Ads 468x60px

.

ගුරුවරියකගේ මුහුණ නිරුවත් කාන්තා රුවකට බද්ධකර ෆේස්‌බුක්‌ දැමූ සිසුවාට ඇප

නුගේගොඩ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ගුරුවරියකගේ මුහුණ නිරුවත් කාන්තාවකගේ ඡායාරූපය කට බද්ධ කර එම ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැරි බව කියන එම පාසලේ 14 හැවිරිදි බාල වයස්‌කාර සිසුවෙක් පිලිබඳ  පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.

එම සිසුවා රුපියල් ලක්‍ෂයක්‌ වටිනා ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණයෙන් නියම වුනු අතර ගුරුවරිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට කරන ලද පැමිණිල්ලක්‌ අනුව සිසුවා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ පිළිබඳව තව දුරටත් සොයා බැලූ අපට දැන ගන්නට ලැබුණේ ගුරුවරිය සිය පැමිණිල්ල ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමාගේ මුහුණ සහිත නිරුවත් ඡායාරූපයක්‌ ෆේස්‌බුක්‌ ගිණුමක තිබෙන බව හිතවත්
ගුරුවරියක්‌ ඇයට දැනුම් දීමෙන් තමන් ඒ පිළිබඳව සොයා බැලූ බවයි.

එම
ෆේස්‌බුක්‌ ගිණුමේ පෙනී සිටින පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව හඳුනාගැනීම සඳහා පැමිණිලිකාරිය සිය ෆේස්‌බුක්‌ ගිණුම හරහා එකී පුද්ගලයා සමග අදහස්‌ හුවමාරු කරගෙන ඇති බවත්, පසුව එකී පුද්ගලයා පැමිණිලිකාරියගේ දුරකථන අංකය ඉල්ලා සිටි නිසා ඇය සිය ඥතියකුගේ දුරකථන අංකයක්‌ ලබා දී ඇති බවත් අනාවරණය වුණා. 

ගුරුවරිය ලබාදුන් දුරකථන අංකයට සැකකාර පුද්ගලයා ඇමතුම් ලබාදී ඇති බවත්, ඉන් පසුව පැමිණිලිකාරිය එම දුරකථන අංකය හරහා එකී පුද්ගලයා කවුද යන්න පිළිබඳව සොයා බැලීමේදී ඔහු තම පාසලේ ඉගෙනුම ලබන බාල වයස්‌කාර සිසුවකු බව අනාවරණය කරගෙන ඒ පිළිබඳව අපරාධ පරීක්‍ෂණයට දන්වා ඇති බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර සිසුවා "ප්‍රනාන්දු" නමැති ව්‍යාජ නමකින් පෙනී සිටිමින් මේ කටයුත්ත කර ඇති බවත්, තවත් එම විද්‍යාලයේ ගුරුවරියන් කීප දෙනකුටද මෙවන් අපහාසයන් කර ඇති බව අනාවරණය වන බවත්ය. සැකකාර සිසුවාගේ විදෙස්‌ ගමන් තහනම් කිරීමටද පරිවාස වාර්තාවක්‌ කැඳවන ලෙසට ද අධිකරණයෙන් නියම කෙරිණි.


සිසුවා ගුරුතුමියගේ ඔලුව නිරුවත් කාන්තා පින්තූරයකට බැස්සු හේතුව...
ෆේස්බුක් ගුරුවරියගේ රුව නිරුවත් කල සිසුවා
 
Related Posts with Thumbnails