Ads 468x60px

.

දුම්රියත් දුම්රිය වේදිකාවත් අතර කකුල සිරවූ මගියාගේ නොඇසූ කතාව..

මිනිසුන් පිරිසක්‌ එකතු වී දැවැන්ත දුම්රියක්‌ තල්ලු කරනු ඔබ බයිස්‌කෝප් චිත්‍රපටයකින් දුටුවොත් මෙය නම් කිසි සේත්ම විය නොහැකි දෙයක්‌ යෑයි පවසනු ඇත. 

එහෙත් පසුගියදා ඔස්‌ටේ්‍රලියාවේදී එවැන්නක්‌ ඇත්තටම සිදු විය. "සිත ඇත්නම් පත කුඩාද" යන කියමන ඔප්පු කරනු ලබන මෙම කතාව පසුගියදා සමහර විට ඔබ රූපවාහිනි නාලිකා මගින් දුටුවා විය හැකි නමුදු එය කතාවක්‌ ලෙස කියවා බැලීමට අපි මෙහි පළකරමු.

මහජනයාගේ ශක්‌තියෙන් දුම්රියත් දුම්රිය වේදිකාවත් අතර කකුල සිර වූ මගියකුගේ ජීවිතය බේරාගැනීමට හැකිවීමේ අපූරු පුවතක්‌ පසුගියදා ඔස්‌ටේ්‍රලියාවේ පර්ත් නුවරින් අසන්නට දකින්නට ලැබුණා.

පර්ත් නුවර ස්‌ටර්ලින් දුම්රිය නැවතුම්පළේදී මේ සිද්ධිය සිදු වූ අතර එයට ලොව ජනමාධ්‍යයන්ගේ ප්‍රමුඛ අවධානය යොමු වුණා. පර්ත් නුවර බලා යන දුම්රියකට පෙරවරු 8.50 ට පමණ ගොඩවීමට ගිය මේ මගියාගේ

කකුලක්‌ දුම්රියත් වේදිකාවත් අතර සිර වුණා. මේ අවස්‌ථාවේ දුම්රිය, මගීන්ගෙන් පිරී පැවතුනා.

ඒ සියලු දෙනාම කාර්යාල බලා යන මගීහු වූහ. "මේ වෙන විට කකුල සිර වූ මනුස්‌සයා බෙරිහන් දෙමින් කෑගසමින් සිටියා. මේ අවස්‌ථාවේම අපි දුම්රිය රියෑදුරුට කියලා දුම්රිය නැවැත්තුවා.

ඊට පස්‌සේ දුම්රිය මගීන් බස්‌සලා ඒ අයට මේක දැන්වුවාම සියලු දෙනාම එක්‌වෙලා දුම්රිය පැත්තකට තල්ලුකරගෙන හිටියා. කකුල හිර වූ අයට එතකොට කකුල ගලවාගන්නට පුළුවන් වුණා. ඇත්තටම ජනබලයෙන් තමයි මොහුව බේරාගන්න පුළුවන් වුණේ" යනුවෙන් එම දුම්රිය සමාගමේ ඩේවිඩ් හයින්ස්‌ ප්‍රකාශ කළේය.

ඇත්තටම මේ කකුල හිරවුණේ අධික මගීන් ප්‍රමාණයක්‌ සිටීම නිසා නොවේ යෑයි හෙතෙම කීය. එයට හේතුව ඔහුගේ කකුල ලිස්‌සා යැම පමණි. හයින්ස්‌ කීවේය.

මේ අවස්‌ථාවේදී ගිලන් රථ ද දුම්රියපළට රැගෙන එනු ලැබුවද මේ පුද්ගලයා රෝහල වෙත රැගෙන නොගියේ ඔහුට බරපතළ තුවාලයක්‌ සිදුවී නොතිබුණු නිසාය. මෙම සිද්ධිය සිදුවූයේ ඉකුත් 06 වැනි බදාදා දිනයේය.

මෙවැනි සිද්ධියක්‌ පසුගිය වසරේ ජපානයෙන් වාර්තා වූ අතර එහිදී කාන්තාවක්‌ දුම්රිය වේදිකාව හා දුම්රිය අතර සිරවිය. ඒ අවස්‌ථාවේදී ද මගීහු ටොන් 32 ක්‌ බරැති දුම්රිය තල්ලු කර මේ ජපන් කත බේරා ගත්හ. ජනතා බලයට යකඩ කඳන් පරාජය කළ හැකි බව එයින්ම පෙනී යයි.

සිත ඇත්නම් පත කුඩාද? මිනිස්‌ බලයට සියලු බලය යටයි යන කියමන මිනිසා කීවේ නිකන්ම නොවේ. ඒ කියමන අපි යළිත් සිහි කරමු.


 
Related Posts with Thumbnails