Ads 468x60px

.

සිසුවා ගුරුතුමිය ගේ ඔලුව නිරුවත් කාන්තා පින්තූරයකට බැස්සු හේතුව

අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක්‌ මේ දිනවල පැවැත් වෙන අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිට ගෙදර යන අතර පිහි පහරකට ලක්‌වෙයි. 

එකකු ඔහුට පිහියෙන් අනින අතර ඒ කටයුත්ත පහසු කරනු සඳහා තවකෙකු ඔහු අල්ලාගෙන සිටියි. අන්තිමේදී තුවාලකරු අම්බලන්ගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයට දමනු ලැබේ. 

දිගින් දිගට කරුණ සොයා බලන විට පෙනී යන්නේ සිද්ධිය පිටුපස ගෑනු හුටපටයක්‌ තිබෙන බවය. ශිෂ්‍යයා තමාට පිහියෙන් ඇන්න පුද්ගලයාගේ පෙම්වතියට SMS එක්‌ක යෑවීලු·

ඒ අතර කොළඹට ආසන්න ප්‍රධාන නගරයක පිහිටි ජාත්‍යන්තර පාසලක උගන්වන තරුණ ගුරුවරියක්‌ සිය නිරුවත් ඡායාරූපයක්‌ Face Book වෙබ් අඩවියෙහි දකී. එහෙත් ඇය කවදාවත් නිරුවත් පින්තූරයකට පෙනී

සිට නැත. 

තවදුරටත් සොයා බලන විට ඇයට දැන ගන්නට ලැබෙන්නේ තමාගෙන් උගන්නා නව යොවුන් ශිෂ්‍යයකු අන්තර්ජාලයෙන් ලබාගත් නිරුවත් ගැහැනු පින්තූරයකට තම මුහුණ සෙට්‌ කර ඇති බවය. පසුව උසාවි දැමූ ශිෂ්‍යයා ඇප ලබා ගෙදර යයි.

ඉහත සඳහන් සිද්ධි දෙකටම නූතන තාක්‍ෂණය සම්බන්ධ ය. SMS එකක්‌ මගින් අනුරාගය, ප්‍රේමය හෝ කෝපය සන්නිවේදනය කිරීම ෆෝන් කෝල් එකක්‌ මගින් එම කාරණා සන්නිවේදනය කිරීමට වඩා ලාභදායකය. 


පාරවල් අයිනේ හිටගෙන තාප්පවලට හේත්තුවීගෙන, බස්‌ හෝල්ට්‌වල හැංගීගෙන, ගිනි අව්වේ චාටර් කාගෙන සෙලියුලර් දුරකථන දිහා බලාගෙන ටක ටකස්‌ ටකටස්‌ යනාදි වශයෙන් SMS කොටන තරුණ පරම්පරාවක්‌ අද අපේ ඇස්‌ ඉදිරිපිට සිටිති. 

ඉස්‌සර ලියුම් දුන් අය අද SMS යවති. අවුරුදු 8 සිට 80 දක්‌වා වයස්‌වල සිටින වැඩිදෙනා අත 'සෙල් ෆොන්' තිබේ. ඒවා මගින් තමන්ගේ පෙම්වතියට පමණක්‌ නොව අනුන්ගේ බිරියන්ටද SMS යෑවීම වැළැක්‌ වීමට නොහැක. 

දෙවැනි සිද්ධියට අදාළ නව යොවුන් ශිෂ්‍යයා තම ගුරුතුමියගේ ඔලුව නිරුවත් කාන්තා පින්තූරයකට බස්‌සන්නේ පරිගණකයේ තිබෙන Photoshop නමැති Software ආධාරයෙනි. 

ගැහැනියක්‌ රවටා හෝටල් කාමරයකට ගෙන ගොස්‌ ඇය තවදුරටත් රවටා නිරුවත් කර ඇය තුන්වන සැරේටත් රවටා නිරුවත් ඡායාරූප ගන්නවාට වඩා ඇගේ මුහුණේ පින්තූරයක්‌ ගෙන වෙනත් තරුණියකගේ කඳට එකතු කිරීම නවීන තාක්‍ෂණය නිසා ඉතා පහසුය. 

එහි තර්කයක්‌ නැත. නවීන තාක්‍ෂණය නිසා ලෝකය තනි ගම්මානයක්‌ බවට පත්ව තිබේ. රටක්‌ යනු නිවසක්‌ හා සමාන ඒකකයකි. එහෙත් නවීන තාක්‍ෂණය හරහා ලිංගික කටයුතු ඉතා පහසු වීම තුළ අවුලක්‌ තිබෙන බව අප තේරුම් ගත යුතුය. 

SMS ප්‍රේමය වහා පටන්ගෙන, අදාළ මාසයේ දුරකථන බිල එන්නටත් කලින් අවසන් වන්නේය. එවිට පිහි පහරවල් ෂුවර් ය. පරිගණකය මගින් ගැහැනියක්‌ නිරුවත් කළ විට රිමාන්ඩ් වීම ෂුවර්ය.

මේ වැකිය ආරම්භයේදී සඳහන් වූ සිද්ධීන් දෙක හා සමාන සිද්ධීන් ලොව පුරා රටවල ඉතා සුලභ වෙමින් පවතී. Free Sex ලෙස හැඳින්වෙන නිදහස්‌ ලිංගික සම්බන්ධතා පවතින යුරෝපයට එවැනි සිද්ධීන් එතරම් වැදගත් නැතත් සංස්‌කෘතික බැමිවලින් බැඳී තිබෙන ශ්‍රී ලංකාව වැනි රටවලට එවැනි සිද්ධීන් විශාල වශයෙන් වැදගත් ය. 


සත්ත්ව සමූහය පවතින්නේ ලිංගික බැඳීම් නිසා බව ඇත්ත. එහෙත් සමාජය පවතින්නේ සංස්‌කෘතික බැඳීම් නිසාය. ඉහත සඳහන් සිදුවීම් දෙක කතුවැකියකට නිමිත්ත වීමට තරම් වැදගත් වන්නේ ඒ නිසාය.
 
Related Posts with Thumbnails