉදිරියට ගෙන යැමට තැත් කරන නීච අවලමුන්ට කියන වගනම්
මාමලා මල්ලි අරන් යනකොටත් මල්ලි අපි දිහා බල බල ඇඬුවා - අක්කා කියයි.  
බල්ලන්ට කරන අවමානයක්‌ ලෙස බල්ලෝ නොගනිත්වා! 
පැහැර ගත් දරුවා සොයන්න මහජන සහය පතයි. 
තාත්තාට මරණීය තර්ජන කර අක්‌කාට පිහියෙන් ඇන පුතා උස්‌සන් ගිය නරුමයන්.
ධනිඳු දරුවා සෙවීමට සීඅයිඩිය මිගලෑව වටලයි
අසරණකමට දරුවා ඉල්ලා පෝස්ටර්ද ගසයි
දරුවා හම්බ වුණේ නැත්නම් මම මෙතන මැරිලා යයි

 
Related Posts with Thumbnails