Ads 468x60px

.

ලොව ප්‍රථම වතාවට පිරිමින්ටත් තනපටයක්

ලොව ප්‍රථම වතාවට පිරිමින්ට වෙන්වූ තනපටයක් ජපාන යෙන් හඳුන්වා දී තිබෙනවා. මෙම පිරිමි තනපට නිෂ්පාදනය කොට අලෙවි කරනු ලබන්නේ Kaku Nishioka නම් ජපන් වැසියෙකු විසිනුයි.

ජපානයේ අලෙවි වන මෙම පිරිමි තනපටය නම්කොට ඇත්තේ Floral Goodnight Bra යනුවෙ
නුයි. මෙම තනපටය පැළඳිය යුතු වන්නේ රාත්‍රීයේ නින්දට යන මොහාතේ බවත් එය පැළඳ නිදාගැනීමෙන් ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා බොහෝ වාසි අත්වන බව එහි නිෂ්පාදක Kaku Nishioka විසින් මාධ්‍යය වෙත අදහස්පලකොට තිබෙනවා.

වැඩිදුරටත් අදහස් පලකරන ඔහු මේ සම්බන්ධව කියා තිබුනේ මෙවැන්නක්.


"ගොඩක් පිරිමි අය තාම මේක ගැන දන්නේ නැහැ. පිරිමියෙකුගේ උදරය හා පපුව නෙරා ඇත්නම් ශරීරයේ හැඩය පවත්වා ගැනීමේ ගැටළු ඔවුන් ටත් ඇති වෙනවා. ඒක වලක්වන්න තමයි මෙම නිෂ්පාදනය වෙළඳ පොලට එන්නේ.."

මල් මල් සහිත තනපට, රෝස පැහැයෙන්, ලා කොළ පැහැයෙන් යුත් මෙම තනපට ජපානයේ ටෝකියෝ නුවරින් මිලදීගැනීමේ හැකියාව
තිබෙනවා.
 
Related Posts with Thumbnails