Ads 468x60px

.

අමල් පෙරේරා ආයෙත් හොරකම් කරන්න ගිහින් මාට්ටු...

අමල් මාව දැකපු හැටියේ 
අනේ අංකල් මට සමාවෙන්න 
අපි පස්සේ කතා කරමු 
කියලා යන්න ගියා.

සුභාවිත ගී රැසක් සිංහල සංගීත ක්ෂේත්‍රයට දායාද කළ මේ ප්‍රබුද්ධ සංගීතවේදියා අදටත් ‍පොදු සංගීත රසිකයන් අතරේ ආලෝකමත් තරුවක් ද වෙයි.

එමෙන්ම ශ්‍රී ලාංකීය දූ පුතුන් අතිවිශාල පිරිසකට තමන් සතු සුවිශේෂ සංගීත දැනුම නොමඳව ප්‍රදානය කළ සංගීත ගුරුවරයකු, විශ්වවිද්‍යාල කථිකාචාර්ය සහ මහාචාර්යවරයකුද වනවා. 

ඒ වෙනකක් නොව සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතායි. ඔහුගේ මෑත කාලීන ජනප්‍රියතම ගීයක් වන "විකසිත වත කම‍ලේ" යන ගීතය අමල් පෙරේරා විසින් ගායනා කිරීම පිළිබඳව ඔහු එක්තරා පුවත් පතකට අදහස් දක්වා තිබුණා.

ඔහු ඒ පිලිබඳ දැක්වූ අදහස් පහතින්.

ඒක ඔය රිගිං ටෝන් කලාවේ ප්‍රතිඵලයක්. අමල් ඔය ගීතය ගයන බව මට දුරකථනයෙන් හෝ කතාකරල කිව්වා නම් කමක් නැහැ. එයාගේ
තාත්තාත් අපේ පරපුරේ ප්‍රවීණ සංගීතඥයෙක්, ගායකයෙක්. ඒ නිසා එයාට එයාගෙ තාත්තගෙ ගීතයක් ගයන්න තිබුණා.

ඔය ගීතය අමල් ගැයූ බව මම දන්නෙත් ඒ ගීතය ගුවනින් ප්‍රචාරය වෙද්දී. එකම එක දවසක් නම් අමල් මා හමුවුණා. මාව දැකපු හැටියේ ‘අනේ අංකල් මට සමාවෙන්න අපි පස්සේ කතා කරමු’ කියලා යන්න ගියා. මම මොකුත්ම නොකියා එයා මගෙන් සමාව ඉල්ලන්න කරපු වරද මොකක්ද කියලා දන්නෙත් එයාම තමයි.

එහි තවත් විස්තර පහතින්

සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා විසින් ගායනා කරනු ලබන "විකසිත වතකමලේ" ගීතය ඔහුගේ කිසිදු අවසරයකින් තොරව රිගින් ටෝන් සඳහා විකුණා ඇති බව පසුගියදා පුවත්පත් මගින් හෙළිකොට තිබුණි.

මෙම ගීතය රිගින් ටෝන් මගින් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් නැවත සකස්කොට (REMAKE) එලි දක්වන ලද්දේ මෙරට රිඟින් ටෝන් මාෆියාවේ දැවැන්තයා වන "ඉවෝක් මියුසික්" සමාගම විසිනි.

මෙයට පෙරද ඉවෝක් සමාගම විසින් සිදුකරනු ලැබූ මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධව අප විසින් හෙළිකරනු ලැබූ අතර මහාචාර්ය සනත් නන්දසිරි යනු ඔවුන්ගේ සමාගමට ගොදුරු වූ තවත් එක් ගායකයෙකු පමණි.

කැසිනෝ වලට දැඩි ලෙස ඇබ්බැහි වී සිටින අමල් පෙරේරා ද හුදෙක් මුදල් ඉපයීමේ පරමාර්ථයෙන්ම මෙම ගීතය නැවත ගායනාකොට ඇති අතර ඒ පිළිබඳව මුල්ගයකයා දැනුවත්කොට තිබුනේද නැත.

මෙම සිදුවීම සම්බන්ධව මහාචාර්ය සනත් නනදසිරි මහතා පුවත්පතකට ප්‍රකාශකොට තිබුනේ මෙවැන්නකි.

"ඒක ඔය රිගිං ටෝන් කලාවේ ප්‍රතිඵලයක්. අමල් ඔය ගීතය ගයන බව මට දුරකථනයෙන් හෝ කතාකරල කිව්වා නම් කමක් නැහැ. එයාගේ තාත්තාත් අපේ පරපුරේ ප්‍රවීණ සංගීතඥයෙක්, ගායකයෙක්.

ඒ නිසා එයාට එයාගෙ තාත්තගෙ ගීතයක් ගයන්න තිබුණා.ඔය ගීතය අමල් ගැයූ බව මම දන්නෙත් ඒ ගීතය ගුවනින් ප්‍රචාරය වෙද්දී. එකම එක දවසක් නම් අමල් මා හමුවුණා. මාව දැකපු හැටියේ ‘අනේ අංකල් මට සමාවෙන්න අපි පස්සේ කතා කරමු’ කියලා යන්න ගියා.

මම මොකුත්ම නොකියා එයා මගෙන් සමාව ඉල්ලන්න කරපු වරද මොකක්ද කියලා දන්නෙත් එයාම තමයි."


මුල් ගීතය
 
අමල් පෙරේරා විසින් ගායනා කරන ගීතය 
 
Related Posts with Thumbnails