Ads 468x60px

.

රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී (වෙද හාමිනේ) ජීවිතයෙන් සමුගනී

ප‍්‍රවීන රංගන ශිල්පිනී රෙබෙකා නිර්මලී අද අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත වූ බව hotandfastnews අප වෙත වාර්තා වෙනවා. 

වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙන් ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයින් හඳුනාගත් ඇය අද පාන්දර දිවියෙන් සමුගත් බව සංවේගයෙන් යුතුව වාර්තා කරන්නට අපට සිදුව තිබෙනවා. 

මිය යනවිට ඇගේ වයස අවුරුදු 49 කි. පසුගිය දිනවල අසාධ්‍යව පිළිකා රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇයට සුවය පතා කලාකරුවන් නොයෙකුත් සෙත්පැතීම්වලද නිරතවූ අතර ඇයගේ මේ සමුගැනීම බොහෝ දෙනෙකුට සිත් සසල කරවන ආරංචියකි.

පිළිකා රෝගය නිසා පසුගිය මාස දෙකක පමණ කාලයක සිට ඇය රෝහල් ගතව සිටියා. එක්දරු මවකවූ ඇගේ දියණිය ඈන්ය. පිළිකා රෝග සුව කරන්නියක ලෙස වෙදහාමිනේ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක හදවත් වැළඳගත් ඇය එම රෝගයටම ගොදුරුවී මියයාම එක් අතකින්

දෛවෝපගතය.

අනුරාධපුරයෙන් කොළඹට පැමිණ ටෙලි ක්ෂේත්‍රයට එක්වූ රෙඛෙකා ටෙලිනාට්‍ය 150 ක පමණත් චිත්‍රපට කිහිපයකත් රගපා ඇති අතර සම්මාන වලින්ද ඇය පිදුම් ලබා ඇත.



වෙද හාමිනේ ලෙසින් 1987 වසරේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තබා ජනප්‍රියත්වයට පත් රෙබෙකා නිර්මලී වෑ දිය රැල්ල, සේක්කුගෙදර, ජීවිතය සුන්දරයි, කප් සුවහස්කල්, රත්නලිය වලව්ව, මොණරතැන්න, අකාල සන්ධ්‍යා, මිණිපුර හටන, ආදරවන්තයෝ, නිසල දිය සසල විය, දඩුබස්නාමානය, කඩුළු තහංචිට, දිය සායම්, දෙදහක් යන නිර්මාණ තුලින් ඇය සිය රංගන කෞශල්‍යය විදහා පෑවාය, මෙවන් කලාකරුවෙකු දැයට අහිමි වීම අපට ඉමහත් දුකකී.

ලබන නොවැම්බර් 27 වන දින රෙඛෙකා ඇගේ 50 වන ජන්ම දිනය සමරන්නට බලාපොරොත්තුවෙන් සිටි අතර එයට පෙර ඇයට සමුගන්නට සිදුවුණා. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.


රෙඛෙකා වෙදහැමිනේ ලෙස රංගනයෙන් එක්වූ වෙදහාමිනේ ටෙලිනාට්‍යයේ ඇගේ රංගනය සහිත සඳකැන් දහරින් ගීතය පහතින්


 
Related Posts with Thumbnails